පරම්පරා බැම්ම ලිහී යයි

ප්‍රථමව ලංකාවේ පැවැති රාජකාරි ක්‍රමය තුළ ජනතාව පාරම්පරිකව යෙදිය යුතු යැයි සම්මත විවිධ කර්මාන්ත සහ ගොවිතැන් නියමව තිබුණේය. එහෙත් කෝල්බෲක් යෝජනාවලියත් සමග මෙම තත්ත්වය වෙනස් වීමෙන් ජනයාට තමාගේ මනාපය පරිදි කැමැති කාර්යයක නිරත වීමටත්, කැමැති රැකියාවක්, කැමැති ගොවිතැනක් කිරීමටත් නිදහස ලැබිණි. මෙයින් එතෙක් පැවැති කුල භේදයද නැතිවී ගියේය. ජනයාට සිතේ නිදහසින් යුතුව ජීවත් වීමට මඟ පෑදිණි.
ලිහී ගිය ඉඩකඩම් බැමි

කෝල්බෲක් යෝජනාවල තිබූ තවත් ප්‍රධාන කාරණාවක් අනුව ජනයා මෙන්ම ඉඩකඩම් කෙරෙහිද නිදහස් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව එතෙක් විවිධ කුල සහ කණ්ඩායම් මෙන්ම විවිධ වගාවන් සඳහා යැයි විවිධාකාර බැමි යොදා සිරකර තිබූ ඉඩකඩම්, අදාළ කොන්දේසිවලින් නිදහස් කෙරිණි. ඒ අනුව සියලු ඉඩම් ඒ ඒ අයට අවශ්‍ය පරිදි භාවිතයට ගැනීමට හැකි විය. ඒ අනුව විවිධ වැවිලි ආදී ව්‍යාපාර ඇතිවිය. බි්‍රතාන්‍ය ව්‍යාපාරිකයන් මුදල් යොදවා වතු වගා ආරම්භයට පෙලඹිණි. එමෙන්ම ඒවාට නිදහසේ සේවකයන් සපයා ගන්නටද ඉඩකඩ ලැබිණි.
ඒකාධිකාරය නැතිවී බලය බෙදී යයි

කෝල්බෲක් යෝජනාවලට පෙර ආණ්ඩුකාර තැනට විශාල ඒකාධිකාරී බලයක් තිබුණද පසුව එය නැති කෙරිණි. ඒ අනුව පළමු වරට ඔහුට උපදෙස් දීමටද, ඔහු ඉදිරිපත් කරන නීති ආදිය පරීක්ෂා කර බැලීමටද විශේෂ මණ්ඩලයක් පත්කෙරිණි. මෙමගින් ස්වාධීන ක්‍රියාශීලී නීති ක්‍රමයකට මඟ පෑදිණි. මෙමගින් විධායක සහ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ඇතිකෙරිණි. මෙම මණ්ඩලයට පත්කරන ලද සාමාජිකයන් සයදෙනා අතරට සිංහලයකු සහ දමිළයකුද ඇතුළත් වූ අතර අනෙක් අය ඉංග්‍රීසින්ට සම්බන්ධ අය වූහ.










