• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඉදිරියේදී ඔබත් අසනීප වෙයිද?

February 7, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
ඉදිරියේදී ඔබත් අසනීප වෙයිද?
Share on WhatsAppShare on Facebook

ජන්ම පත්‍රයේ 6 වැනි රාශියෙන් රෝග ගැන කරුණු අනාවරණ කරගැනීමට උගත් ජ්‍යොතිෂවේදියාට හැකියාවක් ඇත. එමෙන්ම භාවවල හැඩරුව අනුසාරයෙන්ද වා පිත් සෙම් පිළිබඳ ව්‍යාධීන් අනාවරණ කරගත හැකිය. අපෝ, තේජෝ, වායෝ හා පඨවි යන භූත ස්වභාවයන් අනුසාරයෙන්ද මිනිසාට වැලඳෙන විවිධ රෝගාබාධ ගැන කරුණු දත හැකිය. සංක්ෂිප්තව කියතොත් ග්‍රහයන් කටක, වෘශ්චික හෝ මීන යන ජල රාශියක නම් උෂ්ණත්වයත් පිතත් හේතු කරගෙන හටගන්නා රෝගාබාධයන්ද, මිථුන, කන්‍යා හෝ කුම්භ යන වාත රාශියක නම් වාතය මුල්කරගෙන ජනිත රෝගයන්ද, වෘෂභ, කන්‍යා හෝ මකර නමින් ගැනෙන පඨවි රාශියක නම් වාතය, සෙම හෝ උෂ්ණත්වය එක විට මුල්කරගෙන වැලඳෙන රෝගයන්ද මැනැවින් හඳුනාගත හැකිය.

ඉහත සඳහන් කළේ විවිධ රෝග හඳුනාගත හැකි ජ්‍යොතිෂ විද්‍යාත්මක නිර්ණායක කිහිපයකි. මීට අමතරව රෝග හඳුනාගත හැකි යෝගද ඇත. තම සතුරු හෝ නීච රාශියක තැන්පත් ග්‍රහයාගේද දෙවැනි, තුන්වැනි, හයවැනි, හත්වැනි, අටවැනි හෝ දොළොස්වැනි භාවයට අධිපතිත්වය දරන ග්‍රහයන්ගේද දශාවන් සාමාන්‍යයෙන් ජන්මියාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට අහිතකර කාලයක් ලෙස සැලකේ.

ඉහත සඳහන් කළේ විවිධ රෝග හඳුනාගත හැකි ජ්‍යොතිෂ විද්‍යාත්මක නිර්ණායක කිහිපයකි. මීට අමතරව රෝග හඳුනාගත හැකි යෝගද ඇත. මෙතැන් සිට ඒවා දැනගැනීමට අපි උත්සුක වෙමු. මානව ශරීරයේ ලිංගේන්ද්‍රියේත් සෙසු උත්පාදක හේතුභූත ඉන්ද්‍රියන්ගේත් විවිධ අබල දුබලතා දුර්වලකම් ඇතිකරන්නේ කුජ ග්‍රහයා සමග සිකුරු ග්‍රහයා ඒකරාශි වූ විටය. ශුක්‍රට වකුගඩු අයිති නිසාත්, කුජ ග්‍රහයා ස්වභාවයෙන්ම වේගවත් නිසාත්, ඔහුගේ වේගය වකුගඩුවලට හිමිවන නිසාත් වකුගඩු අමාරු ඇතිවෙයි. මීට අමතරව තුනටියේ රුදා ගතියක් ප්‍රථමයෙන්ම මෙවන් ජන්මියකුට ඇතිවී ඉන් අනතුරුව මුත්‍රා අඩුවීම හෝ වැඩිවීම හෝ පටන්ගෙන අන්තිමේදී ආබාධිත විය හැකිය.
පිත් අමාරුවත්, අක්මාගත අපහසුතාත්, පෙණහලුවල ෂ්ලේෂ්ම පටලයේ අමාරුත් ජනිත වන්නේ කුජ ගුරු යෝගයකිනි.

ශනි සමග කුජ සිටීමෙන් රුධිර සංසරණ රටාවේ වේගය ශීඝ්‍ර කරයි. කාලයාගේ ඇවෑමෙන් ඉහත කී තත්ත්වය වැඩි කලක් පැවැතිය හොත් ව්‍යාධිගත ජන්මියා එයින්ම ඔත්පළවී එක්තැන් වීමට බැරි නැත.

බුධ ග්‍රහයාගෙන් අනාවරණ කරගත හැක්කේ නහරයේ රෝගාබාධයන්ය. බුධත්, කුජත් යෝගව සිටින විට ජන්මියා පමණක් ඉක්මවා කටයුතු කිරීමෙන් නහර දුබලතා පිළිබඳ රෝගයන්ට මංපෙත් විවර වනු ඇත. රුධිර වාහිනීවල පිටත සිදුවන අමාරුකම්වලටද ඉඩක් ඇති බව සොයාගෙන ඇත.
පෙණහලු හා අක්මාවේ සෑදෙන ගෙඩි, බිබිලි, තුවාල වැනි රෝගවලට උදව් කරන්නේ බුධ ගුරු යෝග වීම බව සටහන්ව ඇත.

වේදනාව ගෙනදෙන රත්පිත්, රක්තවාත රෝග ස්වභාවයෙන්ම රවි ශනි යෝග වීමට බලපායි. ශනි සියලු වාතාබාධ බව අපි දනිමු. ශනි සඳු සමග සිටි විට මිනිස් සිරුරේ තෙත් ගතිය නොහොත් සෙම් ගතිය අධික වීමෙන් විවිධ අසනීප ගෙනදෙනු ඇත.

