• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සීතාව සොයන්න හනුමාන් ගිනි තියපු තැන සොයාගනී…

October 11, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සීතාව  සොයන්න හනුමාන් ගිනි තියපු තැන සොයාගනී…
Share on WhatsAppShare on Facebook

වසර දහස් ගණනකින් එපිට ඈත ඉතිහාසයේ එක් යුගයක හෙළයේ මහා රජු වූ රාවණයන් ලෝකයේ පාලන බලය පමණක් නොව විශ්වයේ පාලන බලයත් සිය විස්මිත හැකියාවන්ගෙන් ග්‍රහණය කරගෙන සිටියේය. රාවණයන් තමාට අවශ්‍ය ලෙස මේ ජීවී අජීවී බොහෝ වස්තූන් හසුරුවන්නට සමතකු වූවේය. හෙතෙම සිය අණසකට විශ්වයම නතු කරගෙන සිටි නිර්භීත රාජ්‍ය පාලකයකු සේ විරාජමානව සිටියේය.

මේ කාලයේ ඉන්දියාවේ රාම නම් කුමරකුගෙන් සිය නැගණියට සිදුවූවා යැයි කියන අපහාසයක් ගැන රාවණ රජු පසුවූයේ දැඩි කෝපයෙනි. කිසිවකුට නොදෙවැනි බල පරාක්‍රමයක් සහිත තමා ගැනත් නොතකා එලෙස ඉන්දීය කුමරකුගෙන් සිය නැගණියට අපහාසයක් සිදුවීම නොවිය යුත්තක් සේ රාවණ රජු සිතුවේය.

එකල ගුවනින් ගමන් බිමන් යෑමේ තාක්ෂණයක් සහ යානයක් හිමි ලොව එකම පාලකයා වූ රාවණ රජු රාමගෙන් පලිගන්නා අදහසින් යුතුව ගුවනින් ගොස් ඔහුගේ බිරිය පැහැරගෙන විත් සඟවා තබාගත්තේ දැඩි ආරක්ෂිත රැකවල් සහිතව කාන්තාවකට ලැබිය යුතු ගෞරව සහ ආරක්ෂාවත් සැපපහසුකමත් රාජකීය සත්කාරයනුත් නිසි අයුරින් ලබාදෙමිනි.

මේ අතර විශාල වානර සේනාවකගේ සහාය ලබාගනිමින් රාම කුමරු ලක්බිමට පැමිණෙන්නේ ඉන්දියාවත් ලංකාවත් යාකරමින් පාලමක් ඉදිකරගෙනය. ඉතා එඩිතර නිර්භීත පාලකයකු වූ රාවණ මේ කිසිවකින් නොසැලුණේය. ඔහු සීතාව දැඩි ආරක්ෂා සහිත සුවපහසු භූගත මාලිගා සංකීර්ණවල සඟවා තබන්නට කටයුතු කළේය. රාම කුමරුත් වානර සේනාවත් රටේ බොහෝ තැන්වල සීතාව සොයා ගියේය. එහෙත් ගුවනින් ගමන් බිමන් යන රාවණ හා සටන් කොට සීතාව සොයාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. රාම සහ පිරිවර කරන්නට සූදානම් වන්නේ මොනවාද යන්නත් ඔවුන්ගේ සැලසුමත් ක්‍රියාත්මක කිරීමට පෙර රාවණගේ විස්මිත බුද්ධියට හසුවීමෙන් රාම කුමරු ඇතුළු පිරිස දැඩි අපහසුතාවකට පත්වූ බව ජනප්‍රවාද ඇසුරේ සඳහන් වේ.

මේ අතරේ රාවණගේ විස්මිත බලය බිඳදමන්නට මඟක් සොයා ගන්නට නොහැකිව රාම ඇතුළු පිරිස අසරණ වෙද්දී වානර පිරිසේ නායකයාව සිටි හනුමාන් සිය වල්ගයට පහන් තිර ඔතාගෙන ඊට ගිනි තබාගනිමින් මෙරට එක් ප්‍රදේශයක්ම ගිනිබත් කරමින් ගහකොළ ගිනි තබමින් කටයුතු කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
එහෙත් භූගත මාලිගා සංකීර්ණවල විසූ රාවණ රජු ඇතුළු පිරිසට ඉන් කිසිදු හානියක් නොවුණද ගහකොළ දැවී පිච්චී අළු බවට පත්ව එතැන් පටන් එම ප්‍රදේශය කාන්තාරයක් බවට පත්වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එම ගින්නේ බලපෑම මත හනුමා ගිනිතැබූ බිම යළිත් කිසිදු විශාල ශාකයක් හට නොගත් බවත් හනුමාන් දැඩි කෝප සිතින් එම කටයුත්ත කළ හෙයින් එම ශාපය මත එම බිමේ යළි වානර කුලයේ සතකුට යෑමට හෝ වාසයට ඉඩක් නොලැබෙන අයුරින් විශාල ගස් වැවීම නතරවූ බවටද විශ්වාසයක් වෙයි.

දීර්ඝ කාලයක් පුරා කාන්තාරයක් ලෙසින් පැවැති මේ බිම පසු කලෙක තණ බිමක් වශයෙන් වර්ධනය වෙමින් හෙළ භූමියේ තවත් සුන්දර ඉසව්වක් බවට පත්ව ඇති අතර හනුමා විසින් ගිනිතැබූ මොහොතේ මහා එළියක් අහස් කුසට නැගි බැවින් මේ බිම මහඑළිතැන්න නමින් හඳුන්වා ඇති බවත් ජනප්‍රවාදයේ එයි.

හෝර්ටන්තැන්න සතු කාන්තාරයක්ව පැවැති පසු කාලයේ විවෘත තණ බිමක් වූ මේ ඉසව්ව අද වන විට දෙස් විදෙස් කාගේත් ඇස සිත පිනවන අපූරු ඉසව්වක් වී තිබේ. රාමා සීතා රාවණා ගැන මහා රහස් ගොන්නක් සඟවාගෙන අදටත් නිහඬව හිඳිනා මේ බිම තවත් වසර දහස් ගණනක් යන තුරුත් ඒ රහස් රකිනු නිසැකය.

1969 දෙසැම්බර් 05 වැනි දින ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණු හෙක්ටයාර 3,160ක් පමණ පැතිර පවතින මෙම ප්‍රදේශය ඇතුළත් හෝර්ටන් තැන්න හෙළ බිමේ තවත් විස්මිත පිහිටීම් රැසක් සහිත කලාපයකි. ඒ අතර ලංකාවේ දෙවැනි උස සහිත කිරිගල්පොත්ත (මීටර් 2,393) කිලෝමීටර් හතරහමාරක් පමණ පාගමනින් ගොස් ළඟාවිය හැකි පුංචි ලෝකාන්තය (මීටර් 274ක බෑවුම) ආදී බොහොමයක් සුවිශේෂ විස්මිත පිහිටීම් මේ අපූරු බිමට සම්බන්ධව පවතී.

හනුමා මේ බිමට ගිනිතැබුවේ මේ ආසන්නයේ රාවණගේ ප්‍රධාන භූගත මාලිගා සංකීර්ණයක් තිබූ නිසා බවටත් විවිධ ජනප්‍රවාදයන් තුළ සඳහන්ව ඇත. එහෙත් එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ සැඟවුණු ඒ රහස් මතුවටත් රහසක්ව තබාගන්නට මහඑළිතැන්න නිහඬව හෙටත් බලා සිටිනු ඇත.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

මහින්දලාට දුන් ගුරු සංගම් සාකච්ජාව මහින්දම කල් තියයි! (VIDEO)

Next Post

වාසනාව රැගෙන ගලායන වතුර…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.