• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ජනතාව සූරා කෑ පිටරට්ටුන්ගෙ බදු සහ දඩ…

October 4, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ජනතාව සූරා කෑ පිටරට්ටුන්ගෙ බදු සහ දඩ…
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය පාලන යුගයන්හි සිට සාධාරණව පැවැති බදු ක්‍රම මෙරට විදෙස් පාලනයන්ට නතුවීමත් සමග වෙනස්වීම සිදුවූයේ ජනයාට හිතකර නොවන අයුරිනි. එකල ලංකාව එංගලන්තයේ රජුගේ නමින් අල්ලා ගන්නා ලදද එසේ කරන ලද්දේ පෙරදිග ඉන්දීය සමාගමයේ හමුදා මගිනි. ඒ සමාගමයට මේ සඳහා වූ වියදම දරන්නට සිදුවිය. එනිසා සමාගමයට මෙසේ සිදුවූ වියදම හැකි පමණ ඉක්මනින් ලංකාවෙන් ලබාගැනීම ඔවුන්ගේ අදහස විය. තවද මේ රට අල්ලා ගන්නා ලද්දේ ලන්දේසීන් සමග තිබුණු යුද්ධය හමාර වූ පසු ඔවුන්ට ආපසු දෙන බලාපොරොත්තුව ඇතිවය. එනිසා මුදල් රැස් කරගැනීම ඉතා ඉක්මනින් කිරීම අත්‍යාවශ්‍ය ලෙස ඔවුහු සැලකූහ.

උඩරට රජු හා ගිවිසුමක් සාකච්ඡා කරගැනීම සඳහා මදුරාසි ආණ්ඩුව විසින් එවන ලද නියෝජිතයා වූ රොබට් ඇන්ඩෲස් මුලින් යාපන හා මන්නාරම් ප්‍රදේශයේ ආණ්ඩුකාරයා වශයෙන්ද, ජෝන් ජාවිස් ඔහුගේ සහායකයා වශයෙන්ද 1795 ඔක්තෝබරයේදී පත්කරන ලදහ. ඉන් පසු පහත රට ප්‍රදේශයද අල්ලාගත් පසු ඒ හැම ප්‍රදේශයේම ආදායම් හා බදු එකතු කිරීමේ කටයුතු ඔහුට 1796 පෙබරවාරි මස භාර කරන ලදී, තවද කොළඹ හා ගාලු දිස්ත්‍රික්කද, මඩකළපු හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහාද සහායකයෝ දෙදෙනෙකු පත්කරන ලදහ.

තවද කොළඹ අත්පත් කරගත් හැටියේම 1796 මාර්තු 06 වැනිදා ජෝසප් ග්‍රීන්හිල් වෙළෙඳ අංශ භාර කාර්යාංශයේ ප්‍රධානියා වශයෙන් පත්කොට එවන ලදී. මේ අංශය ඇතිකරන ලද්දේ ලන්දේසීන් විසින් කුරුඳු විකුණා මහත් ධනයක් ලැබූ හෙයින් නොපමාව ඒ ආදායම සමාගම වෙත ලබාගැනීමේ පරමාර්ථය ඇතිවය. කුරුඳු හා අනෙක් ද්‍රව්‍යද විකිණීම සඳහා රැස්කකොට තැබීම මොහුට භාර විය. ලන්දේසීන් අත තිබුණු කුරුඳු තොගයක්ද ලැබී යුරෝපයේ විකුණන ලදී. එහෙත් එයට ලැබුණු මිල ඉතා අඩු විය. කුරුඳු හැර සමාගමට ලාභ ලබාගත හැකි වූ තවද මාර්ගයක් නම් මුතු කිමිදීමෙනි. රජයට කෙළින් ආදායම ලැබුණු මේ මාර්ග හැර රට වැසියන්ගෙන් ආදායම රජය ලබාගත් සැටි දැන් පිරික්සා බැලිය යුතුය. 1796දී කර්නල් ජේම්ස් ස්ටුවට් වෙත සිවිල් හා යුද්ධ බලයද පවරන ලදී. එහෙත් නියම වශයෙන් බලය තිබුණේ ආදායම් එකතු කළ ඇන්ඩෲස් වෙතය. තවද මුල් කාලයේදී ලන්දේසි උසාවි ක්‍රියාකාරී නොවූ නිසා යුද්ධ අධිකරණ ඇතිවිය. එතේ ආදායම් පාලකයා පැමිණි පසු ආදායම් ආරවුල් ඔවුන්ටම තීරණය සඳහා භාරවූ අතර අපරාධ නඩු විසඳීමද ඔවුන්ටම භාර විය. එනිසා සිවිල් පාලනය සම්පූර්ණයෙන් ඔවුන්ට භාරවූ අතර යුද්ධ නිලධාරීණ්ට සිවිල් කටයුතුවලට අතගැසීමට තහනම් විය. ඔවුන් ඇල්ලූ විට පමණක් සහාය විය හැකි විය.

