• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අපල වලට බයවෙන්න එපා…

October 4, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
අපල වලට බයවෙන්න එපා…
Share on WhatsAppShare on Facebook

අපලයක් වේ නම් කළ යුතු පිළිවෙත් රැසකි. අසුබ වූ ග්‍රහයා වෙනුවෙන් කරන්නා වූ පිළිවෙතින් අපලය දුරුවෙයි. බුදුදහම අනුව නොසන්සුන් වූ මනස සුවපත් කිරීමට ධර්මයේ හැසිරිය යුතුය. ධර්මයෙහි හැසිරීම යනු කුසල් වැඩීමයි. කුසල් වැඩීමට පින් රැස් කිරීමට පින්කම් කළ යුතු වෙයි. දුගීමගී යාචකයන්ට දන්දීම, උවටැන් කිරීම, සිල්වතුන්, භික්ෂුන්වහන්සේට දන්දීම, දහම් කරුණු අවබෝධයට සිත මෙහෙයවීම යනාදිය කුසලට යොමුවීමකි. ආරාම, විහාරාරාම, ආරෝග්‍යශාලා ඉදිකිරීම, අසරණයන්ට නිවාස පරිත්‍යාග කිරීම ආදියට තමන් විසින් උපයාගත් ධනයෙන් කොටසක් පරිත්‍යාග කළ හැකි නම් මහත් වූ කුසලයකි. දෙවියන් වෙනුවෙන් පුදපූජා තැබීමද අපල සමනයට හේතුවෙයි. සතුන් නිදහස් කිරීම, අභයදානය ආදියෙන් අපල දුරුකරගත හැකිය.

ග්‍රහ අපල සඳහා බෝධි පූජා තැබීමද අතීතයේ සිට පැවැත එන පිළිවෙතකි. බණ භාවනා සහ පුද පූජා පිළිවෙත් මගින් බෝධි මූලයේදී නිසි සහනය ලබාගත හැකිය. අපලයට කළ යුතු දානමාන, පුද පූජා, පිළිවෙත් අතිමහත්ය. බුද්ධිමත්ව අපලය හඳුනා, නිසි පිළිවෙත් සපිරීමෙන් සහනය උදාවෙයි. අපල දුරුවෙයි. එයම බැතිමතාගේ යහපත්වූ ප්‍රාර්ථනා ඉටුවීමට හේතුවක් වෙයි.

වර්තමානයේ සියලු සුබ දේවල් අසුබයක් බවට පරිවර්තනය කරගෙන ඇත්තේ මිනිසාමය. අසුබ කාලයේ කළ යුතු සහ හැසිරිය යුතු ආකාරය නොදත් මිනිසා අඳුරටම යොමුවෙයි. අපල නිසා සිදුවන ධන හානියද, අසනීපයද, වෙනත් අතුරු ආන්ත්‍රාද, ඥාතීන්, හිතවතුන් අසල්වැසියන්ගෙන් සිදුවන හිරිහැර හඳුනාගැනීමට තරම් මිනිසා බුද්ධිමත්වී ඇත.

විකල් වූ මනසට අනෙකාගේ යහපත, දියුණුව දැකීමට රිසි නොවෙයි. තමන්ගේ කායික මානසික පිරිහීම මත අනෙකාගේ සුවපහසුව දැකීම මානසික පීඩාවක් කරගන්නා පුහුදුන් මිනිසා අනෙකාගේ අගතියට මඟ සලසයි.

‘අසවලුන් විසින් මගේ දියුණුවට බාධා ඇතිකර ඇත. අනවින, හදිහූනියම් කර ඇත’ යන මතය මත අනෙකාගේ දියුණුවට එරෙහි වීමට අවැසි සාධක මිනිසා තම මනසින්ම ගොඩනඟාගනියි.

අනවින, හදිහූනියම් හෝ තමන් පරිහානියට පත් කළා යැයි සැකය මූලික වූ සිතුවිල්ලෙන් අනෙකාගේ විනාශය පතා දේවාල, කෝවිල් පසුපස යන පිරිස කොපමණදැයි කිව නොහැකිය. ඔවුන්ගෙන් විශාල පිරිසක් බෞද්ධයන් වීම කනගාටුවට කරුණකි.

