• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පෙර පින් පලදෙන යෝග පහක්…

October 2, 2021
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
පෙර පින් පලදෙන යෝග පහක්…
Share on WhatsAppShare on Facebook

ජන්මියකු උපදින මොහොතට බලපානු ලබන ග්‍රහ සිත්තමක්, එසේත් නැත්නම් එම මොහොතට අදාළව ඒ ඒ ග්‍රහයන් පිහිටන ආකාරයක් වෙයි. එම ග්‍රහ පිහිටීම කෙසේද යන්න සොයා බලා අදාළ ජන්මියාගේ කේන්දරය සකස් කරන අතර, එම කේන්දර සටහනට අනුව ඔහුගේ හෝ ඇයගේ අනාගතය කෙබඳුද යන්න හඳුනා ගැනීමට පහසු වෙයි. තත්ත්වය එසේ වෙද්දී එම ග්‍රහයන්ගේ බලවත් පිහිටීම මත ඇතැම් කේන්දර සටහන්වල පංච මහා පුරුෂ යෝග පිහිටන අතර, එවැන්නන් මහා වාසනාවන්තයන් ලෙසින් ජ්‍යොතිෂයේ හඳුන්වාදී ඇත. ඒ අනුව ඔබේ කේන්දරයේ පංච මහා පුරුෂ යෝග ඇද්දැයි ඔබම පරීක්ෂා කර බලන්න.

මහා පුරුෂ යෝග පහක් සම්බන්ධයෙන් ජ්‍යොතිෂයේ පහදා දෙයි. ඒ අනුව කුජ, බුධ, ගුරු, ශුක්‍ර සහ ශනි බලවත්ව 1,4,7,10 යන කේන්දර ස්ථානයක පිහිටීමෙන් උදාවන පංච මහා පුරුෂ යෝග මෙසේයි.

  1. කුජගෙන් යෙදෙන පංච මහා පුරුෂ යෝගය රුචක නම් වෙයි.
  2. බුධගෙන් යෙදෙන පංච මහා පුරුෂ යෝගය භද්‍ර නම් වෙයි.
  3. ගුරුගෙන් යෙදෙන පංච මහා පුරුෂ යෝගය හංස නම් වෙයි.
  4. සිකුරුගෙන් යෙදෙන පංච මහා පුරුෂ යෝගය මාලවී නම් වෙයි.
  5. ශනිගෙන් යෙදෙන පංච මහා පුරුෂ යෝගය සාස නම් වෙයි.

රුචක යෝගය

යම් ජන්මියකුට රුචක යෝගය යෙදෙන්නේ කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍රව හෝ උච්චව කේන්දරයේ 1,4,7,10 යන ස්ථානයක පිහිටීමෙන්ය. එලෙස රුචක යෝගය සහිතව උපන්නෝ ඕනෑම කටයුත්තකට, ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණදීමට තරම් නිර්භීත වෙති. තේජාන්විත බවත්, ප්‍රධානියකු සතු ගුණාංග පිහිටීමත් තුළ, අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කිරීමට හැකි වෘත්තියක් මේ අයට ලැබෙයි. උත්සාහවන්ත අයෙකි. යම් තරමක දරුණු ගතිගුණද ලබයි. එහෙත් සාම්ප්‍රදායික සිරිත් විරිත් ගරු කරමින් කටයුතු කරන්නෙක් වෙයි. ප්‍රියමනාප ශරීරය අන් අය ආකර්ෂණය කරගන්නට සමත් වාසනාව කීර්තිය මොවුන් සොයා පැමිණෙන අතර, නිදහස් අදහස් ඇති අයකු ලෙස ප්‍රකට වෙයි.

භද්‍ර යෝගය

උත්පත්තියෙන් භද්‍ර යෝගය යෙදෙන්නේ බුධ ග්‍රහයා ස්වක්ෂේත්‍රව හෝ උච්චව 1,4,7,10 යන ස්ථානයක පිහිටි විටදීය. භද්‍ර යෝගයෙන් උපන් තැනැත්තන් යහපත් ගතිගුණවලින් යුක්ත ක්‍රියාශීලී පෙනුමක් ඇති අයයි. මේ අයගේ ආත්මශක්තිය ඉතා ඉහළය. කිසිවකින් කම්පාවට පත් නොවෙයි. ඥාති මිත්‍රාදීන්ට හිතවත්ව කටයුතු කරයි. ඕනෑම කටයුත්තකට සරිලන නුවණක් සහ බුද්ධියක් ඇත. බොහෝ ශිල්පයන්හි හසළ දැනුමක් සහ බුද්ධියක් ඇති නිපුණයකු වෙයි. යම් තරමක අහංකාර බවකුත් මේ අය සතු වෙයි. ධනය කීර්තිය නිරායාසයෙන්ම මේ අය සොයා පැමිණේ. යම් දෙයක් ඉතා පහසුවෙන් වටහාගැනීමේ හැකියාව නිසා අධ්‍යාපනයේ පරතෙරට යෑමට වාසනාව ඇත.