ආදායම ඉක්මනට ලබාගැනීමට වුවමනා වූ නිසා ඇන්ඩෲස් විසින් මුලින් තිබුණු රාජකාරි ක්‍රමය අහෝසි කරන ලදී. එකල රජයේ කර්මාන්ත, එනම් මාර්ග, වැව්, විහාර, ඇළ, මාලිගා ආදිය තැනීම සඳහා රාජකාරි ක්‍රමයෙන් ජනයාගෙන් ප්‍රයෝජන ගන්නා ලදී. ලංකාව මදුරාසි ප්‍රදේශයේ කොටසක් වශයෙන් පාලනය වූ නිසා මේ ක්‍රම ගැන කිසිත් නොසලකා ඉක්මනින් මුදල් ලබාගැනීම සඳහා ඒ වෙනුවට සියල්ලටම බදු ගෙවීමට නියම කරන ලදී. තවද බදු රැස්කිරීම සඳහා කලක සිට සේවය කළා වූ මුදලිවරුන්ගේ හා ගම්විදානේවරුන්ගේද සේවය 1796 අගෝස්තුවේ නැති කරන ලදී. ඒ වෙනුවට මලබාරි සේවකයන් මදුරාසියෙන් ගෙන්වල ලදී. මුදලි හා විදාන යන සිංහල නිලධාරයන්ගේ සිවිල් හා විනිශ්චයක බලය ගැන ඇන්ඩෲස් විසින් බිය වීමද මේ වෙනස් කිරීමට හේතුවක් විය. තවද අමුතු ක්‍රමයට ඔවුන් අකැමැති වන හෙයින් ක්‍රියාත්මක කිරීමට බැරි වෙතැයි බියක්ද ඔවුන්ට තිබිණි.

ඉන්දියාවෙන් ගෙන්වන ලද සේවකයන්ගේ කාර්යාලය ඔවුන්ගේ භාෂාව අනුව ‘කච්චේරිය’ නම් විය. මුදලිවරුන් වෙනුවට ආදායම් ග්‍රාහකයන්ට පමණක් යටත්වූ අමිල්ඩාර්වරු වූහ. මොවුනට අය ලබාගැන්මටද විනිශ්චයක බලයක්ද තිබිණි. මෙසේ පරීක්ෂා කිරීමටද විනිශ්චය කිරීමටද දෙආකාර බලයක් මොවුනට තිබීම ඉතා භයානක විය. ජනයාගේ සිරිත් විරිත් හා ගති පැවැතුම්ද නොදත් ඔවුහු කෲර ලෙස ජනයා සූරාකෑහ. මුළු දිස්ත්‍රික්කයක්ම මොවුන් එකකුට භාරවූ අතර, දෙමළෙන් ගණන් තැබීමට සම්ප්‍රධීහුද, ආදාන නියෝග ක්‍රියාත්මක කිරීමට පේෂකාර්යයෝද වෙළෙඳපොළවල ගණන් තැබීමට කොට්චාල්හුද මෙරටට පැමිණියහ. තවද දිනපතා බදු රැස්කිරීමේ කටයුතු කරවීම සඳහා මනියගාර, රායසම්, කනක්කපුල්ලෙ, ගොමෆට්, රෙස්පදුර ආදී දමිළයන් රැසක් මේ හා සමග පැමිණියහ. මොවුන් හා සමග බදු එකතු කිරීම රේන්ද කොන්ත්‍රාත් ගැනීම සඳහා තවද රැසක් ලංකාවට පැමිණියහ. බදු එකතු කිරීමට රජයට මිලක් නියම කොට හැකි තරම් ජනයා සූරාකෑහ. කොල්ලකෑහ. තවද පිටරටින් පැමිණියවුන් නිසා තම කටයුත්ත ඉක්මනට ඉවර කොට ධනවත් වීමට අදහස් කළ මොවුහු ජනයාට දස වධ දෙමින් අය බදු රැස්කළහ. ජනයා මෙසේ පෙලූහ.
බදු රැස්කරන්නට පත්කරන ලද වධකයන් මෙසේ සිටි අතර සිංහල ජනයා අතර සිරිත වී තිබුණේ තම ඉඩම්වලින් ලැබෙන අස්වැන්න ආදායමින් කොටසක් රජයට හා ඒ ඉඩමේ ගොවියාට දුන් ස්වාමිවරයාට දීමය. ලන්දේසීන් පාලනය කළ කාලයේද බදු රැස්කිරීම වෙන්දේසියෙන් බදු එකතු කරන්නන්ට දුන්නද ද්‍රව්‍ය වශයෙන් කඩින් කඩ මෙය එකතු කරන ලදී. මෙරටෙහි භාෂාව ආගම ආදිය ගැන කිසිත් සැලකීමක් නොදැක්වූ කුමන මාර්ගයෙන් හෝ හැකි තරම් ධනය රැස්කොට රජයේ කොටසදී තමන් ඉක්මනට පොහොසත් වීමේ පරමාර්ථය ඇතිව සේවය කළ පිට ජාතිකයන් විසින් බදු වශයෙන් මුදල් ඉල්ලා සිටීම මෙරට ජනයාට මහත් හිරිහැරයක් විය. තවද වැඩවසම් ක්‍රමයට ද්‍රව්‍ය මාර්ගයෙන් බොහෝ වුවමනා එපාකම් සාදාගැනීමට පුරුදුවූ ජනයා හට මෙසේ මුදල් භාවිතය සුලබ නොවී තිබුණු නිසා මුදල් උපයා බදු ගෙවීමද ඉතා අපහසු කරුණක් විය.

