ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා “අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා” කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්‍රකාශ කලේ 2026.07.22 දින උඩහමුල්ල පැවති රැස්වීමක් අමතමිනි.Sri Lanka Latest News
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා
අමාරු කාලයක්.
විශාල ආර්ථික පීඩාවලට මුහුණ දෙන කාලයක්.
ජීවන වියදම එන්න එන්න වැඩි වෙනවා.
ආණ්ඩුව හිතුමතයේ බදු වැඩි කරනවා, හිතුමතයේ.
ආණ්ඩුවේ යම් හොරකමක් සිද්ධ වුණොත්, ඒ හොරකමේ පාඩුව මකාගන්න ඔබට බදු ගහනවා. එහෙම නෙවෙයිද වෙන්නේ?
දැන් පහුගිය කාලේ ගෙනාවා බාල ගල්අඟුරු අපේ හාමුදුරුවනේ. බාල ගල්අඟුරු ගෙනැල්ලා, බාල ගල්අඟුරුවල පාඩුව මකාගන්න මොකක්ද කළේ?
විදුලි බිල වැඩි කළා, තෙල් මිළ වැඩි කළා.
වරායෙන් පැන්නුවා කන්ටේනර් 323ක්.
කන්ටේනර් 323ක් වරායෙන් පැන්නුවා විතරක් නෙවෙයි, අද වෙනකන් ආණ්ඩුව දන්නේ නැහැ කවුද පැන්නුවේ කියලා. අද වෙනකන් දන්නේ නැහැ.
ඒ වගේම අර හැකර් කෙනෙක්ද කොහෙද පැනලා කෝටි ගාණක් අරගෙන ගියා. අපි දැක්කා පාර්ලිමේන්තුවේ කමිටුවක මුදල් අමාත්‍යාංශයේ, මහ බැංකුවේ දෙපැත්තට වෙලා කවුද පැන්නුවේ කියලා හොයනවා.
හැබැයි දෙන්නාගේ එක නිගමනයක් තියෙනවා.
පාර්ලිමේන්තුවෙන් ඇහුවාම කවුද මේකට වගකියන්න ඕනේ? දන්නේ නැහැලු.
හැබැයි මේක අයකර ගන්නේ කොහොමද? මහජනතාවගෙන් ගන්න ඕනේ.
තමන් වගකීම් පැහැර හැරලා, තමන්ගේ ආණ්ඩුව ඇතුළේ තියෙන හොරකම වහගන්න ආණ්ඩුව, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආරක්ෂා කරද්දී, ඒ තමන්ගේ හොරකම නිසා වෙච්ච පාඩුව මකාගන්න ජනතාව වගකියන්න ඕන නම්, ඒ බදු බර දිනෙන් දින ජනතාව පිට පටවනවා නම්, එහෙම ආණ්ඩුවක් අපේ හාමුදුරුවනේ මොකටද?
ආණ්ඩුවේ පැවැත්මට ඕනෑම කෙනෙක් පාවලා දෙනවා, ආණ්ඩුවේ පැවැත්මට.
ආණ්ඩුවේ එකම ඉලක්කය මොකක්ද? ආණ්ඩුවේ එකම ඉලක්කය බලහත්කාරයෙන් හරි කමක් නැහැ රාජ්‍ය බලය තියාගන්න එක.
ඒ නිසා තමයි අර රාජ්‍ය ඇමතිවරයෙක්, ආරක්ෂක නේද? ආරක්ෂක, අර බංකුවේ තියලා වාඩි කරලා උපදෙස් දෙන්නන් කිව්වේ.
“දැන් අපි විපක්ෂය මර්ධනය කරලා ඉවරයි. තව ටිකක් මර්ධනය කරන්න තියෙනවා. ඒකත් හෙට අනිද්දා මර්ධනය කරනවා.”
මේ අද ආරක්ෂක ඇමතිකම දීලා තියෙන්නේ මේ ත්‍රස්තවාදය නවත්තන්න, ජාතික ආරක්ෂාව තහවුරු කරන්න.එහෙම නැත්නම් එයාට ආරක්ෂක ඇමතිකම දීලා තියෙන්නේ මේ අන්තවාදය වලක්වන්න, සංවිධානාත්මක අපරාධ වලක්වන්න
ඊයේ පෙරේදා එක දවසට වෙඩි තැබීම් දෙකක් වාර්තා වුණා, එක දවසට. වෙඩි තැබීම් දෙකක්.
