• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ප්‍රභාකරන්ගෙ ‌ගෙදරට ගිහින් හඩාවැලපුණු තමිල්නාඩු නළුවා

September 30, 2019
in News, Politics
Reading Time: 4 mins read
A A
ප්‍රභාකරන්ගෙ ‌ගෙදරට ගිහින් හඩාවැලපුණු තමිල්නාඩු නළුවා
Share on WhatsAppShare on Facebook

අර මනුස්සයා අර ‌ගේ දිහා බලාගෙන වදිනවා. අඩනවා. පිස්සෙක්ද ‌කොහෙද?

මහමඟ ගමන්ගත් මිනිසුන් කිහිපදෙනකු මේ වදන් මුමුණද්දී අර පුදුමාකාර මිනිසා තමන්ගේ ක්‍රියාව විනාඩි කිහිපයක්ම සිදුකළේය. තම දෙඅත් ඉහළට ගෙන යමක් සිතෙන් ප්‍රාර්ථනය කරන්නාක් මෙන් වැඳවැටෙයි. මේ අතරේ මහ මඟ සිටි මිනිසුන් අතරට තවත් මිනිසෙක් අහම්බෙන් මෙන් පැමිණියේය. ඔහු තමන් යන්නට ආ ගමනද පසෙක දමමින් තම හිස එතැනට පොවමින්, තම දෙනෙත් විහිදුවමින් වඳින මිනිසා දෙස බලන්නට ගත්තේය. සැණෙන් ඔහු මහා විස්මයකින් තිගැස්සී ගියේය. දෙනෙත් අදහාගන්නට බැරි විය.
“දෙවියනේ මේ පිස්සෙක් නෙවෙයි. මේ අර දකුණු ඉන්දියානු සිනමාවෙ ඉන්න ජනප්‍රිය නළුවෙක්. මෙයා හරිම ජනප්‍රිය විකට නළුවෙක්. නම සතිශ් කුමාර් වගේ මට මතකයි. මෙයා මොකක්ද මේ ලංකාවට ඇවිල්ලා කරන්නේ. අපි කතා කරලා බලමු.”
“ඔබ ජනප්‍රිය නළු සතිශ් කුමාර් නේද? මේ ඝාතනයට පත්වුණු එල්.ටී.ටී.ඊ. කොටි නායක ප්‍රභාකරන්ගේ ගෙදර ළඟ ඔබ මොකද කරන්නේ? අනෙක ඔබ තනියම මෙතනට ආවේ කොහොමද?”

“ඔව් මම සතිශ් කුමාර් තමයි. මට සමහරු එහෙම කතා කළාට සිනමාවේ මගේ නම සතිශ් මුතුක්‍රිෂ්ණන්. මියගිය එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් ජීවත් වුණු ගෙය බලන්නට මට ලොකු ආශාවක් ඇති වුණා. ඒ ගැනත් සිතාගෙන මම ශ්‍රී ලංකාවට සංචාරයක් ආවා. මට මෙතැන දැක්කාම සහ ප්‍රභාකරන් මතක් වුණාම ලොකු ගෞරවයක් සහ කනගාටුවක්ද ඇති වුණා. ඒකයි මම හැඬුවේ. වැඳවැටුණේ. දකුණු ඉන්දියානු නළුවා කියන්නට ගත්තේය.
සැබැවින්ම මොකක්ද මේ අරුම – පුදුම කතාන්දරය. සතිශ් කුමාර නොහොත් සතිශ් මුතුක්‍රිෂ්ණන් කියන්නේ කවුද? ඔහුගේ මේ ජවනිකා පෙළ කුමක්ද? මොහු කොටි හිතවාදියෙක්ද, එසේත් නැතිනම් ප්‍රභාකරන්වාදියෙක්ද? මෙවැනි ප්‍රශ්න රැසකින් අපගේ මනස වෙළා ගනියි. මේ ආකාරයේ තත්ත්වයක් නිසාම මොහු ශ්‍රී ලංකාවට පැමිණ දැක්වූ ප්‍රතිචාරය ගැන උතුරේ ආරක්‍ෂක අංශවලට සැක පහළ වී ඇති අතර, ඒ ගැන ඔවුන් පරීක්‍ෂණයක්ද සිදුකරන්නට කටයුතු යෙදුවේය. සතිශ් මුතුක්‍රිෂ්ණන් නමැති රංගන ශිල්පියා ශ්‍රී ලංකාවට පැමිණියේ කාගේ ආරාධනාවක් මත දැයි සොයා බලන්නට කටයුතු කළේය. එහෙත් එම වගතුග තවම එළිපෙහෙළි වී නැත. සතිශ් මුතුක්‍රිෂ්ණන් දින කිහිපයක් උතුරේ ගතකර නැවත ඉන්දියාවට ගොස් ඇත. මෙහිදී එම රංගන ශිල්පියා ගැන අප කරුණු සොයා බැලුවෙමු.