ජන්මීන්ට සකල විධ සෙම් රෝගයන් ඇතිකර දෙන්නේ ශුක්‍රත් සඳුත්ය. ඒ අනුව සෙම් ගෙඩි, මස් දලු, ගෙල මහත්වීම යනාදී සෑම රෝගයකටම මූලිකත්වය ගන්නේ ඒ දෙපළය. ජන්ම කේන්දරයේ 2,6,8 හෝ 12 යන කිනම් භාවයක සිකුරුත් සඳුත් යෝගවී ඇත්නම් ඉහත කී කරදර ගෙනදෙනු ඇත.
පෙණහලුවලට වතුර ඒකරාශීව ඒවායේ විවිධ තුවාල ඇතිවන්නට හේතු වන්නේ සිකුරු හා ගුරු එකතුවීම වේ.

දිගු කලක් ඇතිවන රෝගවලට ශනිගේ බලපෑමක් ඇතිවන බව අනාවරණ වෙයි. පිළිකා, දියවැඩියා හෝ අත්පා කොරවීම වැනි ව්‍යාධීන්ට හේතුව ශනි සෙසු ග්‍රහයන් සමග එකතු වීම බව අප දත යුතුය.

චන්ද්‍රයාත් බුධත් ලග්නාධිපති සමග හයේ යෝගීව සිටියි නම් චර්ම රෝග ඇතිවෙයි. එනම් දද, හොරි හෝ කුෂ්ඨ වෙයි.

හයේ අධිපතියා කුජ සමග යෝග වී සිටියි නම් සිරුරේ රුහිරු දූෂ්‍ය වන අමාරු නිතර නිතරම ඇතිවෙයි. ලේවල උණුසුම අධික වීමෙන් චර්ම රෝගද ඇතිවෙයි.

බුධ හා ශනි දෙදෙනා කන්වල රෝගවලට මුල් වෙයි. ශනි දුබලව සිටීමෙන් හා ඔවුන්ට සතුරු ග්‍රහයන් සිටීමෙන් කන්වල ආබාධ ඇතිවන බව හඳුනාගෙන ඇත.

චන්ද්‍රයා හෝ ශුක්‍ර උච්ච ස්වක්ෂේත්‍රව සිවුවැන්නේ සිටියත් පාපයන්ගේ වර්ගවලට පාපයන්ට පෙනෙමින් සිටියොත් ක්ෂය රෝගය හෝ පෙණහලුවල ආබාධ සෑදේ.

චන්ද්‍රයා දුබලවී හයේ හෝ අටේ පාපයන් සිටියහොත් විශේෂයෙන්ම විවාහක කාන්තාවන්ට අපල වෙයි. ගබ්සාවීම් ඇතිවී රෝගී තත්ත්ව මතුවීමට ඉඩ ප්‍රස්ථාව බොහෝ ඇත.

ශුභයන් නොමැතිව හයවැනි භාවගතව පාපීන් පමණක් සිටී නම් ජන්මියා නිතරම ව්‍යාධි ගතියෙන් සිටී. උන්මාදයෙන් පෙළෙන අයගේ සඳු දුබලව සෙනසුරු සමග දොළොස්වැන්නේ පතිතව සිටින බව සොයාගෙන ඇත. එය පහත පරිදි හඳුන්වා දිය හැකිය.

● ජන්ම කේන්දරයේ සඳු සිටි තැනින් 8 වැන්නේ රාහු සිටින පුද්ගලයකුගේ රාහු මහ දශාව.
● උපතේදී ශනි සිටි තැනින් 12 වැනි භාවය හිමි ග්‍රහයාගේ දශාව.
● සඳු සිටි තැනින් 7 වැන්නේ රවිට අයත් රාශියක වී නම් රවිගේ දශාව.
● සඳුගේ 6 වැන්න කුජට අයත් රාශියක වැටී නම් එවිට කුජගේ දශාව.
● මාන්දි ලග්නයෙන් 4 වැනි හෝ 10 වැනි භාවයෙහි තැන්පත් අයකුගේ එකී මාන්දි තැන්පත් රාශියට අධිපති ග්‍රහයාගේ දශාව.
● 12 වැන්න අධිපතිකම සිකුරුට හිමිවෙයි නම් සිකුරුගේ දශාව.
● උපන් දශාවෙහි සිට 4 වැනි දශාව වශයෙන් උදාවන සෙනසුරුගේ මහ දශාව.
●ලග්නයෙහි 4 වැන්නේ හා 10 වැන්නේ බලවත් පාප ග්‍රහයන්ගේ දශාවන්.
● ජන්ම නැකැතෙහි සිටි 5 වැනි හෝ 7 වැනි නැකැත් කුජට හා රාහුට අයත් වෙයි නම් කුජ හා රාහුගේ මහ දශාව.
● ජන්ම නැකැතේ සිට ගැන බැලූ කල්හි 6 වැනි නැකැත ගුරුට අයත් වෙයි නම් ගුරුගේ දශාව.
● අට අධිපතියා 6,8 හෝ 12 වැනි භාවයකට ගොස් සිටියි නම් එම 8 අධිපති ග්‍රහයාගේ මහ දශාව සහ අන්තර් දශාවන්.
● ලග්නයේ හෝ 8 වැන්නේ උපතේදී පිහිටි සෙනසුරුගේ දශා කාලය.

ජ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

කරුණා අම්මාන් මරලා දායි කියලා රටින් පැනලා හැංගිලා ඉන්න ලංකාවේ හොඳම පොලිස් නිලධාරියා එළියට එයි! රහස් හෙළිකරයි! (VIDEO)

Next Post

නම කිව්වත් බයවෙන කවුද මේ මහාලොකු මෑණියෝ…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.