අර බන්ධනාගාරය ඇතුළේ රැඳවියෝ, නිලධාරී 30 ගාණක් ජීවිත නැති වෙලා තියෙනවා.
හැබැයි රාජ්‍ය ආරක්ෂක ඇමති ඉන්නේ මොකටද? ඒව නවත්තන්න නෙවෙයි, විපක්ෂය මර්ධනය කරන්න. ප්‍රධාන ජොබ් එක.
ඊට වඩා හොඳයි එයාට අනුර කුමාර ජනාධිපතිවරයා “විපක්ෂය මර්දනය කිරීමේ ඇමතිකම” කියලා දුන්නා නම්. විපක්ෂය මර්ධනය කිරීමේ ඇමතිකම කියලා දුන්නා නම් ඊට වඩා හොඳයි.
අද ආණ්ඩුව එක බොරුවක් වහගන්න තව බොරු 10ක් කියනවා. බොරු 100ක් කියනවා.
බොරු කියලා බලයට ආවා. රැවැට්ටුවා. උපාධිධාරීන් රවට්ටලා ගෙයින් ගෙට යැව්වා. මැතිවරණයෙන් පස්සේ රස්සාව ඉල්ලලා යනකොට ගහලා එළවනවා, උපාධිධාරීන්ව.
ගමේ තරුණයා රැවට්ටුවා. දෙමාපියන්ව රැවට්ටුවා.
අද අසීමිත ජීවන වියදමක් එක්ක ඔබතමුන්නාන්සේලා පීඩාවට පත් වෙනවා. දෛනික ආදායම් උත්පාදනය කරන ඇත්තෝ එහෙමයි, මාසික වැටුප් ගන්න ඇත්තෝ එහෙමයි, ව්‍යවසායකයොත් එහෙමයි.
මේ තියෙන බදු එක්ක ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර කරගන්න බැහැ. මේ තියෙන රජයේ වෙනස් වෙන, වෙනස් වෙන බදු ප්‍රතිපත්තියත් එක්ක ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න බැහැ.
අද කර්මාන්තශාලා වැහෙනවා.
පහුගිය කාලේ දිට්වා ගංවතුර ආවා. අපි පහුගිය දවසක ගියා අරණායක, කොට්ඨාස රැස්වීමකට.
තාම මිනිස්සු කූඩාරම්වල. තාම මිනිස්සු තාවකාලික නිවාසවල.
මේ ආණ්ඩුව ඒ ගැන අනුගමනය කරන්නේ ඉතාමත් මලානික ප්‍රතිපත්තියක්. මලානික ප්‍රතිපත්තියක්.
ආණ්ඩුව තමන් දන්නේ නැහැ වගේ ඉන්නවා. දන්නේ නැහැ වගේ.
විපක්ෂය මේවා කතා කරනකොට මොකක්ද කියන්නේ? “අපි බලාගමු මොකද වෙන්නේ” කියලා අහනවා. දැන් මර්ධනය කරලා අවසන් කියනවා අපේ හාමුදුරුවනේ. මහා සංඝරත්නයට මඩ ගහනවා. ආගමික නායකයෝ විවේචනය කරනවා. රණවිරුවෝ දඩයම් කරනවා. බුද්ධි අංශ නිලධාරීන් අදටත් හිරගෙවල්වල.
බුද්ධි අංශ නිලධාරීන්ව හිරගෙවල්වල දානවා. අර පාස්කු ඉරිදා ප්‍රහාරයේ තොරතුරු වසන් කරපු අයට ඉහළ පුටුවල වාඩි කරලා, පාස්කු ඉරිදා ප්‍රහාරයයේ තොරතුරු වසන් කරපු අය නිදහස් කරලා, බුද්ධි අංශ වාර්තා දීපු අය හිරේ දාලා.
මොකක්ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය?
ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ, කරුණාකරලා මේ රටේ බුද්ධි අංශයන් දුර්වල කරන්න ලෑස්ති වෙන්න එපා. බුද්ධි අංශයන් දුර්වල කරන්න එපා.
