• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වයස 19දි ලංකාවෙ සුපර්ස්ටාර් වෙන කවුද මේ හිරිමල් කොල්ලා

January 16, 2021
in Heart
Reading Time: 2 mins read
A A
වයස 19දි ලංකාවෙ සුපර්ස්ටාර් වෙන කවුද මේ හිරිමල් කොල්ලා
Share on WhatsAppShare on Facebook

⬤ පොඩිකාලෙ ඉඳන් මගේ හීනය වුණේ ගායකයෙක් වෙන එක…

⬤ හිරු ස්ටාර් නිසා මම A/L අත්හැරියා…

⬤ ශිහාන් මගේ ගමනට ආදර්ශයක්…

“මට කියන්න පුළුවන් මම මර්වින් පෙරේරාගෙ පුතා කියල. නමුත් ඔයාට… ඔයාට ජීවය ලැබිල තියෙනව පුතේ උප්පත්තියෙන්ම. මරු පුතේ…”
“විශ්වයෙන් ඔබට හම්බුවෙලා තියෙනව ශක්තියක්. අපි මොවුන්ට තව තවත් අවස්ථාව දෙන්න ඕනෙ. අපි බලන් ඉන්නව ඔබ ගායකයෙක් වෙලා අපිව පිනවනකම්”
“ඔබේ ගායනයේ සමහර තැන් මගේ ඇඟේ මයිල් කෙළින් කළා. ඇත්තටම කියන්න වචන නෑ. ඔබ වැනි අය අපට අවශ්‍යයි, සංගීත ක්ෂේත්‍රයට අවශ්‍යයි, මේ රටට අවශ්‍යයි.”
හිරු ස්ටාර් වේදිකාවෙ කළ ගායනයකට මෙහෙම ප්‍රතිචාර පසුගිය සතියෙ දුන්නෙ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන අමල් පෙරේරා, ශිහාන් මිහිරංග සහ නිරෝෂා විරාජිනී.
ඔබට හිතෙනව ඇති ගායනයකට මෙහෙම ප්‍රශංසා ලබන්න හැකි තරම් ඉදිරිපත් කිරීමක් කළ හැකිද කියල. ගායකයකුට රියැලිටි තරගාවලියක අහන්න නොලැබෙන ආකාරයේ මෙවැනි ප්‍රතිචාරයක් පසුගිය සතියෙ ලබාගන්න සමත් වුණේ තවමත් හිරිමල් යෞවනයේ පසුවන තරුණයෙක්. තවමත් 19 වැනි වියේ පසුවන විශ්ව ප්‍රභාත් මෙහෙම ප්‍රතිචාර දක්වන ගායනයක් ඉදිරිපත් කරන්නෙ අමල් පෙරේරාගෙ දෑසට කඳුළක්ද එක්කරමින්. අවසන් තරගකරුවන් දොළොස්දෙනා තෝරාගැනීම සඳහා තරගවැදුණු හිරු ස්ටාර් වේදිකාවේ ඔහු කළ ගායනය මේ වන විට බොහෝදෙනාගේ කතාබහට ලක්වෙලා. ඉතින් ඒ ගැන මෙන්ම ඔහුගේ ඉදිරි ගමන ගැනත් විශ්ව අපිත් එක්ක කතා කළේ මේ විදිහට.