අනුන් අගතියට, විනාශයට පත්කරන සිතුවිල්ල අපලකරුගේ මනස තවත් දුර්වල කරවයි. ක්‍රෝධය, වෛරය, පළිගැනීම මත කායික දුබලතාවන්ද බලවත් වෙයි. මෙත්වැඩීම, අහිංසාවාදී වීම බුදුදහමේ පමණක් නොව සෑම මානව දහමකම මූලික හරයයි. තම අයහපත් කාලය වටහා නොගෙන කළ යුතු වත්පිළිවෙත් නොව අනුන්ගේ විනාශයට දෙවියන් යදින, පොල් ගසන, සතුන් බිලිදෙන මිනිසුන් මානව දහම වටහා නොගත් අනුවණ පිරිසකි. කුකුළා පෙරමඟට හමුවීම, හඬලෑම සුබ නිමිත්තකි. සුබ කටයුතු වෙනුවෙන් දල්වන පිත්තල පහනේ ඉහළින්ම මතුකර ඇත්තේද කුකුළෙකි. කුකුළන් ඇතිදැඩි කිරීමක් නොකළද අතීතයේ වැඩිහිටියන් අවදි වූයේ කුකුළාගේ හඬලෑම සමගය. අලුයම උදාවූ බව අතීත මිනිසා හඳුනාගත්තේ කුකුළාගේ හඬලෑමෙනි. එය නිවෙසක එදිනෙදා කටයුතු ආරම්භ විය. අලුයම් කාලයෙන් හෝරාවකට පමණ පසු කුකුළාගේ හඬලෑමෙන් රැකියා සඳහා යන පිරිස නිවෙසින් පිටත්වීම ඇරැඹිණි.

දෙමළිච්චා, පොල්කිච්චාද අසුබ පක්ෂීන් ලෙස සැලකෙයි. එම පක්ෂීන් කෑගසමින් ආහාරයට ගත්තේ නිවෙසින් ඉවත දැමූ යමකි. අසරණ සතුන් ගන්නා අප ඉවත දැමූ ආහාරයෙන්ද අපට නොදැනුවත්වම කුසල් අත්වෙයි. අප එම පක්ෂීන් ඇතිදැඩි නොකළද නිවෙස අවට සැරිසරන සර්පයකු දුටු කල ඔවුන්ගේ කෑගැසීමෙන් අප අනතුර හඳුනාගැනීම එම පක්ෂීන්ගෙන් නොදැනුවත්වම අපට ලැබෙන මිල කළ නොහැකි සේවයකි.

සුබ සංකේතයක් වූ කුකුළාගේ රුව සහිත පිත්තල පහනක පහන් දල්වා අරඹන සුබ කටයුතුවලදී ආහාරයට සැකසූ කුකුළු මස් ව්‍යංජනය නොවැරැදීම දැකගත හැකි වෙයි. අපලයට කුකුළන් ඇතුළු විවිධ වූ සතුන් බිලිදෙමින් සුබ කටයුතුවලදී අසරණ සතුන්ගේ මාංශ බුදින අහිංසාවාදීන්ගේ අපල සමනය පිළිබඳ අරුත් දැක්වීම අවැසි නොවේ.
අහිංසාවාදී වීමට සතුන් නිදහස් කිරීම හෝ අභය දානය ලබාදීමට අවැසි නැත. මූලිකව කළ යුත්තේ මෙත් වැඩීමය. කාරුණික වීමය. ඉවත දමන ආහාරය හෝ සතෙකුට ආහාර වේවායි පැතීම යහපතකි. සතුරුකම් කළ අයකුට මෙත් සිතින් සානුකම්පිත විය හැකි නම් එයද කුසලයකි. අපල සමනයට ආශීර්වාදයකි. යමෙක් අසුබ වූ අපල කාලයේ නිර්මාංශ වන්නේ නම් අපල දුරුවීමේ ඇරැඹුම එතැනය. අපල කාලයේ යහපත් හැසිරීමෙන්, අහිංසාවාදී වීමෙන් අපල දුරුවෙයි. කුසල් වර්ධනය වෙයි. එහි ඵලයක් ලෙස කායික, මානසික සහනය උදාවෙයි. යහපත් වර්ධනය කරගන්නා ප්‍රමාණයටම තමන්ට යහපත උදාවෙයි. අනුන්ටද සහනය සැලසෙයි. ගසක ඵලදාවද, සෙවණද සැලසෙන්නේ ගසෙහි ප්‍රමාණයටය. එය තමන්ටම ආදේශ කරගත යුතු ධර්මතාවකි.

ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

ජනතාව සූරා කෑ පිටරට්ටුන්ගෙ බදු සහ දඩ…

Next Post

අධි තාක්ෂණික ZTE ස්මාර්ට් ෆෝන් සිංගර් මෙරටට හඳුන්වා දෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.