• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

2022 වත් රාහු කාලේ මඟහරිනවද?

November 2, 2021
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
2022 වත් රාහු කාලේ මඟහරිනවද?
Share on WhatsAppShare on Facebook

බොහොමයක් දෙනා තමන්ගෙ සුබ වැඩවලදි වගේම දවසේ වැඩවලදි රාහු කාලය ගැන දෙසැරයක් සිතන ස්වභාවයක් තිබෙනවා. හැබැයි පිරිසක් එහෙම කරද්දි තවත් පිරිසක් රාහු කාලෙ කියන්නෙ මොකක්ද, රාහු කාලෙ හොඳද නරකද කියලාවත් නොදැන ගණන් නොගෙන වැඩ කරන ස්වභාවයකුත් තියෙනවා. ඇත්තටම රාහු කාලය කියන්නේ මොකක්ද? මේ කාලය දැනගැනීමෙන් හෝ එය මඟහැර වැඩකිරීමෙන් ඇති සෙතේ මොකක්ද කියලා කෙනකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඇතැම් විට රාහු කාලය බලා වැඩ කරන, රාහු කාලය මඟහරින ගොඩක් දෙනෙක් රාහු කාලය කියන්නේ මොකක්ද කියලා නොදන්නවා වෙන්න පුළුවන්. කොහොම වුණත් රාහු කාලය පිළිබඳ යම් අවබෝධයක් ලබා සිටීම සෑම කෙනකුටම වැදගත් වෙන්න පුළුවන්.

රාහු කාලය දිවා රාත්‍රී දෙකෙහිම පවතිනවා. දිවා පැය එකහමාරකුත්, රාත්‍රී පැය එකහමාරකුත් ලෙස පැය තුනකට වැඩි කාලයක් දිනකට රාහු කාලය පවතිනවා. කෙසේ නමුත් රාහු කාලය තුළ අරඹන වැඩකටයුතු සාර්ථක නොවන බවට තීරණාත්මක මතවාදයක් සමාජය තුළ මුල්බැසගෙන තිබෙනවා. එහි සත්‍යතාවක් නැතැයි කියා තර්ක කිරීමටද හැකියාවක් නැහැ. එහෙත් යම් ජන්මියකුගේ උත්පත්ති ග්‍රහචාරය මෙන්ම ඒ ඒ කාලවල ගෙවන මහ දශා අතුරු දශා ආදිය හේතු කරගෙන රාහු කාලයේ ඵල විපාක යම් තරමකට වෙනස් විය හැකියි. කෙසේ නමුත් අලුතින් යමක් ඇරැඹීමේදී එදිනට අදාළ රාහු කාලය පිළිබඳ අවධානය යොමුකර එය මඟහැරීම තුළින් දිනයේ ඇති අසුබ තත්ත්වය මඟහැරෙන බවත් අරඹන කටයුත්ත ඉතා සුබ ආකාරයට සිදුකරගෙන යා හැකි බවත් පිළිගැනේ.

කෙසේ නමුත් රාහු කාලය මඟහැර කටයුතු කළ යුතුමයි කියා කිසිදු ආකාරයක බලපෑමක් හෝ ජ්‍යොතිෂමය මඟපෙන්වීමක් නැතත් ජීවිතය හා සම්බන්ධ විශේෂ කටයුතු රාහු කාලය මඟහැර සිදුකිරීම තමන්ට මානසික සහනය උදාකර දෙන්නකි.

එහිදී ආරම්භ කරන කටයුත්තේ සුබ ප්‍රතිඵල වඩාත් සුබ වීමටද මෙය පිටිවහලක් වෙයි. එනිසා යම් කෙනකු සුබ කටයුත්තක් සඳහා රාහු කාලය මඟහරිනවා සේම, එදින ඊට ගැළපෙන සුබම මුහුර්තය සොයාගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් මානසික ශක්තිය නමැති සඟවුණු බලයෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි බවත් සොයාගෙන ඇත.කෙසේ නමුත් රාහු කාලය පිළිබඳ කිසි විටෙකත් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත් ජ්‍යොතිෂයේ විශ්වාසයයි. මන්ද රාහු කාලය පවතින වේලාවේදී සුබ මුහුර්ත පවතින බව රහසක් නොවන බැවිනි.