බදු ගෙවීම ගැන පරිපාලන අවහිකරම් මෙතරම් තිබියදී ජනයා විසින් ගෙවිය යුතු අලුත් බදු දෙකක් ඇති විය. ඉන් පළමු වැන්න නම් පොල් ගස් පනහකට වැඩි වැවිල්ලක් අයත් විට, පනහට වැඩිය තිබූ හැම පොල් ගසක් සඳහාම රිදී පනම් එක බැගින් ගෙවිය යුතු වීමය. තවද මෙය මුදලින් ගෙවිය යුතු විය. දෙවැනුව රජවරුන්ට අයත්ව තිබුණු ගබඩාගම්වල ජනයා ඔවුන් විසින් භුක්ති වින්ද ඉඩම් වෙනුවට එහි අස්වැන්නෙන් කොටසක් රජුට දුන්හ. මේ ඉඩම් පිටරැටියන්ට අයත් වූ විටද මේ ක්‍රමයම විය. තවද නින්දගම් වශයෙන් ගම්වලර ලත් අධිපතීහු එහි වැසි ජනයාගෙන් සේවයද ලබමින් ඔවුන් අතර කලකෝලාහල සමථය කොට එයින් තමනට ලැබිය යුතු වූ අස්වැන්න කොටස ලබා රාජ්‍ය සේවය කළහ. තවද රජය උදෙස් යම් කිසි සේවයක් කළ විටද ඒ සේවය සඳහා වේතනයක් ගෙවනු වෙනුවට ඉඩම් වගාකොට භුක්ති විඳීමට ඉඩ දෙන ලදී. ලන්දේසි කාලයේ වාරිමාර්ග, පාරවල්, කුරුඳු වැවිල්ල, බඩු ගෙනයෑම ආදී කටයුතු කළ ජනයා වූහ. මොවුන් කළ සේවය සඳහාද භුක්ති විඳීමට වැඩවසම් ඉඩම් දෙන ලදී.

