• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හිනාව මතක නම් එයා ගැන හොයන්න ඕනෑම නැහැ

May 23, 2020
in Astrology
Reading Time: 1 min read
A A
හිනාව මතක නම් එයා ගැන හොයන්න ඕනෑම නැහැ
Share on WhatsAppShare on Facebook

ඕනෑම කෙනෙක් ගැන හඳුනාගන්නා විවිධ ක්‍රම ශිල්ප ඉපරැණි ජ්‍යොතිෂ පොතපතෙහි සඳහන් වෙනවා. ඒ අතර අංග ලක්ෂණ විද්‍යාවට හිමිවෙන්නේ විශේෂ තැනක්. එහිදී මිනිසාගේ සිරුරේ බොහෝමයක් ශරීරාංගයන්ගේ හැඩය, ස්වභාවය, පිහිටීම වැනි කරුණු කාරණා මුල්කොටගෙන තොරතුරු හෙළිකෙරෙනවා. මෙහිදී මිනිසාගේ සිනහව අනුව ඒ ඒ අය ගැන ජීවන රහස් හෙළිකරගත හැකි අයුරු පෙන්වාදී තිබෙනවා. සිනාසෙන විට දෙකම්මුල් වළ ගැසීම, දත් පෙන්වා සිනාසීම, දත් නොපෙන්වා සිනාසීම, හඬනඟා සිනාසීම ශරීරාංග චලනය කරමින් සිනාසීම, ඉවත බලා සිනාසීම ආදී ලෙස සිනහව වර්ග කර ඒ ඒ අයගේ ගතිලක්ෂණ හඳුන්වාදී ඇත.
සිනාසෙන විට දෙකම්මුල් වළගැසීම
සිනාසෙන විට දෙකම්මුල් වළ ගැසෙයි නම් ඔහු හෝ ඇය අවංක ගතිගුණ ඇති අන් අය ගැන හිතන පරාර්ථකාමී පුද්ගලයෙකි. කෙනකුගේ සිත රිදවන්නට අකමැති නිසාම බොහෝ පාඩු සිදුකර ගනී. අනාගතය සුබ අයෙකි. ජීවිතයේ මැද භාගයෙන් පසුව බොහෝ සැප සම්පත් විඳීමේ වාසනාව ඇති මේ අය ඕනෑම තැනක සහයෝගයෙන් කටයුතු කරයි. යුග දිවියේදී සැමියාට බිරිඳට අවංකව ආදරය කරන අතර වාසනාවන්ත දරුවන් ලබයි. උත්පත්ති තත්ත්වයට වඩා බොහෝ උසස් තත්ත්වයට පත්වීමේ වාසනාව උපතින්ම රැගෙන එයි.
දත් පෙන්වා සිනාසීම
සිනාසීමේදී දත් දෙපළ පෙනෙන ලෙස සිනාසෙන අය නිහතමානී, අවංක අය ලෙස සැලකේ. නිතරම දූරදර්ශීව සිතන පතන යමක් කිරීමේදී දෙවරක් සිතන මේ අය අන් අය සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරීව කටයුතු කරයි. තමා අතින් වරදක් වෙනවාට අකැමැතිය. සුළු සිද්ධියකින් පවා කම්පාවට පත්වේ. මේ අය ධනය පසුපස හඹා නොගියද නිසිකල නිසි වේලාවට මුදල් ලැබේ. රාජ්‍ය අංශයේ රැකියා කිරීමේ වාසනාව ඇති අතර විවාහයේදී අනෙකාගේ අදහස් අගය කරයි. මේ අය වැඩිපුරම ලබන්නේ ගැහැනු දරුපලයි.
දත් පෙන්වා සිනාසීම