රාහු කාලය මෙන්ම සෑම පැයකම යෙදෙන පංචම කාල හෝරාව ගැනද අවබෝධයක් ලබා තිබිය යුතුය. එනම් ඕනෑම පැයක් තුළ මිනිත්තු 12 බැගින් වූ කාල හෝරා 5ක් වෙන්කොට ඇත. උදාහරණයක් ලෙස හිරු උදාව උදෑසන 6ට සිදුවනවා යැයි සිතා සඳුදා දිනයක් ගතහොත් සඳුදා රාහු කාලය යෙදී ඇත්තේ උදයේ හා රාත්‍රියේ 7.30ත් 9ත් අතර නම් සඳුදා දින උදය කාලයේ පැය 7-8 අතර ශනි හෝරාව හා 8-9 අතර ගුරු හෝරාව පවතී. එහිදී ගුරු හෝරාවේ පංචම කාල හෝරා වෙන්වන්නේ මෙලෙසිනි.

• 8.00ත් – 8.12ත් අතර ගරු
• 8.12ත් – 8.24ත් අතර ශුක්‍ර
• 8.24ත් – 8.36ත් අතර ශනි
• 8.36ත් – 8.48ත් අතර රවි
• 8.48ත් – 9.00ත් අතර චන්ද්‍ර

මෙම පංචම කාල හෝරාව තුළ 8.48-9.00 අතර චන්ද්‍ර පංචම කාල හෝරා කාලය විස හෝරාව හෙවත් අසුබ කාලය ලෙස දක්වා ඇත. මෙලෙස මිනිත්තු 12ක් තුළ යෙදෙන සූක්ෂ්ම කාල හෝරා ලෙස මිනිත්තු 4 බැගින් කාල හෝරා 3ක් දක්වා ඇත. එනම් 8.00-8.12 අතර ගුරු කාල හෝරාව තුළ යෙදෙන ගුරු පංචම කාල හෝරාව තුළ ඇතුළත් වන සූක්ෂ්ම කාල හෝරාව මෙසේ දැක්විය හැකිය.

• 8.00-8.04 ගුරු පංචම හෝරාවේ ගුරු සූක්ෂ්ම කාල හෝරාව.
• 8.04-8.08 ගුරු පංචම හෝරාවේ කුජ සූක්ෂ්ම කාල හෝරාව
• 8.08-8.12 ගුරු පංචම හෝරාවේ රවි සූක්ෂ්ම කාල හෝරාව.

දිනයේ සූර්ය උදාව අනුව මෙය වෙනස් කරගත හැකි අතර 8.00-8.04 අතර ගුරු හෝරාවේ ගුරු පංචමයේ ගුරු සූක්ෂ්ම කාල හෝරාව යෙදී ඇත. මෙම කාලය ගුරුට අයත් කටයුතු සිදුකිරීම ඉතා සුබ මුහුර්තයකි. ගුරුට සම්බන්ධ මැති ඇමැතිවරු හමුවීමට රථ වාහන මිලදී ගැනීමට, ගෙවල්වලට මුල්ගල් තැබීමට වැනි කාරණා ප්‍රධාන වෙයි. මේ ආකාරයට අනෙක් ග්‍රහයන් ප්‍රධානත්වය දරන කටයුතු මොනවාද, ඒ ඒ ග්‍රහයන්ට ඒ ඒ දිනට අයත් සුබ මුහුර්ත මොනවාද යන්න සොයාගෙන කටයුතු කළ හැකියි. මෙහිදී කාල හෝරාව මෙන්ම ඒ ඒ දිනවල පවතින නැකැත් සහ ඒ ඒ දිනවල විශේෂත්වයන්ද කේන්දරයේ ග්‍රහචාරයන්ද සැලකිල්ලට ගෙන ඉතා විශිෂ්ට වූ ප්‍රතිඵල අත්කර ගත හැකි බව අත්දුටු සත්‍යයකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ලංකාව වෙනස් කළ කෝල්බෲක්…

Next Post

Crysbro Next Champ හි රවිඳු ජයසුන්දර එළඹෙන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණයක් අපේක්ෂා කරයි…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.