පොහොර හිගය හේතුවෙන් ඉදිරි කාලයේදී තේ අස්වැන්න 40%කින් පමණ පහත වැටිය හැකි බව වතු අධිකාරිවරුන්ගේ සංගමයේ කලාපීය සභාපති රවීන්ද්‍ර සේනාරත්න මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් ලබා දෙන ලෙස ඉල්ලා වැවිලි ඇමැතිවරයාට ලිඛිත ඉල්ලීම් කිහිපයක් කළද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවකි.
එම නිසා තම සාමාජිකයන්ට ඇති ප්‍රශ්න පිළිබදව සාකච්ජා කිරීමට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටින බවත්, එසේ නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් ඒ මහතා සදහන් කර සිටියේය.