සතිශ් මුතුක්‍රිෂ්ණන් දැනට 32 වැනි වයෙහි පසුවන දකුණු ඉන්දියානු තරුණයෙකි. ඔහු උපත ලබා ඇත්තේ 1987 මැයි 23දා දකුණු ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තයේ සලෙම් නගරයේදීය. මුතුක්‍රිෂ්ණන් ඔහුගේ පියාගේ වාසගම වෙයි. අම්මාගේ නම බුවනේශ්වරීය. පාසල් යන සමයේ සිටම සතිශ් රංගනයට ඉතා දක්‍ෂය. එසේම ඔහුගේ රංගනයෙහි සුවිශේෂත්වය වූයේ විකට රංගනයට විශේෂ දක්‍ෂතා ඉදිරිපත් කිරීමය. මේ හෙයින්ම ඔහු පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව නාට්‍ය කණ්ඩායමකට බැඳී රංගනය සිදුකළ අතර, පසුව එම කණ්ඩායමේ ප්‍රධානියා බවටද පත්විය. එහිදී ඔහු තමන්ම පිටපත ලියා අධ්‍යක්‍ෂණය කළ “චොකලට් ක්‍රිෂ්ණා” විකට නාට්‍යය නිෂ්පාදනය කළේය. එහි ප්‍රධාන චරිතයද සතිශ් රඟන ලද අතර, මෙය තමිල්නාඩුවේ ඉතා ජනප්‍රිය හාස්‍යමය නාට්‍යයක් බවට පත්විය.
මෙසේ සතිශ්ගේ නාට්‍ය ජීවිතය වසර දෙක තුනක් ගෙවී ගියේය. දකුණු ඉන්දියාවේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් සතිශ්ගේ අපූරු හාස්‍යමය රංගනය කෙරෙහි සිත් යොමන්නට ගත්තේ මෙම කාලයේදීය. ඒ අනුව 2006 වසරේදී ඔහුට පළමු වතාවට දමිළ චිත්‍රපටයක කුඩා චරිතයක් රඟදැක්වීමට අවස්ථාව ලැබුණු අතර, එය දෙබස් පවා නැති චරිතයක් විය. ඉන්පසුව නැවත 2008 වසරේදී තවත් චිත්‍රපටයක දෙබස් සහිත කුඩා චරිතයක් රඟ දැක්වීමට අවස්ථාව ලැබුණේය. එතැනින් පසු තවත් වසර 2ක පමණ කාලයක්ද ගෙවී ගියේය. 2010 වසර වන විට සතිශ්ගේ ජීවිතයට වාසනාව ළඟා කරන කාලය උදාවිය. එනම් 2010 වසරේ ජනවාරි නිෂ්පාදනය ආරම්භ කළ එම්.එස්. අමුදාන් නමැති ප්‍රකට අධ්‍යක්‍ෂවරයාගේ “තමීස් පාදම්” නමැති දමිළ චිත්‍රපටයේ “පාන්ඩියා’‘ ලෙසින් හැඳින්වූ ප්‍රධාන විකට චරිතය රඟපෑමට සතිශ් මුතුක්‍රිෂ්ණන්ට අවස්ථාව උදාවිය. ඒ වන විට ඔහු වයස අවුරුදු 22හි පසුවූ අතර, මෙය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂය විය. ඔහු රඟදැක්වූ එම “පාන්ඩියා” නමැති හාස්‍යමය රංගනය සිනමා රසිකයන් මහත්සේ වැලඳ ගන්නට වූ අතර, එතැන් සිට සතිශ්ට දකුණු ඉන්දියානු සිනමා නිර්මාණ ගලා එන්නට විය. ප්‍රකට දකුණු ඉන්දියානු සිනමාකරුවන් රැසක්ම සතිශ් මුතුක්‍රිෂ්ණන් කෙරෙහි දැඩි අවධානය යොමු කරන්නට විය. 2010 වසරේදීම ඔහු තම දෙවැනි සිනමා නිර්මාණය වන “කොල කොලයා” චිත්‍රපටයේ ප්‍රධාන විකට චරිතය රඟපෑවේය. මෙම රංගනයද ඉතා ජනප්‍රියත්වයට පත්වූ අතර, 2010 වසර තුළදී පමණක් සතිශ්ට චිත්‍රපට 5ක ප්‍රධාන රංගනයන් හිමිවිය.
එතැන් සිට සතිශ් මුතුක්‍රිෂ්ණන් නොහොත් සතිශ් කුමාර්ගේ මේතාක් ගෙවුණු වසර 10ක කාලය ස්වර්ණමය එකක් විය. පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රභාකරන්ගේ නිවෙස දෙස බලාගෙන වඳිමින් හඬා වැටුණු සතිශ් මුතුක්‍රිෂ්ණන් ලෙහෙසි පහසු පුද්ගලයකු නොවේ. අද ඔහු දකුණු ඉන්දියාවේ සිටින සුපිරිම විකට නළුවන් කිහිපදෙනාගෙන් කෙනෙක් වන අතර, ඉන්දියාවේ මහත් ප්‍රකටත්වයක් ඇති පුද්ගලයෙකි. අද දකුණු ඉන්දියානු සිනමාවේ මොහුගේ ප්‍රකටත්වය කෙසේද කිවතහොත් සතිශ් මුතුක්‍රිෂ්ණන් මේ වන විට ප්‍රධාන විකට චරිත රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 60ක් පමණ වෙයි. 2018 වසරේදී පමණක් ඔහු චිත්‍රපට 12ක රඟපෑ අතර, මෙම ගෙවෙන 2019 වසරේ මේ දක්වා චිත්‍රපට 11ක රඟපා ඇත. මේ අතර ඉදිරියටත් ඔහුට චිත්‍රපට දිගට, හරහට ලැබෙමින් පවතියි.

