AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මිලියන් ඩොලර් වටමේස (MDRT) සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානයත්, ලෝකයේ 77 වැනි ස්ථානයත් අත්පත් කරගැනීම මහත් සාඩම්බරයෙන් සමරයි. ජීවිත රක්ෂණ අංශයේ සාමාජිකයන් 163 දෙනකුගෙන් සහ බෑන්ක්ඇෂුවරන්ස් අංශයේ සාමාජිකයන් 50 දෙනකුගෙන්ද සමන්විතව 2021 වර්ෂය සඳහා මුළු MDRT සාමාජිකත්වය 213ක් ලෙස වාර්තා කිරීමට AIA සමත්විය. එමෙන්ම මෙසේ MDRT සාමාජිකත්වයෙන් AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 6 වැනි වසරටත් මෙරට ප්‍රථම ස්ථානයට පත්වීම තවත් විශේෂත්වයකි. MDRT සාමාජිකත්වයෙන් ලෝකයේම 77 වැනි ස්ථානයට පත්වීමෙන් ලත් ඇගයුම AIA ඉන්ෂුවරන්ස් ජාත්‍යන්තර තලයේ යහක්‍රියාකාරකම්වලින් සමන්විත විශිෂ්ට අලෙවි බළකායක් සහිත සමාගමක් බව මනා ලෙස කියාපායි.
2016 වසරේදී AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම MDRT සාමාජිකත්වයේ 100යේ ජය කණුව පසුකර යාමට සමත් වූ අතර එවකට එම ජයග්‍රහණය අත්පත් කරගැනීමට හැකියාව ලද එකම ශ්‍රී ලාංකීක ජීවිත රක්ෂණ සමාගම බවට AIA පත්විය. එදා සිට අද දක්වා AIA ඉන්ෂුවරන්ස්, අඛණ්ඩව ශ්‍රී ලංකාවේ MDRT සාමාජිකත්වයෙන් ඉහළම ස්ථානයේ රැඳී සිටීමට මහත් ජවයෙන් සහ ශක්තියෙන් කටයුතු කරමින් සිටියි.











