• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබටත් දරුපල අහිමිවෙලාද?

September 26, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ඔබටත් දරුපල අහිමිවෙලාද?
Share on WhatsAppShare on Facebook

දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන විවාහ දිවියට එළඹීමෙන් පසු ඔවුන්ගේ ඊළඟ ප්‍රධාන අරමුණ දරුවකු ලබාගැනීමය. එහෙත් මේ වන විට එම ප්‍රාර්ථනාව සිහිනයක් බවට පත්වන අවස්ථා වැඩි වෙමින් තිබේ. ඊට හේතුව දරුවන් නොමැතිව දුක් විඳින අඹුසැමි පිරිස ශීඝ්‍ර ලෙස ඉහළ යෑමය.

වාර්තමානයේ විවාහ වන සෑම යුවලකටම එසේ දරු සම්පත් හිමි නොවීම කනගාටුවට කරුණක් බවට පත්ව ඇති අතර ඒ හේතුව නිසාම විසිර ගිය පවුල් ජීවිත ප්‍රමාණය අති විශාලය. ජීවිත කාලය පුරා සුසුම් හෙළමින් විඳවන අඹුසැමියන් ප්‍රමාණයද අතිවිශාලය. එසේම පවුල් ආරවුල් ගැටුම් බහුතරයකට මේ ප්‍රශ්නය හේතු සාධක වී ඇති බවද අද වන විට පැහැදිලිව පෙනී යයි.

මේ සම්බන්ධව ගැඹුරින් කරුණු විමසා බැලීමේදී අඹුසැමියන් විවාහයට ප්‍රථම නිසියාකාරව හඳහන් ගළපා නොගැනීම යන කරුණු ප්‍රබල හේතුවක් සේ දැක්විය හැකිය. මන්ද ඒ ඒ අයගේ කේකන්දර තුළ ඇති දරු පල සම්බන්ධ වූ විවිධ ග්‍රහ පිහිටීම් එකිනෙකාගේ ග්‍රහ තත්ත්වයන් සම්බන්ධව ගැළපෙන්නේ කෙසේද යන්නත් සොයාබැලිය යුතුය. එසේ නොමැතිව කාන්තාවට පමණක් වරද භාරදී නිදහස් වන්නට සිතීම සාර්ථක නොවේ. මන්ද දරු පල අහිමි පිරිමින්ද බහුතරයක් සිටින බව තේරුම් ගත යුතුය.
මේ කාරණා සඳහා ප්‍රබලව බලපානු ලබන්නේ ඒ ඒ ජන්මීන් පෙර භවයන්හි කළ පව් පින් බවටද පුරාණ ඍෂිවරු අදහස් දක්වා ඇත. ඒ අනුව මිල මුදල් යාන වාහන මේ සියල්ල ලබන්නට පෙර පින වාසනාව තිබූ ඇතැම් අයට දරු පල නොමැතිව දුක් වීමට සිදුවූ අවස්ථාද ඇත. ඒ කිසිවක් ලබන්නට පෙර පින නොවූ බොහොමයක් දෙනා දරු සම්පත් විශාල වශයෙන් ලබමින් ජීවත් වන අයුරුද දැකගත හැකිය. මේ දෙවර්ගයේම සම්පත් ලබමින් ජීවත් වන අයද සමාජය තුළ දක්නට ලැබේ. එනිසා තමන් පෙර භවයන්හි කළ කී දේවල් අනුව දරු පල ප්‍රමාද වුවද අහිමි වුවද ඒ තත්ත්වයන් නිසි ලෙස මඟහරවා ගන්නට කළ හැකි වත් පිළිවෙත් බොහෝ ප්‍රමාණයක් ජ්‍යොතිෂයේ දක්වා ඇත.

ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව දරුවන් පිළිබඳ සොයාබැලීමේ ක්‍රමවේදයන් රාශියක් ඇත. ඒ අනුව කේන්දරයක පස්වැන්නෙන් දරුවන් පිළිබඳ හඳුනාගත හැකිය. යම් ජන්මියකුගේ කේන්දරයේ පස්වැන්න දෙස ඉතා කල්පනාකාරීව අවධානය යොමුකළහොත් ඔහුට ඇයට ලැබෙන නොලැබෙන දරු සම්පත් ගැන සියල්ල එහි සටහන්ව තිබෙනු දැකගත හැකිය.