🔴 විශ්ව ‘හිරු ස්ටාර්’ අවසන් 12දෙනා අතරට තේරීම ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම මට කියාගන්න බැරි සතුටක් තියෙනවා. මොකද මගේ පොඩි කාලෙ ඉඳල සිහිනයක් තිබුණ ගායකයෙක් වෙන. ඒ සිහිනය මේ වෙනකොට මම යම්තාක් දුරකට සපුරගෙන තියෙනව. අනිත් පැත්තෙන් මේ වෙනකොට මට මිනිසුන්ගෙ ආදරය ගොඩක් ලැබිල තියෙනව. මේ තරගයට ඉදිරිපෙත් වෙද්දි මට මේ තරම් ලොකු බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ. ඒත් මේ වෙනකොට මට දැන් මේ වෙනුවෙන් ලොකු බලාපොරොත්තුවක් ඇතිවෙලා තියෙනවා. අවසන් තරගයටම යන්න ඕනෙ කියන බලාපොරොත්තුව දැන් මට ඇතිවෙලා තියෙනවා.
🔴 තරගයට ඉදිරිපත් වෙනකොට මේ තරම් දුර එයි කියලා බලාපොරොත්තු වුණාද?
මේ තරගයට ඉල්ලුම්පත් කැඳවල තියෙද්දි ඒකට කූපන් එකක් දාන්නෙ මගෙ යාළුවගෙ අම්ම. එතකොට ගෙදර අයවත් කවුරුත් මේ ගැන දන්නෙ නැහැ. ඒ කූපන් එකට මට කිසිම රිප්ලයි එකක් එන්නෙ නැහැ. ඊට පස්සෙ ඇප් එක හරහා ඔන්ලයින් ඉල්ලුම් කරන්න පුළුවන් කියල දැනගත්තම තමයි මම පොඩි වීඩියෝ එකක් කරල ඒකට අප්ලෝඩ් කරන්නෙ. ඒ අනුව තමයි මට හිරු ස්ටාර් එකට සහභාගිවෙන්න අවස්ථාව ලැබෙන්නෙ. ඉතින් මුලින් ඉදිරිපත් වෙනකොට නම් මේ තරම් ලොකු දෙයක් බලාපොරොත්තු වුණේ නෑ.
🔴 ඒ වෙද්දි මොනවගේ හැදෑරීමක්ද සංගීතය පිළිබඳ තිබුණෙ?
ඒ වෙනකොට පාසලේ විෂයක් විදිහට විතරයි මම සංගීතය ඉගෙනගෙන තිබුණෙ. මේ තරගයට ඉදිරිපත් වෙන්න කලින් සංගීතය පිළිබඳ වෙන කිසිම හැදෑරීමක් මට තිබුණෙ නැහැ.
🔴 බොහෝදෙනෙක්ට අමතක වෙලාගිය මර්වින් මිහිඳුකුලගේ ගීත තෝරා ගැනීමේ විශේෂත්වය මොකක්ද? එම තෝරාගැනීම ඔබගේද? නැත්නම් අමල්ගෙද?
මර්වින් මිහිඳුකුල කියන නම සහ එතුමගෙ ගීත මේ වෙනකොට ගොඩක් දෙනෙක්ට අමතක වෙලා තියෙන්නෙ. අනිත් එක තමයි එතුමට තියෙන්නෙ ගීත රියැලිටි වැඩසටහන්වලට ගැළපෙන ගීතාවලියක්. ඉතින් මම හිතුව එතුමගෙ ගීත ගයන නැවැත ගායනා කරල එතුමගෙ නමත්, ගීතත් යළිත් වරක් ප්‍රේක්ෂකයන්ට මතක් කරල දෙන්න ඕනෙ කියල. ඒ හරහා මටත් තරගාවලියෙ ඉදිරියට යන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි මම ඔහුගෙ ගීත කෙරෙහි විශේෂත්වයක් දැක්වූයේ.
🔴 තරුණ පරම්පරාවෙ ගොඩක් අඩුවෙන් රසවිඳින ගීත ගායනා කරල අවදානමක් ගත්ත කියල ඔබට හිතුණෙ නැද්ද?
ඒ ගීත ගායනා කිරීම අවදානමක් ගැනීමක් කියල මම කොහොමත්ම හිතුවෙ නැහැ. දැන් ඇහෙන අලුත් සින්දුවලට මගෙ වැඩි කැමැත්තක් නැහැ. ඒත් රැල්ල තියෙන්නෙ ඒ සින්දුවලට. මේ සින්දු කියල ඒ රැල්ල නවත්වන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ. ඒත් මම හිතුවෙ මර්වින් මිහිඳුකුලගෙ ගීත මගේ විදිහට තරුණ පිරිසට දැනෙන්න කියනව කියල. මම හිතනව මම ඒ ගත්ත උත්සාහය මේ වෙනකොට සාර්ථක වෙලා තියෙනව කියල.
🔴 අමල් පෙරේරගෙ කණ්ඩායමේ සාමාජිකයෙක් වීම ගැන ඔබට මොකද හිතෙන්නෙ?