අද බලශක්තිය පිළිබඳව ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
තවම ආණ්ඩුව බලශක්තිය නිෂ්පාදනය කිරීම වැඩි කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් ආරම්භ කරලා නැහැ අපේ හාමුදුරුවනේ. පහුගිය ආණ්ඩුව කරගෙන ආපු වැඩසටහන්වත් ඉදිරියට යන්නේ නැහැ.
ඩීසල් බලාගාරවලින් වැඩි මිළකට විදුලිය නිෂ්පාදනය කරන එක තමයි ආණ්ඩුවේ සැලැස්ම.
ගෙනෙන ගල්අඟුරු නැව් එකයි, දෙකයි, තුනයි, හතරයි ඔක්කොම බාල ගල්අඟුරු ගේන්නේ.
අවසානයේ මේ පීඩාවට විඳින්නේ මේ රටේ ජනතාව.
ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩන් වැටිලා.
පහුගිය කාලේ මොකක්ද කිව්වේ? “කොන්ත්‍රාත්කාරයා” කියලා කිව්වේ. “කොන්ත්‍රාත්කාරයෝ වෙනවා, කොමිස් ගන්නවා, අරවා මේවා” කිය කියා තමයි ජේ.වී.පී. එක එදා බැන්නේ.
පාර හදනකොට, ගමේ පාරේ ගෙවල් ගෙවල්වලට ගිහිල්ලා මොකක්ද කිව්වේ? “මේ පාරෙන් හොරකම් කරයි” කිව්වා. අද බලයට ආවා, අල්ලපු හොරෙකුත් නැහැ. පාර හදන්නෙත් නැහැ.
ජනතාවගේ බදු මුදල් එකතු කරලා, ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා “අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා” කියලා.
හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ. ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ඩෙංගු රෝගීන්ගෙන්.
ඩෙංගු රෝගීන්ගෙන් ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහිල්ලා.
70,000කට වඩා රෝගීන් වාර්තා වෙලා තියෙනවා මේ කෙටි කාලයක් ඇතුළත.
මරණ 50කට වඩා වාර්තා වෙලා තියෙනවා.
ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද ඩෙංගු ව්‍යාප්තිය පාලනය කරන්න? අඩු ගානෙන් තමන්ගේ නගර සභාවෙන්, ප්‍රාදේශීය සභාවෙන් දාලා කානුවක් සුද්ධ කරගන්න තේරෙන්නේ නැහැ.
කානුවක් සුද්ධ කරගන්න තේරෙන්නේ නැහැ.
මේ ප්‍රදේශයේ, පහුගිය දිනෙක මගේ යාළුවෙක් කතා කළාම සභාවට, මේ ඩෙංගු ව්‍යාප්තිය ආරම්භ වෙන්න තියෙන මොහොතේ, මොකක්ද කිව්වේ? “දුම් ගහන්න අඩුම රෝගීන් 10ක් ඉන්න ඕනේ” කිව්වා.
අඩුම රෝගීන් 10ක්! කවුද කියන්නේ? සභාවෙන් කියන්නේ. ආණ්ඩුවෙන් උපදෙස් දීලා තියෙන්නේ එහෙමයි.
අඩුම රෝගීන් 10ක් කියන්නේ මොකක්ද? පොකුරක් හැදෙනකම් බලන් ඉන්නවා.
අද මේ ගම්වල, මේ නගරයේ, මේ ගම්වල, මේ මහරගම ආසනයේ, උඩහමුල්ලේ…
අම්මලා, තාත්තලා තමන්ගේ දරුවන්ගැන හරි බයෙන් ඉන්නේ.
හැම තැනම ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. පුංචි දරුවෝ…
ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්නේ.
අම්මලාට තියෙන පීඩනය…
ආර්ථික පීඩනය එක පැත්තකින්, සෞඛ්‍ය පීඩනය තව පැත්තකින්. ඉස්පිරිතාලවලට ගියාම ඇඳන් නැහැ. එක ඇඳේ රෝගීන් දෙන්නෙක්, තුන්දෙනෙක් බුදිකරවලා. ඇඳ යට, බිම රෝගීන් නිදිකරවලා.