මෙවැනි අය තරමක් ගුප්ත චරිත හිමියන්ය. සිත තුළ ඇති දේ සඟවාගෙන වෙනත් දේ මවාපාන්නට උත්සාහ කරයි. අන් අයගේ දේවල් සොයන්නට කැමැති නැත. තමාගේ දේවල් අන් අය සොයනවාටත් කැමැති නැත. අනුකම්පාසහගත හැඟීම් නිසා පාඩු සිදුකර ගනී. නිතරම අන් අයගේ දුකේදී හිත උණුකර ගැනීම නිසා අනවශ්‍ය ආකාරයේ ප්‍රශ්න කරදරවලට මුහුණදෙයි. අනුන් යටතේ සේවය කිරීමට හෝ අනුන්ට යටත් කටයුතුවලට කැමැති නැත. ව්‍යාපාර කටයුතු ආදියත්, ගුප්ත කටයුතුත් වඩාත් හොඳින් ගැළපේ. විවාහයේදී අවංකව ආදරය කරයි. පිළිවෙළ සහ පිරිසිදුකමට මුල්තැන දෙයි.
හඬනඟා සිනාසීම
අවංක භාවය අඩුය. අන් අය ගැන නොසිතයි. කෙසේ හෝ තම අරමුණට යෑමට සිතයි. අනුන්ට සවන්දෙන බව අඟවමින් සිටියද අන් අයගේ අදහස් උදහස් ගරු නොකරයි. කෙසේ හෝ මුදල් උපයා ගන්නට සැලැසුම් කරන මේ පුද්ගලයන් වියදම් කිරීමට මැළි වෙයි. වාසියක් නොලැබේ නම් කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවන අතර යුග දිවියේදී එකිනෙකාට වංචා කරන අවස්ථා ඇත. අභියෝගවලට පසුබට නොවන නිසාම ජීවිතයේ ආර්ථිකමය ශක්තිය ගොඩනඟා ගන්නට හැකියාව ඇත්තේය.
ශරීරාංග චලනය කරමින් සිනාසීම
මෙලෙස සිනාසෙන්නන්ට ජීවිතයේ ස්ථිර අරමුණක් නොමැති වෙයි. නිතර නිතර සිතුවිලි සහ අදහස් වෙනස් කරයි. කිසිදු දෙයක වගකීමක් බාර ගන්නට සූදානම් නැත. අන් අයගේ කටයුතු වෙනුවෙන් කාලය, ශ්‍රමය අධිකව කැප කරයි. ජීවිතයේ ආර්ථිකමය පසුබිම ගැන එතරම් නොසිතයි. සමාජශීලීව කටයුතු කිරීමෙන් පිරිස් රැස් කරගන්නා මුත් කිසි දිනක කිසිවකින් තෘප්තිමත්භාවයට පත්වීමට තරම් වාසනා ගුණයක් නැත. විවාහයේදී එකිනෙකා ගැන ඇති බැඳීම සරලව පවත්වාගෙන ගියද අනෙකාගෙ අවශ්‍යතා කෙරෙහි අවබෝධයෙන් තොරව කටයුතු කරයි.
ඉවත බලා සිනාසීම
සිතෙහි ඇති දෙය සඟවාගෙන කටයුතු කරන්නන් නිතරම අන් අය ගැන සැකයෙන් බලයි. තමන්ට අයිති නැති දේවල් සම්බන්ධව මැදිහත් වෙයි. අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන්නන් බොහොමයක් මෙලෙස සිනාසෙන්නේය. සමාජශීලී නැත. රැකියාවන් කිහිපයක් කරන්නට හැකියාව ඇත. විවාහයේදී අනෙකාට ගරු නොකරයි. තමාගේ මතය පමණක් උසස් කොට සලකයි. කිසිදු අවස්ථාවක කිසිවකින් සෑහීමකට පත්නොවෙයි.
උපදෙස් – ජ්‍යොතිෂවේදී
ජයශ්‍රී නන්ද කුමාර
සටහන – කුමාර රත්නායක

SendShareShare
Previous Post

මෝඩි හදිසියේම ගෝඨාට කතා කරයි

Next Post

ග්‍රහයො පිට පටවන පිරිමින්ගේ වැරදි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.