• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හිතුමතේ කරන බරපතළ වැරැදි

January 16, 2021
in Astrology
Reading Time: 2 mins read
A A
හිතුමතේ කරන බරපතළ වැරැදි
Share on WhatsAppShare on Facebook

වාස්තු විiානුකූලව ඉදිකළ නිවෙසක ජීවත්වන විටදීද ඔබ නිරතුරුවම පිළිපැදිය යුතු කරුණු රාශියක් වාස්තුවේම පෙන්වා දී ඇත. ඒ හරහා පවුලේ දියුණුව, යසඉසුරු, සැප සම්පත් ආදී බොහෝ දේ ලබන්නට හැකියාව ලැබේ.
ඉදිරිපස දොර සහ පසුපස දොර
ඉදිරිපස මංගල දොරෙන් ඇතුල් වන විගස පිටුපස දොරෙන් පිටත පෙනේ නම් එය අසුබ පිහිටීමක් ලෙස වාස්තුවේ දැක්වෙයි. මෙවැනි තත්ත්වයන් වේ නම් දොරට තිර රෙද්දක් යෙදීම සරල තාවකාලික විසඳුමක් සේ හඳුන්වා දිය හැකිය.
ප්‍රධාන දොරටුව අසල ඇති ශාක
ප්‍රධාන දොර අසල කටු සහිත ශාක හෝ උල් හැඩැති පත්‍ර සහිත මල් පැළ, විසිතුරු ශාක නොතැබිය යුතුය. ඒවා අතිශය අසුබ බව සඳහන් වෙයි. මේ සඳහා රවුම් පත්‍ර සහිත මල් පැළ, ශාක වර්ග ඉතාම සුබ වෙයි. හැකි සෑම විටම මේවා රාත්‍රියට ඉවත් කළ යුතුය.
ඉදිරි දොරෙන් ඇතුල්වෙද්දී එක එල්ලයට පෙනෙන පඩිපෙළ
ප්‍රධාන දොරෙන් නිවෙසට ඇතුල් වන විගස එක එල්ලයට ඉහළ මහලට යන පඩිපෙළ දර්ශනය වේ නම් එය අසුබය. එවැනි තත්ත්වයක් ඇත්නම් බිත්තියක් බැඳ එය ආවරණය කරන්න. එයින් අයහපත් බව මැකී යයි.
සාලයේ අනවශ්‍ය බඩු ගොඩගසා තිබේද?
නිවෙසක ප්‍රධාන අංගයක් ලෙස සාලය විශේෂ වෙයි. නිවෙසකට ඇතුළු වන සෑම කෙනෙක්ම මුලින්ම යන්නේ සාලයටය. එහෙයින් සාලයේ අනවශ්‍ය ලට්ට-ලොට්ට, බඩු-භාණ්ඩ පුරවා තැබීමෙන් වළකින්න. එසේ අනවශ්‍ය දේ පුරවා සාලය අවහිර කරන තරමට ඔබගේ දියුණුව සහ සෞභාග්‍ය ප්‍රමාද වනු ඇත.
බාල්ක යට ගෘහ භාණ්ඩ
නිවෙසේ වහළයට යොදා ඇති බාල්ක යටට හසුවන ලෙස ෂෝපා, පුටු, ආදී ගෘහ භාණ්ඩ තැබීම අහිතකරය. ඒවායින් මානසික සහනය නැති කරන වායු දහරා පිටවන බවත් ඒවා යට ගෘහ භාණ්ඩ තැබීමෙන් ඒ මත වාඩි වී සිටින්නන්ගේ මනස නොසන්සුන් වෙන බවත් පැවැසේ.
‘එල්’ (L) හැඩැති සාලය
ඇතැම් නිවාසවල සාලය ඛ හැඩයට සකසා ඇති අවස්ථා දැකිය හැකි අතර එවන් සාලය අසුබ බව කියැවෙයි. එහෙයින් ඔබගේ නිවෙසේ සාලය ඛ හැඩැති නම් ගෘහභාණ්ඩ තැබීමේදී එම තත්ත්වය වෙනස් වන ආකාරයට තබන්න. එවිට අසුබතා දුරුවෙයි.
වර්ණ ගැන නොසලකා හරින්න එපා
වර්ණ හරහා නිවෙසේ ජීවත් වන්නන්ගේ මානසික තත්ත්වය වර්ධනයට කටයුතු කළ හැකි බව වර්ණ විiාවේ හඳුනාගෙන ඇත. ඔබට ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය අවශ්‍ය නම් ළා රතු, රෝස මෙන්ම ළා නිල්ද භාවිත කළ හැකිය. නිරෝගී සම්පත් වර්ධනයට ළා නිල් නැඟෙනහිර දිසාවේ බිත්තිවලට සුබවෙයි.
ලස්සනයි කියලා හිතන සත්ව අං තට්ටු සහ ඇටකටු
ඇතැම් අය විසිතුරු යැයි සිතා සත්ව අං තට්ටු ඇටකටු කැබැලි ආදිය නිවෙසේ තැනින් තැන තබා තිබෙනු දැකිය හැකිය. එහෙත් මේවායෙන් ඇතිවන්නේ අලංකාරයක් නොව අසුබ තත්ත්වයකි. එවැනි දේ හැකි ඉක්මනින් ඉවත් කිරීමෙන් ඔබගේ බොහෝ ප්‍රශ්න විසඳෙනු ඇත.
මුළුතැන්ගෙයි ප්‍රශ්න
මුළුතැන්ගෙයි සියලුම රාක්කවලට කොළ පැහැය ආලේප කළ හැකි නම් වඩාත් සුබ වෙයි. නිවැසියන්ගේ සෞඛ්‍ය රැකේ. මෙයට අමතරව බට ලී වට්ටියක සුදුලූනු අසුරා තබන්න. එයින් නිවෙස තුළ ඇති අසුබ විෂබීජ විනාශ වනු ඇත.
උතුරට හිස දමා නිදාගන්න එපා
ඔබගේ නිදන ඇඳ ස්ථානගත කිරීමේදී උතුරට හිස දමා නිදනාගන්නා අයුරින් සකස් කරන්න එපා. උතුරට හිස දමා නිදාගැනීම අහිතකර බවත් එමඟින් සෞඛ්‍ය පීඩා, මානසික ආතතිය වැනි දේ ඇතිවන බවත් හඳුනාගෙන ඇත.
ඇඳන් දෙකක්ද
අඹු-සැමි යුවළකට ඇඳන් දෙකක් එකට තබා එක මෙට්ටයක් දමා නිදා ගන්නට තිබේ නම් සමඟිය පලුදු වෙයි. දෙදෙනා අතර ගැටලු ඇති වෙයි. වෙන්වීම පවා සිදුවිය හැකිය.

