මේෂ – දේපළ වාසනා
සතියේ මුල් දිනවල පවුලේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට සිදුවේ. මැයි 19 න් පසු දේපළ හෝ යාන වාහන සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලැබේ. අලුත් ආදායම් මාර්ගයක් ගැන බලාපොරොත්තුවක් තබාගත හැක. Sri Lanka Latest News
වෘෂභ – රැකියාවේ පෙරළියක්
ඔබේ ලග්නයේ රවි ගමන් ගන්නා බැවින් පෞරුෂය ඉහළ යයි. රැකියා ස්ථානයේ පැවති විරුද්ධවාදිකම් යටපත් වේ. ධනස්ථානය වූ මිථුනය බලවත් වීම නිසා සතිය අගදී නොසිතූ මුදල් ලාභ ලැබීමට ඉඩ ඇත.
මිථුන – තීරණාත්මක සතියක්
ලග්නාධිපති බුධ සහ සිකුරු ඔබේ ලග්නයට පැමිණීමට සූදානම් වීම නිසා මානසික පීඩනය අඩුවේ. සමාජයේ ගෞරවය ලැබෙන අතර, ඔබ ආරම්භ කර තිබූ අඩාළ වූ වැඩ කටයුතු වේගයෙන් අවසන් කිරීමට මඟ පෑදේ.
කටක – විදේශ ගමන්
වැය පක්ෂය තරමක් ඉහළ යා හැකි සතියකි. එහෙත් 11 වැන්නේ බලය නිසා අතවශ්‍ය වැඩවලට මුදල් හිඟ නොවේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට මැයි 20 න් පසු සුබ ආරංචි ලැබීමට වැඩි ඉඩක් පවතී.
සිංහ – ප්‍රසිද්ධිය සහ ලාභ
ඔබේ ලග්නාධිපති රවි 10 වැන්නේ බලවත්ව සිටීම නිසා රජයේ මට්ටමේ කටයුතුවලින් ජය ලැබේ. සමාජ සේවා කටයුතු නිසා ජනප්‍රියත්වය ඉහළ යයි. ප්‍රභූන්ගෙන් හෝ උසස් නිලධාරීන්ගෙන් උදව් උපකාර හිමිවන කාලයකි.
කන්‍යා – වෘත්තීය සාර්ථකත්වය
රැකියා ස්ථානය නියෝජනය කරන 10 වැන්න ඉතාම බලවත් වේ. රැකියාවේ උසස්වීම් හෝ නව වගකීම් ලැබේ. නිවසේ පැවති කරදරකාරී වාතාවරණය ඉවත් වී සාමය උදා වේ. ඉවසීමෙන් කටයුතු කිරීමෙන් විශාල ලාභ ලැබිය හැක.
තුලා – වාසනාව මතු වේ
භාග්‍යස්ථානය බලවත් වන සතියක් බැවින් අත්හැර දමා තිබූ කටයුතු යළි ඇරඹීමට සුබයි. උසස් අධ්‍යාපනය ලබන අයට බාධා ඉවත් වේ. ආගමික කටයුතු සඳහා වැඩි නැඹුරුවක් දක්වන අතර දුර බැහැර සංචාර යෙදේ.
වෘශ්චික – බාධා ජය ගනී
සතිය මුලදී වැඩ කටයුතුවල යම් ප්‍රමාදයක් දැකිය හැකි වුවත් 7 වැන්නේ රවිගේ පිහිටීම නිසා සහකරුගෙන් හෝ හවුල්කරුවන්ගෙන් සහාය ලැබේ. හදිසි කෝපය පාලනය කරගන්න. සති අගදී මූල්‍යමය වාසියක් හිමිවනු ඇත.
ධනු – විවාහ වාසනා
සිකුරු සහ බුධ 7 වැන්නට පැමිණීමට සූදානම් වීම නිසා අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වීමට මඟ පෑදේ. ව්‍යාපාරික කටයුතුවලදී අලුත් ගිවිසුම්වලට එළඹීමට සුබයි. දණහිස් ආශ්‍රිත වේදනා ගැන සැලකිලිමත් වන්න.
මකර – ජයග්‍රහණ රැසක්
6 වැන්නේ සිදුවන ග්‍රහ පෙරළිය නිසා සතුරු කරදර මැඬපවත්වා ගැනීමට හැකි වේ. තරඟ විභාගවලින් ජය හිමිවේ. සේවා ස්ථානයේ වගකීම් හොඳින් ඉටු කිරීම නිසා ප්‍රශංසා ලැබෙනු ඇත. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ.
කුම්භ – දූ දරු වාසනා
ලංකා කේන්දරයේ මෙන්ම ඔබේ කේන්දරයේද 5 වැන්න බලවත් වන බැවින් දරුවන්ගේ දියුණුව දැක සතුටු විය හැක. නිර්මාණකරණයේ යෙදෙන අයට ඉතාම සුබයි. බුද්ධිමය තීරණ නිසා ආර්ථික ලාභ හිමිවන සතියකි.
මීන – විනෝද චාරිකා
හතරවැන්න බලවත් වීම නිසා නිවස අලුත්වැඩියා කිරීමට හෝ ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. මවගෙන් දේපළ උරුමයක් හෝ මූල්‍යමය උදව්වක් අපේක්ෂා කළ හැක. පවුලේ අය සමඟ විනෝද චාරිකා යෑමට මඟ පෑදේ.
ජ්‍යොතිෂවේදී සම්පත් ආරියසිංහ (ඉසිවර අසපුව)











