ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (23දා) දහවල් හදිසි දුරකතන ඇමැතුමක් ලබාදී තිබේ.
මෙහිදී කොරෝනා වෛරසය මැඬලීම සඳහා ජනාධිපතිවරයා ලබාදී ඇති ශක්තිමත් නායකත්වය සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා සිය ප්‍රසාදය පලකොට තිබේ.
එමෙන්ම මේ වන විට මතුව ඇති ආර්ථික ගැටලු සඳහා උපකාර කරන බවද ඉන්දීය අගමැතිවරයා ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත.










