මේ රටේ හැම දරුවෙකුටම ඉංග්‍රීසි අධ්‍යාපනය මෙන්ම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ද ලබා දිය යුතු බවත්,ඒ හරහා මේ රටේ දරු පරපුර දැනුමින් සන්නද්ධ කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ රටේ ලක්ෂ හතළිහකට වැඩි දූ දරුවන් වෙනුවෙන් නොමිලේ නිල ඇඳුම් ලබාදෙමින්,නොමිලේ දිවා ආහාරය ලබා දෙමින් අප්‍රමාණ මෙහෙවරක් කළ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ තිස් වන ගුණානුස්මරණය එම පෙළ මැයි පළවෙනිදට යෙදී ඇති බවත්,ඒ නිමිති කොට ගෙන පාසල් තිහක ස්මාර්ට් පන්ති කාමර ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ඒ මහතා පැවසීය. එතුමාගේ 100 වන ජන්ම දිනය ලබන වසරේ එළඹෙන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ නිමිති කොට ගෙන තවත් පාසල් සියයකට සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන බවද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ තිස්සමහාරාම යටාලතිස්ස ප්‍රාථමික විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 28 වන පියවර ලෙස රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් (රු. 924,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ මෙලෙස එම විදුහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.
මීට පෙර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා අදියර 27 දී සක්වල හරහා රුපියල් ලක්ෂ 22,501,650.00ක් වටිනා පරිගණක තාක්ෂණික පුවරු පරිත්‍යාග කොට තිබේ.
එමෙන්ම සක්වළට සමගාමීව පාසල් හැත්තෑවක් සඳහා රු.339,200,000.00ක් වටිනා බස්රථ 70ක් පාසල් සඳහා පරිත්‍යාග කොට තිබේ.