බෙහෙත් නැහැ! බෙහෙත් කියන සැලැස්මක්වත් ආණ්ඩුවට නැහැ. අඩු ගානේ පෞද්ගලික අංශයෙන්වත් බෙහෙත් ගන්න විදියක් නැහැ. රටේ බෙහෙත් හිඟයක් තියෙනවා.
හැබැයි මේවට විසඳුම් හොයන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ.
මේ ගැන ප්‍රශ්න කරාම ආණ්ඩුව මර්දනය කරන්න කතා කරනවා. බය කරන්න කතා කරනවා.
අද වෛද්‍යවරුන්ව ආණ්ඩුව මර්දනය කරනවා.
නීතිඥවරුන්ව මර්දනය කරන්න උත්සාහ කරනවා.
අධිකරණ පද්ධතියට ඇඟිලි ගහන්න උත්සාහ කරනවා ආණ්ඩුව.
ආණ්ඩුවේ පූර්ණ සැලැස්ම මොකක්ද? අධිකරණය පාවිච්චි කරලා තමන්ගේ විපක්ෂය මර්දනය කරන්න. නේද නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ?
අධිකරණය පාවිච්චි කරලා.අපි අදටත් හිතනවා මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනයි.
අපි අදටත් විශ්වාස කරනවා මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනයි, සහ අධිකරණ පද්ධතිය තුළ සාධාරණව කටයුතු කරයි කියලා.
හැබැයි ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒක අනිත් පැත්ත හරවන්න. මේක තමයි යථාර්ථය.
අද බන්ධනාගාර සිදුවීම
ආණ්ඩුවට පළවෙනි සිද්ධිය වාර්තා වුණාම ක්‍රියාත්මක වෙලා ඒක වළක්වා ගන්න තිබ්බා.
හැබැයි නැහැ.
පහුවදා උදේ වෙනකන් ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නැහැ. අපි ජනාධිපතිවරයාගෙන් අහනවා, ඔබ ආරක්ෂක කවුන්සිලය කැඳෙව්වද?
ආරක්ෂක කවුන්සිලය ඔබට මේ පිළිබඳව බුද්ධි අංශ වාර්තා සඳහන් කරාද?
එහෙම නැත්නම් අඩුම ගානේ සිද්ධිය වුණාට පස්සේ පහුවදා උදේ ආරක්ෂක කවුන්සිලය කැඳවලා මේකට ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරාද?
ඒ ප්‍රශ්නය අපිට අහන්න වෙනවා.
ආරක්ෂක කවුන්සිලයට මෙවැනි බුද්ධි අංශ වාර්තාවක් සාමාන්‍යයෙන් ලැබෙන්න ඕනේ. අර පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ. මොකද ඒ නිලධාරීමයි ඉන්නේ.
ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වෙලාවේ බුද්ධි අංශ වාර්තාව හංගපු අයම තමයි ඉන්නේ.
මේ වාර්තාවත් හැංගුවද?
එහෙම නැත්නම් පාස්කු ඉරිදා ප්‍රහාරයේ ක්‍රියාත්මක නොවුණා වගේ බන්ධනාගාර සිද්ධියේදී ක්‍රියාත්මක නොවී හැංගිලා හිටියාද?
එහෙම නැත්නම් ජනාධිපතිතුමාට ආරක්ෂක කවුන්සිලය කැඳවන්න අමතක වුණාද?
මේවට උත්තරයක් ඕනේ. ආයතනික වශයෙන් කොමිසන් පත් කරලා, කමිටු දාලා වාර්තා හදන්න වෙන එකේ වැඩක් නැහැ, වෙච්ච දේ අපි දැක්කා.
ඒ හින්දා මගේ ආදරණීය අම්මේ, තාත්තේ, මිත්‍රවරුනි…
අපි ශක්තිමත් දේශපාලන බලවේගයක් අද ගම්වල ගොඩනගමු.
අපි මේ මහපොළොවේ දේශපාලනය කරන කණ්ඩායමක්.
මේ රටේ ආගම, දහම ආරක්ෂා කරමින්, මනුෂ්‍යත්වය සුරකිමින්, මහපොළොවේ පයගහපු දේශපාලන බලවේගයක් අපි හදන්න ඕනේ.
අපේ විශ්වාසය, අපේ බලාපොරොත්තුව මොකක්ද?
