ජීවිතේ කොච්චර හම්බ කළත් අතේ සල්ලි රැfඳන්නේ නැති, කරන කරන ව්‍යාපාරය අසාර්ථක වෙන මිනිස්සුන්ට ජ්‍යොතිෂයේ වගේම පැරණි ගුප්ත විද්‍යාවේ තියෙන ප්‍රබලම විසඳුමක් තමයි පිච්ච මල් කෙම. මේක හුදෙක් ආගමික වත්පිළිවෙතක්ම නෙවෙයි; සුවඳ සහ වර්ණය හරහා විශ්වයේ තියෙන සෞභාග්‍යයේ ශක්තිය තමන්ගේ දියුණුවට හරවා ගන්නා අතිශය රහසිගත ක්‍රමයක්. පිච්ච මල කියන්නේ සිකුරු ග්‍රහයාට වගේම සෞභාග්‍යයට අධිපති මහා ලක්ෂ්මී මෑණියන්ට ඉතාම ප්‍රියජනක දෙයක්. නිවසක හෝ ව්‍යාපාරික ස්ථානයක ශ්‍රියා කාන්තාව අහකට ගිහින් කියලා හිතෙනවා නම්, අගහිඟකම් වැහි වැහැලා නම්, මේ පිච්ච මල් කෙම තරම් ඒ දේවල් වෙනස් කරන්න පුළුවන් වෙනත් සරල ක්‍රමයක් තවත් නැහැ.
මේ කෙම පටන් ගන්න ඕනේ සිකුරාදා දවසක උදේ වරුවේ. පිරිසිදු පිච්ච මල් වට්ටි පහක් හෝ පිච්ච මල් මාලයක් ලක්ෂ්මී මෑණියන්ගේ රූපයක් ඉදිරියේ තියලා, සුදු හඳුන් සුවඳ දුම් දීලා, තමන්ගේ ආර්ථික බාධා ඉවත් වෙන්න කියලා අවංක හදවතින් අධිෂ්ඨාන කරන්න ඕනේ. මෙතනදී වැදගත්ම දේ තමයි මේ මල්වලින් විහිදෙන සුවඳ. ඒ සුවඳට පුළුවන් ඔබේ නිවසේ පවතින අසුබ ශක්තීන් සහ ”මූදේවිය” පලවා හරින්න. දරිද්‍රතාවය කියන්නේ ඇත්තටම අඳුරු ශක්තියක්. ඒ අඳුර මකන්න පිච්ච මල්වල තියෙන දීප්තිමත් සුදු පැහැයට සහ මත් කරවන සුළු සුවඳට මහා පුදුම බලයක් තියෙනවා. සිකුරාදා දිනවල නිවසේ උතුරු දිශාවෙන් පිරිසිදු පැන් බඳුනක පිච්ච මල් දමා තැබීමෙන්, ධනයට අධිපති කුවේරයාගේ බැල්ම පවා ඒ ස්ථානයට ලැබෙන බව පැරැන්නන්ගේ විශ්වාසයයි.
ඒ විතරක් නෙවෙයි, ව්‍යාපාර කරන අයට මේ කෙමෙන් තවත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. සිකුරාදා දවසක පූජා කරපු පිච්ච මල් කිහිපයක් පිරිසිදු සුදු රෙදි කැබැල්ලක ඔතා තමන්ගේ මුදල් තැන්පත් කරන සේප්පුවේ හෝ මුදල් පසුම්බියේ තබා ගැනීමෙන් අහේතුවකට සල්ලි වියදම් වීම නතර වෙලා, නොසිතූ මාර්ගවලින් මුදල් ගලාගෙන එන්න පටන් ගන්නවා. මේක මනෝ විද්‍යාත්මකවත් බලපානවා; පිච්ච මල් සුවඳින් ඔබේ මනස ප්‍රබෝධමත් වෙද්දී ඔබට අලුත් ව්‍යාපාරික අදහස් සහ දියුණු වෙන්න අවශ්‍ය මාර්ග ඉබේම පෙනෙන්න ගන්නවා. අතේ සතේ නැතිව ළතැවෙනවට වඩා, සිත පිරිසිදු කරගෙන මේ සරල පිච්ච මල් කෙම විශ්වාසයෙන් කරන කෙනෙකුට, සති කිහිපයක් යද්දී තමන්ගේ වාසනාව පෑදීගෙන එන හැටි අත්දැකීමෙන්ම දැකගන්න පුළුවන් වේවි. සෞභාග්‍යය කියන්නේ හඹා ගිය පලියට ලැබෙන දෙයක් නෙවෙයි, ඒක තමන්ගේ ජීවිතයට ආකර්ෂණය කරගත යුතු දෙයක්.
ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා











