• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වාසනාව රැගෙන ගලායන වතුර…

October 11, 2021
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
වාසනාව රැගෙන ගලායන වතුර…
Share on WhatsAppShare on Facebook

දහසකුත් අපේක්ෂාවන් මුදුන් පමුණුවාගෙන තමාගේ කියා නිවහනක් ගොඩනගා ගැනීම සඳහා භූමියක් මිලදී ගැනීමේදී හෝ සොයාගැනීමේදී තමාටත් තම පවුලේ සාමාජිකයන්ටත් අනාගතය සුබවාදීව සෞභාග්‍යය උදාකර දෙන භූමියක් තෝරාගැනීමට සුපරීක්ෂාකාරී වේ නම් එය ඔබට ඉතා වැදගත් වනු ඇත.

නැගෙනහිර දිශාවට වැසි දිය ගලා යන භූමියක් නම්

මෙම භූමියේ වෙසෙන අයට ඉතා යහපත් මානසිකත්වයකින් යුතුව තම ආත්ම ශක්තිය ගොඩනැගෙනු ඇත. ගෘහ ජීවිතයේ දියුණුවද දූ දරුවන්ගේ අධ්‍යාපනික දියුණුවද ලබාගැනීමට හැකි වේ. සමාජයේ ගෞරවාදරයට හා උසස් කීර්තිනාම ධන සම්පත් ගෙන දෙන, පදිංචියට සුදුසු යහපත් භූමියකි.

ගිනිකොන දිශාවට වැසි දිය ගලා යන භූමියක් නම්

මෙම භූමියේ වෙසෙන අයගේ පවුල් ජීවිත අවුල් සහගත වීමෙන් හා නිතර ණයතුරුස්වලින් පිරි මානසික සහනය අඩු වේ. ධනය කොතෙක් ලැබුණද තමාට නොදැනීම එය විනාශ වී යනු ඇත. පදිංචියට අසුබදායක භූමියකි.

දකුණු දිශාවට වැසි දිය ගලා යන භූමියක් නම්

මෙහි වෙසෙන නිවැසියන්ට සිතට විවිධ අසුබවාදී බලෑම් එල්ලවනු ඇත. එනම් ගිනි බිය, විදුලි හා අකුණු සර ආදී හදිසි අනතුරු තුළින් සෝ සුසුම් දුක් කම්කටොලු ගෙන දීමට හා තම ඥාති වර්ගයාගේ විනාශයට මුල්වන විපත්තිදායක කරුණු යෙදෙනු ඇත. පදිංචියට නුසුදුසු භූමියකි.

නිරිත දිශාවට වැසි දිය ගලා යන භූමියක් නම්

උත්සාහයේ තරමට ප්‍රතිඵල අඩුවනු ඇත. නිතර සොර සතුරු බියද අවි ආයුධ තුළින් හානිද සිදුවීම හා තමන්ගේ සහෝදර ආදීන්ට හදිසි අනතුරු ගෙනදීමේ ප්‍රවණතාව වැඩිය. පවුලේ දියුණුවටද බාධා ගෙන දේ. මෙයද පදිංචියට අසුබ භූමියක් ලෙස සැලකේ.

බටහිර දිශාවට වැසි දිය ගලා යන භූමියක් නම්

මෙවැනි භූමියක වෙසෙන අයට නිකරුණේ විය හියදම් සඳහා කරුණු යෙදෙනු ඇත. විශේෂයෙන් කාන්තා පක්ෂයේ අයට නිරතුරු රෝග පීඩා විපත් ගෙන දීමේ ප්‍රවණතාව වැඩිය. පවුලේ සමගියටද බාධා ගෙන දේ. මෙම භූමියද පදිංචියට අසුබ වන්නේය.

වයඹ දිශාවට වැසි දිය ගලා යන භූමියක් නම්

මෙහි වෙසෙන ගෘහ මූලිකයාට විදුලි සර වැනි හදිසි විපත් ගෙන දීමටද, පවුලේ වැඩකටයුතු දියුණුවට මන්දගාමී තත්ත්වයකට හා දූ දරුවන්ගේ අධ්‍යාපනය, රැකියා කටයුතු අඩාළ වීමටද හේතු යෙදේ. මෙම භූමියද පදිංචියට අසුබ වන්නේය.

උතුරු දිශාවට වැසි දිය ගලා යන භූමියක් නම්

මෙහි වෙසෙන අයට ඉතා යහපත් හදිසි ධන ලාභ, නිවාස, ඉඩකඩම්, යාන වාහන සහ සමාජයේ ගෞරවය ලැබෙනු ඇත. එහෙත් ලැබෙන දෙය රැකගැනීමට අසීරුතාවක් උදාවනු ඇත. නිවැසියන්ට නීතිමය වශයෙන් ගැටලු මතුවී අපකීර්තියට පත්වීමටද ඉඩ ඇත. මෙම භූමිය පදිංචියට සුබදායක වනු ඇත.

ඊසාන දිශාවට වැසි දිය ගලා යන භූමියක් නම්

විශේෂයෙන්ම මෙහි වෙසෙන අයට දෙවියන්ගේ ආශීර්වාදය වැඩි වශයෙන් ලැබෙනු ඇත. තම ආගම දහමට නිතර නැඹුරුවීමක් පෙන්වයි. දූ දරුවන්ගේ අධ්‍යාපනික හා සමාජයීය දියුණුවට මංපෙත් විවර වෙයි. ගෘහ ජීවිතයේ සතුට සමාදානය හා කාන්තා පක්ෂයේ අයට උසස් නිලතල දැරීමේ භාග්‍යය උදාවනු ඇත. මෙම භූමිය වාසයට ඉතා යහපත් වනු ඇත.

ඉහත දැක්වූ කරුණු අනුව ඔබ අසුබදායක භූමියක පදිංචි වී ඇත්නම් වාස්තු විද්‍යානුකූලව සුබදායී ලෙස භූමිය සකසා ගෙන පවුලේ දියුණුව, සෞභාග්‍යය උදා කරගන්න.
මෙම කරුණු අපගේ දීර්ඝකාලීන ගවේෂණාත්මක අත්දැකීම් තුළිනි.

ගුප්ත විද්‍යා හා ජ්‍යොතිෂවේදී, ජේ. එම්. ජයන්ත ඒකනායක

SendShareShare
Previous Post

සීතාව සොයන්න හනුමාන් ගිනි තියපු තැන සොයාගනී…

Next Post

AIA ඉන්ෂුවරන්ස් MDRT සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාවේ පළමු තැනට

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.