මෙසේ තිබුණු ඉඩම් එය භුක්ති විඳි ජනයා සතු කොට ඒ වෙනුවට රාජකාරිය නැතිකොට, අස්වැන්නෙන් භාගයක් රජයට ගෙවීමට නියම කරන ලදී. මේ බද්දද ඔවුන්ට අප්‍රිය විය. තවද රජයට සේවය සඳහා නිලධරයන් වෙතදී තිබුණු නින්දගම්ද ආපසු ගන්නා ලදින්ද පොල් බද්ද නිසාද රජයේ සේවයෙන් පහකිරීම ගැනද රජයට සේවය කරමින් සිටි මුදලි, විදානෙ ආදී නිලධරයෝ මහත් තැවුලට පත්වූහ. පිටරටින් පැමිණි වංක වූ පොලිසි, පාලන, විනිශ්චය හා බදු ලැබීමේ බලය ලත් නිලධාරීන් ඔවුන්ගේ වැඩ පැහැරගෙන කරනු දැකීම තවද තැවුලට හේතු විය. තවද විනිශ්චයක බලයද ඔවුන්ටම තිබූ හෙයින් ඔවුන්ගේ ක්‍රියාවලට විරුද්ධව පැමිණිලි කිරීම නිෂ්ඵල වූ අතර, රටෙහි භාෂාවද ඔවුන් නොදත් හෙයින් ප්‍රශ්නය තව උග්‍ර විය.

ඉහත සඳහන් කරුණු අනුව රටවැසියෝ මදුරාසි නිලධාරීන්ගේ ක්‍රියා ගැනද අලුතින් ගෙවන්නට සිදුවූ බදු ගැනද බොහෝ සේ නොසන්සුන් වූහ. රට පුරා පැතිරීගිය විරුද්ධතාව කරණ කොට ගෙන කරැල්ලක් ඇතිවිය. පොල් ගස් අඩු වශයෙන් තිබුණු යාපනය පෙදෙසේ පවා මේ බදු අයකිරීමට ජනයා විරුද්ධ වූහ. 1796 දෙසැම්බරයේ රයිගම් කෝරළයෙ ජනයා බදු රේන්දකාරයා අල්ලා සිරකොට බදුදීම ප්‍රතික්ෂේප කළහ. මඩකළපුවේ අමිල්ඩාරයා තම කාර්යාලය තුළම මරන ලදී. යාපනයේද බද්දට විරෝධය තිබිණි. උඩරට රාජ්‍යයට යාබද වූ රයිගම්, සියනෑ, හේවාගම් හා සල්පිටි කෝරළවල කැරැල්ල තදබල විය. මේ අතරතුර හමුදා නායක ස්ටුවට් 1797 ජනවාරියේ බෙංගාලයට මාරුවී ගියෙන් ඔහුට පසු තනතුර භාරවූ මේජර් ජෙනරාල් වෙල්බෝ එලිස් ඩොයිල් හට කැරැල්ල මැඬීම භාරවිය. හේවාගම් හා සල්පිටි කෝරළවල කැරැල්ල මැඬීමට ජුලි මස හේවා කණ්ඩායම් යවන ලදද තරමක් අමාරු විය. කැරැලිකරුවන්ගේ පවුල් අල්ලා සිරකොට ගෙවලට ගිනි තැබීමටද සිදුවිය.

මේ අතරතුර බද්දේ අසාධාරණ බව ගැන ලැබුණු පෙත්සම් බලා තේරුම් ගත් ඩොයිලි තෙමේ බද්ද නැවැත්වීය. එහෙත් මදුරාසියේ ප්‍රධානියා විසින් බද්ද සාධාරණ බවත්, එය ලබාගැනීමට ක්‍රියා කළ යුතු බවත්, එය නැවැත්වීම අවසර නැතිව කිරීම වැරැදි බවත් කියා එවන ලදී. එහෙත් මේ බද්ද එකතු කිරීම බැරි බව කියා ඇන්ඩෲස් විසින්ද ඩොයිලි විසින්ද ඇන්ජල්බික්ගේ ලිපියක්ද සමග යවන ලදී. පසුව මේ ගැන තම අදහස් වෙනස් කළ හෝබැට් සාමි විසින් බද්ද අස් කළ යුතු බව වැටහී 1793 ජුනියෙහි බි්‍රගේඩියර් ජනරාල් ඩි මීයුරොන් (සභාපති) රොබට් ඇන්ඩෲස් හා මේජර් අඤ්`ක්‍දු යන අයගෙන් සමන්විත කමිටුවක් කරුණු පිරික්සීමට පත්කරන ලදී. පොල් බද්දද නැතිකොට තීරු බද්දක් ඇතිකිරීමට නියම කරන ලදී.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ජගත්‌ගේ ඕස්ට්‍රේලියා තනතුර ආණ්ඩුව අත්හිටුවයි?

Next Post

අපල වලට බයවෙන්න එපා…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.