ඔබේ දුවට, දරුවාට සුරක්ෂිත හොඳ රටක් ගොඩනගන එක.
අද මේ තරුණ පරම්පරාව ගැන ලොකු බලාපොරොත්තු තියෙනවා තමන්ගේ ජීවිතයේ. අනාගත
ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න ආසාවෙන්, හැකියාවක් තියෙන දරුවෝ අපිට ඉන්නේ. ඊට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම පමණයි අපි කරන්න ඕනේ.
ඊට අවශ්‍ය යටිතල පහසුකම් ටික දෙන එකයි අපි කරන්න ඕනේ.
ඒකට අවශ්‍ය දේශපාලන දැක්ම සහ උවමනාව…
අපි විශ්වාස කරනවා මේ රටේ දේශපාලන පක්ෂය තුළ තියෙන්න ඕනේ. එහෙම නොවුණොත් ඒ පරිවර්තනය කරන්න බැහැ.
ඒ පරිවර්තනය ලොකු ව්‍යසනයක් බවට පත් වෙනවා එහෙම නොවුණොත්. අද වෙලා තියෙන දේ.
ඒ හින්දා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක්. අද රටේ හැම තැනම අපි අලුත් තරුණ සංවිධායකවරු දාලා තියෙනවා, දිස්ත්‍රික් සංවිධායකවරු දාලා තියෙනවා.
ප්‍රාදේශීය සභා කොට්ඨාස මට්ටමේ සංවිධායකවරු දාලා තියෙනවා අපේ හාමුදුරුවනේ. අලුත් අය, තරුණ අය.
ඒ අතර ජ්‍යෙෂ්ඨ පිරිසකුත් අපි එක්ක ඉන්නවා.
ඒ ජ්‍යෙෂ්ඨයන්ගේ අත්දැකීම්, පරිනතබව එක්ක අද තරුණ පිරිසක් මේ පක්ෂය ඉස්සරහට අරගෙන යනවා.
ඒ තුළ අපි අලුත් ප්‍රතිපත්ති හඳුන්වා දෙනවා. අපේ මූලික හරපද්ධතිය අපි රකිනවා.
මූලික හරපද්ධතිය ආරක්ෂා කරන ගමන් මේ රටට ගැලපෙන දේශපාලන චින්තනයක් අපි හදනවා.
මේ රටට ගැලපෙන දේශපාලන බලවේගයක් අපි හදනවා.
අදට වගේම හෙටට ඔබින දේශපාලන බලවේගයක් අපි හදනවා.
ඒ නිසා ඔබතුමුන්නාන්සේලා එකතු වෙන්න.
අද මෙතැනට අපිට ඡන්දය දීපු, නොදීපු බොහෝ පිරිසක් ඇවිල්ලා ඉන්නවා.
ඒ විශ්වාසය අපි ආරක්ෂා කරන්න ඕනේ.
අපේ කොට්ඨාස සංවිධායකවරු, හසිතලා ඇතුළු කොට්ඨාස සංවිධායකවරු, ජනිත්ලා වගේ දිස්ත්‍රික් සංවිධායකවරු,
ඒ තරුණ පරම්පරාව ඔබ කෙරෙහි තබන විශ්වාසය, ඒ වගේම අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමිය,තුමන්ලා
ඒ ඔබ කෙරෙහි මේ රටේ තරුණ පරම්පරාව තබන විශ්වාසය ඔබ ආරක්ෂා කරන්න ඕනේ.
ඒ සඳහා ඔබ කැපවෙන්න ඕනේ, අපි පක්ෂයක් විදියට.
ඒ සඳහා අවශ්‍ය ඕනෑම ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න සූදානම් කියන එකත් මතක් කරමින්, මේ රට ගොඩනගන්න පුළුවන් මහපොළොවේ පයගහලා ජීවත් වෙන, මහපොළොවට ආදරය කරන, ගහකොළ සතා සිවුපාවට ආදරය කරන වගේම නූතන පරම්පරාවට ගැලපෙන සංවේදී දේශපාලන බලවේගයක් අපි ගොඩනගමු කියන ආරාධනය කරමින්, ඔබ සැමට සුබ අනාගතයක් පතමින්, තෙරුවන් සරණ පතමින්… මම නතර වෙනවා. …..










