ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් සහ ZTE කෝපරේෂන් එක්ව ZTE ස්මාර්ට්ෆෝන් වෙළෙඳ නාමය නිල වශයෙන් මෙරට වෙළෙඳ පොළට හඳුන්වා දී ඇත.
මෙම වැඩසටහන මාර්ගගත ක්‍රමයට පැවැත්වූ අතර එහිදී ZTE සන්නාමයේ මෙරට අලෙවි නියෝජිත වශයෙන් සිංගර් නිවේදනය කළේ ප්‍රවේශ මට්ටමේ සිට මිඩ්රේන්ජ් සහ ෆ්ලැග්ෂිප් යන මාදිලියන්ගෙන් සමන්විත පුළුල් පරාසයක ZTE ස්මාර්ට්ෆෝන් පෙළක් හැකි ඉක්මනින් මෙරට වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන බවයි. මෙම මාර්ගගත වැඩසටහනේදී සිංගර් විසින් ZTE හි ZTE V30 ස්මාර්ට්ෆෝන් මාදිලිය එළිදැක්වූ අතර නවීන අංගයන්ගෙන් හා ආකර්ෂණීය පෙනුමකින් සමන්විත ZTE V30 සහ ZTE V30 Vita ද ඒ අතර විය.
ZTE යනු, ඉහළ කාර්යසාධනයක් සහ විප්ලවීය පරිශීලක අත්දැකීමක් සහිත අතිනවීන තාක්‍ෂණික විසඳුම් සපයන ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවෙකි. නවීන 5G යටිතල පහසුකම්, ඩේටා සෙන්ටර්ස් සහ ස්මාර්ට්ෆෝන්, වෙයාරබල්ස්, ශ්‍රව්‍ය උපකරණ, අයිඕටී උපාංග ඇතුළු ස්මාර්ට් උපාංග පරාසය ඔවුන් සතු ප්‍රධාන ශක්තියයි. ZTE සන්නාමය නවීන පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණයන් වැඩිදියුණු කිරීමට කැපවී සිටින අතර වේගය, ක්‍රියාකාරිත්වය සහ කැමරාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. ස්මාර්ට් ජීවිතයකට බාධාවකින් තොරව ප්‍රවේශය ලබාදෙන සම්පූර්ණ ස්මාර්ට්ෆෝන් පරාසයක් ZTE විසින් හඳුන්වාදී ඇත. ඒ අතර ප්‍රවේශ මට්ටමේ සිට මිඩ්රේන්ජ් මට්ටම සඳහා ZTE බ්ලේඩ් මාදිලියද, ෆ්ලැග්ෂිප් 5G උපාංග සඳහා ZTE Axon මාදිලියද, ඉහළ පෙළේ ක්‍රීඩා අත්දැකීම් සඳහා RedMagic මාදිලියද අන්තර්ගත වේ.