පස්වැන්නේ සිටින ග්‍රහයන් පස්වැන්නට දෘෂ්ටි හෙළන ග්‍රහයන් එහි අධිපති සහ එම ග්‍රහයාගේ තත්ත්වයත් එසේම පුත්‍රකාරක ගුරුතේත් පස්වැන්නත් පුළුල්ව සොයාබැලිය යුතු කරුණුය. යම් ස්ත්‍රියකගේ කේන්දරයේ සඳු, කුජ, සිකුරු ග්‍රහයන් අසුබව නීච හෝ සතුරුව පීඩාවට පත්වී නම් ඇය ලිංගික කටයුතු කෙරෙහි යොමු නොවන්නීය. එහෙයින් ඇයගෙන් දරුපල අපේක්ෂා කිරීම නිෂ්ඵලය. යම් ලෙසකට පහ අධිපති උච්චව හෝ ස්වක්ෂේත්‍රව බලවත්ව සිටීනම් වාසනාවන්ත දරුවන් ලැබේ. එසේම ගුරු, සිකුරු උච්චව පස්වැන්නේ සිටීමද සුබ ග්‍රහ පිහිටීමකි. එයින් බුද්ධිමත් දරු සම්ත් හිමිකර දේ. යම් ලෙසකට ගුරු නීච වුවහොත් අකාරුණික බවින් යුතු දරුවන් ලැබෙන බව පැහැදිලිය.

යම් ලෙසකට බුධ ග්‍රහයා ලග්නයෙන් පහේ හෝ නවයේ සිට අනෙක් ග්‍රහයන් දුර්වල වූ විට පිරිමි දරු සම්පත් බහුල කරයි. ජන්මියකුගේ ලග්නය සිංහ වී රවි, සඳු දුර්වලව කුජ හා ශනිගේ දෘෂ්ටියට ලක්වී නම් උපදින දරුවන් අන්ධභාවයට පත්වන බව සඳහන් වේ. එසේම ඉතා හොඳින් තේරුම්ගත යුතු කාරණය නම් දරු ගැබක් හටගන්නේ රවි, සඳු, සිකුරු තම නවාංශකවල සිටින අවස්ථාවල ඇතිවන ලිංගික සබඳතාවකින් පමණක්ය යන්නය.

එසේම විවාහක අඹුසැමි යුවලක් ඉතා හොඳින් තේරුම්ගත යුතු කාරණයක්ද වෙයි. ඒ, තමන් අපේක්ෂා කරන දරුවා පිරිමි දරුවකුද ගැහැනු දරුවකුද යන්නය. මන්ද පිරිමි දරුවකු අපේක්ෂ කරන දෙදෙනකු ඇසුර පැවැත්විය යුත්තේ මාස් ශුද්ධියෙන් 6,8,10,12,14,16 යන දිනවලදීය. එසේම ගැහැනු දරුවකු අපේක්ෂා කරන දෙදෙනකු ඇසුරේ යෙදිය යුත්තේ 5,7,9,11,13,15 යන දිනවලදීය. එසේම තමන්ට ලැබෙන දරුවා ඉතා ගුණවත් යහපත් බුද්ධිමත් දරුවකු වේවායි පතන අඹුසැමියන් යහනේ දකුණු පසින් සැමියාද, වම්පසින් බිරියද ලෙස යහනට පැමිණිය යුතු වෙයි.

යම් ලෙසට කේන්දරයේ දරු පල සටන්ව ඇතත් එය ප්‍රමාද වේ නම් ඒ සඳහා තමන් නිතර යන එන බෝධින්වහන්සේ නමක් තෝරාගෙන සතියේ සඳුදා සහ සිකුරාදා දිනවල බෝධි පූජා හතක් තබා එම පින පත්තිනි මෑණියන්ට අනුමෝදන් කර තමාගේ දරු පල සිහිනය ඉටුකර දෙන මෙන් ඉල්ලා සිටිය යුතුය. එවිට ඔබගේ යම් අකුසල කර්මයක් හේතුවෙන් දරු පල ප්‍රමාද වේ නම් ඒ තත්ත්වය මඟහැරී ගොස් දරු සිහිනය සැබෑ කෙරෙනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජය ශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

අමෙරිකාවේදී ගෝඨා ගහපු යූ ටර්න් එක! දැඩි කොන්දේසි මැද්දේ මහින්ද සිංගප්පූරු ගියේ ඇයි? විමල්ලා ගහන්නේ ගේමක්ද! දයාසිරි-ලසන්ත ශ්‍රීලනිපය දෙපැත්තට අදී (රාජ්‍ය රහස්)

Next Post

පහළ තේවා වැටට ද්‍රවිඩ ප්‍රහාරයක්…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.