සතිශ් මුතුක්‍රිෂ්ණන්ගේ සිනමා රංගනයෙහි ඉහළ ඇගැයීම කොතෙක්ද කිවහොත් ඔහු කිහිපවරක්ම සම්මානයටද පාත්‍ර වූ රංගන ශිල්පියෙකි. 2018 සහ 2019 වසරවලදී ඔහු ඉන්දියානු ජාතික සම්මාන සහ තමිල්නාඩු ජාතික සම්මාන දෙකකට හිමිකම් ලැබීය. එහිදී ඔහුට හොඳම හාස්‍යමය රංගනය උදෙසා එම සම්මාන හිමිවිය. එසේම සතිශ් යනු දකුණු ඉන්දියාවේ සිටින ධනවතකුද වෙයි. පසුගිය වසර 10ක කාලයක් පුරා චිත්‍රපට 60ක පමණ ප්‍රධාන විකට චරිතය රඟපෑම නිසා ඔහු හිමිකරගත් ධනය බොහෝය. එසේම ඔහු තම සිනමා නිර්මාණ සඳහා ඉහළ මිලක් අයකරන බවද වාර්තා වෙයි. සිනමා පත්තර සහ විවිධ රූපවාහිනී නාලිකා ඔහු ගැන නිතර කතාබස් කරයි. වැඩසටහන් ඉදිරිපත් කරයි. ඉතින් දැන් නැවත අපේ අවධානය යොමු වන්නේ මෙම ප්‍රකට, ධනවත් දමිළ තරුණයා ශ්‍රී ලංකාවට හදිසියේ පැමිණ කොටි නායක ප්‍රභාකරන්ගේ නිවෙස වෙත ගිය සංචාරය වෙතයි. එසේම ඔහු එම ස්ථානයට ගොස් හඬාවැටෙමින්, වැඳවැටීම නම් සිනමා රංගනයක් ලෙස සිතිය නොහැකිය. යාපනය වෙල්වෙට්ටිතුරෙයි යන මාර්ග ඵලකය ළඟ සහ ප්‍රභාකරන්ගේ නිවෙස ඉදිරියෙහි ඔහු සිටගෙන සිටින ආකාරයත්, ඔහු හඬා වැඳවැටෙන ආකාරයත් යම් මාධ්‍යවේදියකු ඡායාරූපගත කර ඇත. මෙම ඡායාරූපවලදී සතිෂ් මුතුක්‍රිෂ්ණන් බොහෝ හැඟීම්බර ස්වරූපයකින් කැමරාවට මුහුණදී ඇති බැව්ද පෙනේ. ඉන්දියානු සිනමාවේදී ඔහු පෙන්වූ විකට රංගනයක ස්වරූපයක් මෙහි බිඳක්වත් දක්නට නැත. මේ හෙයින් පෙනීයන්නේ ඔහු මියගිය එල්.ටී.ටී.ඊ. නායකයා කෙරෙහි දැඩි භක්තියක් සහ ගෞරවයක් දක්වන බවක්ය. ඉතින් දැන් සොයාබැලිය යුත්තේ මොහු එල්.ටී.ටී.