කාර්යාලයේ මේසය-පුටුව
බොහෝමයක් කාර්යාලවල මෙය එතරම් සැලකිල්ලට නොගෙන ගෘහ භාණ්ඩ, මේස, පුටු තබනු දැකගත හැකිය. එහෙත් ඉතා සුබවාදී ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් මේස, පුටු තබන්නේ නම් ඊට සුදුසුම ක්‍රමය ඉදිරි දොර දෙසින් පැමිණෙන අයට මුහුණලා සිටිනසේ ඒවා තැබීමයි. එවිට දිනෙන් දින දියුණුවට හේතු යෙදේ.
ඔරලෝසුව දොර ඉදිරිපිටද
නිවෙසේ ප්‍රධාන දොරටුව කෙළින් එක එල්ලයට බැලූ විට පෙනෙන ලෙස ඔරලෝසුව තබා ඇත්නම් එය අසුබ වෙයි. ලැබෙන මුදල් නිකරුණේ වියදම් වෙයි. අධික වියදම් යෙදේ. මුදල් නොරැඳෙයි.
ජල කරාම
බොහෝ දෙනෙක් එතරම් සැලකිල්ලක් නොදක්වන දෙයක් මේක. එනිසා ඇතැම් ජල කරාමවලින් ජලය වෑස්සෙන්න පටන් ගන්නවා. මේවා දිගින් දිගටම එකම ආකාරයට සිදුවීම තුළ නිවෙස අපිරිසුදු වෙනවා වගේම ඊට වඩා වැඩි වේගයකින් අයහපත් කරුණු වර්ධනය වෙනවා. එමඟින් ධනය විනාශ වෙනවා. ඒ වගේම කරදර, බාධක යෙදෙනවා.
අතුගාද්දී
නිවෙස අතුගාද්දී ප්‍රධාන දොර දෙසට අතුගාන්න හෝ අතුගා එකතු කළ කුණු ප්‍රධාන දොරෙන් එළියට දාන්න එපා. එය අසුබයි. ධනය පිරිහේ.
ජනේලයෙන් කෙළගැහුවොත්
නිවෙසේ ජනේලයකින් නිතර නිතර කෙළගැසීම අතිශය අසුබ දෙයකි. එමඟින් නිවෙස පිරිහේ. ධනය සහ නිරෝගී බවද නැතිවීමට බලපායි.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

ජීවිතයක සියල්ල තීන්දු කරන අෂ්ටෝත්තරී දශා

Next Post

වයස 19දි ලංකාවෙ සුපර්ස්ටාර් වෙන කවුද මේ හිරිමල් කොල්ලා

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.