හංස යෝගය

ජන්මියකුට හංස යෝගයක් යෙදීමද ඉතා වාසනාවන්ත පිහිටීමකි. ඒ සඳහා ගුරු ග්‍රහයා ස්වෂේත්‍රව හෝ උච්චව කේන්දරයේ 1,4,7,10 යන ස්ථානයක පිහිටිය යුතුය. දුටුවන්ගේ සිත් ආකර්ෂණය කරගැනීමට හැකි ප්‍රියමනාප පෙනුමක් මේ අය සතුවෙයි. සිරුර කඩවසම්ය. ධාර්මික කටයුතු කෙරෙහි විශේෂ පැහැදීමකින් කටයුතු කරයි. නිතර නිතර විවිධ පින්කම් කිරීමට පෙලඹෙන අතර, යමක් දෙස ඉතා සූක්ෂ්මව බැලිය හැකි තීක්ෂණ නුවණක් මේ අය තුළින් දැකිය හැකිය. ගෞරවනීය ජීවිතයකට උරුමකම් කියන්නේය. ජීවත්වන රටේ හා ප්‍රදේශයේ ප්‍රසිද්ධ පුද්ගලයන් බවට පත්වේ. වයසින් මුහුකුරා යත්ම ආගම දහම කෙරෙහි වැඩි ළැදියාවක් දක්වයි. සමාජයේ පිළිගැනීමට ලක්වන පුද්ගලයෝ බවට පත්වෙති.

මාලවි යෝගය

සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව හෝ උච්චව කේන්දරයේ 1,4,7,10 යන ස්ථානයක යෙදීමෙන් මාලවි යෝගය උදාවන අතර, මේ අය අලංකාරයට මෙන්ම ප්‍රියමනාපව සුන්දරව ජීවත් වීමට කටයුතු කරන්නෝ වෙති. ලග්නයෙන් 7 වැන්නේ මාලවි යෝගය යෙදී ඇත්නම් ඉතා අඩු වයසකදී විවාහ ජීවිතයට ඇතුළු වෙති.
මේ අය නිතරම අන් අය අභිභවා ලස්සනට සිටීමට පිය කරති. වයසට ගිය විට රූපයට මුල් තැන දී කටයුතු කරති. විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගැනීමට උපන් හපනුන්ය. කාමයේ ප්‍රවීණයෝ වෙති. එයින් අන් අය වසඟ කරන්නෝද වෙති. මේ අයට අලංකාර යාන වාහන, නිවාස මෙන්ම විවිධ විසිතුරු දේද ලැබීමට නියමිතය.

සාස යෝගය

යම් ජන්මියකුගේ උත්පත්ති කේන්දරයේ ශනි ග්‍රහයා ස්වක්ෂේත්‍රව හෝ උච්චව 1,4,7,10 යන ස්ථානයක පිහිටයි නම් එයින් සාස යෝගය උදාවෙයි. මේ අය මහණදම් පිරීමට වඩාත් සුදුසු අය ලෙස සැලකේ. ඉතා ඉහළ ප්‍රසිද්ධියක් ලැබූ පූජ්‍ය පක්ෂයේ බොහොමයක් මෙම යෝගයෙන් උපත ලද්දෝ බව හඳුනාගෙන ඇත. එසේම මේ අයට රජකු, අමාත්‍යවරයකු වීමේ වාසනාව සහ භාග්‍යය ඇති අතර, මවට තදින් හිතවත් වේ. ගමට, නගරයට ප්‍රධානියකු වන්නේය. තමන් සතු දේ පවා අන් අයට දීමට තරම් ත්‍යාගශීලීය. යහපත් දැසි දසුන් ලබා ඉසුරින් පිරි ජීවිතයක් ගතකරන්නට වාසනාව ඇත. ශනි ග්‍රහයාගේ බලවත්කම තුළින් බාධක දුක් කම්කටොලු විඳදරා ගනිමින් ඉදිරියට යෑමේ ශක්තිය ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

වැවිලි ඇමැති නිදි! වතු අධිකාරිවරුත් පළමු වතාවට සටනකට සැරසෙයි! (VIDEO)

Next Post

SLT-MOBITEL වෙතින් “සුවවිරු උපහාර”

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.