ඊ. හිතවාදියකුද යන්නය. එය විටෙක පුදුම හිතෙන පුවතක් වනු ඇත. ඉන්දියාවේදී ඔහු ගතකරන ජීවිතය ආශ්‍රය කරගෙන අපි කරුණු රාශියක් සොයා බැලුවෙමු. එහෙත් ඒ කිසිවක ඔහු කොටි හිතවාදියකු බවට කිසිම සඳහනක් නැත. දකුණු ඉන්දියානු රංගන ශිල්පීන් කිහිපදෙනකුම පසුගිය කාලයේ ප්‍රභාකරන් හිතවාදීන් ලෙසින් වාර්තා වී තිබුණද, සතිශ් මුතුක්‍රිෂ්ණන් ගැන එවැනි කිසිදු වාර්තාවක් දක්නට නැත. ඔහු ආශ්‍රත කරගෙන ලියැවුණු පුවත්පත් ලිපිවල පවා මෙවැනි සඳහනක් නැත. එසේම ඔහු කිසිදු තැනක කොටි හිතවාදී අදහස් ප්‍රකාශ කළ බවක්ද අසන්නට නැත. කෙසේ හෝ සතිශ් මුතුක්‍රිෂ්ණන් තම සිතින් ප්‍රභාකරන්ට ගෞරවයක් ඇති පුද්ගලයකු විය හැකිය.
කෙසේ හෝ යාපනයේ ආරක්‍ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ ප්‍රභාකරන්ගේ නිවෙසට යෑම සඳහා කිසිදු තහනමක් නැතත්, ඔහු මේ ස්ථානයට පැමණියේ කවර අරමුණක් සඳහාද සහ ඔහුව යාපනයට කැඳවන ලද්දේ කවුරුන් විසින්ද යන්න පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වන බවය. ඔහු බොහෝ විට ඉන්දියාවේ සිට කොළඹට පැමිණ යාපනයට යන්නට ඇත්තේ යම් පිරිසක් සමඟ විය යුතුය. එසේම යාපනයේ සිට වෙල්වැට්ටිතුරේ නගරයට කිලෝමීටර 27ක්ද ඇත. එහිදී ඔහුට මෙම ගමන් තනියම යන්නට අපහසුය. තවද ඔහු හඳුනාගන්නා දමිළ ජනතාවද අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික කණ්ඩායමකගේ සහාය ලබමින් මෙම සංචාරය සිදුකර ඇතැයි සිතිය හැකිය. ආරක්‍ෂක අංශ කරුණු සොයා බලන්නේ ඒ හෙයිනි.
කෙසේ හෝ සතිශ් මුතුක්‍රිෂ්ණන් හාස්‍යමය රංගන ශිල්පියාගේ “විකට සිනහව” ප්‍රභාකරන් දුටු තැන පහව ගොස් ඇතැයි නම් හොඳින්ම පෙනෙයි.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඇට්ලස් 60 වැනි සංවත්සරය පොත් ප්‍රදර්ශනයේදී සමරයි

Next Post

වාලම්පුරියේ ඇත්ත නැත්ත

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.