මම යන කැටගරි එකත් එක්ක අමල් සර්ව තමයි මට හොඳටම ගැළපෙන්නෙ. මම ඒ කරපු තෝරාගැනීම තමයි මම තරගාවලිය තුළ ගත්ත හොඳම තීරණය වෙන්නෙ. තරගාවලිය තුළ මට මේ තැනට ඒම සඳහා ගීත තෝරාගැනීමේ ඉඳල හැම දේකටම ඔහුගෙන් මට ලැබුණෙ කියල නිම කරන්න බැරි සපෝට් එකක්.
🔴 රියැලිටි තරගයක කෝච් කෙනෙක්ගෙන් දකින්න නොලැබෙන තරම් ප්‍රතිචාරයක් ඔබට අමල්ගෙන් ලැබෙනව?
මට මේ තරගාවලියෙ වගේම මගේ සංගීත ජීවිතයෙ ලැබුණ වටිනාම කමෙන්ට් එක ලැබුණෙ මම කියපු මුල්ම ගීතයට. ඒ කමෙන්ට් එක දුන්නෙ ශිහාන් මිහිරංග. මගේ මුල්ම ගීතයෙන්ම ශිහාන් සර් මගෙන් අහනව වයස 19 වෙද්දි ඊළඟ හිරු ස්ටාර් වෙනවද කියල. ඒක තමයි මට ලැබුණු හොඳම කමෙන්ට් එක. ඒ වගේම මම කියපු ‘මානෙල් මල සේ’ ගීතයට අමල් පෙරේරා දුන්න කමෙන්ට් එකත් ඒ වගේම විශේෂ කමෙන්ට් එකක්. මේ තරගාවලියෙ කාටවත්ම එහෙම කමෙන්ට් එකක් ලැබිල නෑ. මේ තරගාවලියෙ ඉදිරියට යෑම සඳහා ඒවත් ගොඩක් උපකාරි වෙයි කියල මම හිතනව.
🔴 දැනට ඉතිරිවෙලා ඉන්න තරගකරුවන් අතර විශ්වට අභියෝගයක් වේවි කියල හිතෙන තරගකරුවන් කවුද?
අන්තිම 12ට ඉතුරු වෙලා ඉන්නෙ තරගකරුවන් සියලු දෙනාම ඉතාමත් දක්ෂ අය. තරගකරුවන් හැත්තෑපන්දහසක් අතරින් තමයි මේ 12දෙනා තේරිලා ඉන්නෙ. ඒ හැමෝමට තියෙන්නෙ එකම බලාපොරොත්තුවක්. හැමෝම තමන්ගෙ හොඳම දේ දෙන්න තමයි මේ වෙලාවෙ උත්සාහ කරන්නෙ. ඉතින් ඉදිරි තරගවලදි ඉතාමත් තරගකාරී බවක් දකින්න ලැබෙයි.
🔴 මේ සඳහා පවුලෙ අයගෙන් ලැබෙන්නෙ මොනවගේ සහයෝගයක්ද?
මගේ පවුලෙ මමයි, අම්මයි, තාත්තයි, නංගියි ඉන්නෙ. ඇත්තටම ගෙදර අයගෙන් තමයි මට ලොකුම සපෝට් එක ලැබෙන්නෙ. මම උසස් පෙළ අධ්‍යාපනය හදාරන එකත් නවත්තල තමයි මේ තරගාවලියට ඉදිරිපත් වෙලා ඉන්නෙ. ඒ වගේ තීරණයක් ගන්නවට කොයි දෙමව්පියත් කැමැති නෑ. නමුත් මගේ අම්මයි තාත්තයි මට මේ සඳහා ලොකු සහයෝගයක් ලබාදුන්න. ඒ වගේම මගේ පාසල වන හොරණ දොන් පේදිරික් මහා විද්‍යාලයෙනුත් මට මේ සඳහා ගොඩක් උදව් කරනව.
🔴 ඔබත් රියැලිටිවලින් මතුවෙලා කාලෙකින් අමතක වෙලා යන තරුවක් වෙයිද?
එහෙම වෙන එකක් නෑ. මේ තරගාවලියෙ ඉන්න විනිශ්චයකරුවන්ගෙන් මං ලබාගත්ත ගොඩක් දේවල් තියෙනව. විශේෂයෙන්ම ශිහාන් මිහිරංගගෙන්. ශිහානුත් රියැලිටි වැඩසටහනකින් ආපු ගායකයෙක්. ඔහු එම තරගාවලියෙ ජයග්‍රාහකය නොවුණත් අනිත් අයට වඩා තැනක ඔහු ඉන්නව. ඒකත් මගේ මේ ගමනට හොඳ ආදර්ශයක්. තරගය ජයග්‍රහණය නොකළත් මගේ එකම අරමුණ පැවැත්මක් තියෙන ගායකයෙක් වෙන එක.
🔴 මේ මොහොතේ ඔබේ රසිකයන්ට කියන්න ගොඩක් දේවල් ඇති?
මාව මේ තැනට ගේන්න ලොකු සපෝට් එකක් දුන්නෙ මගේ රසිකයො. ඉතින් මම මේ වෙලාවෙ ඔවුන්ට ගොඩක් ස්තුති කරනව මාව මේ තැනට ගෙනාවට. මම හැම තිස්සෙම උත්සාහ කරන්නෙ ඔවුන්ට අවශ්‍ය දේ දෙන්න. ඉතින් ඉදිරියෙදිත් ඔවුන් මාත් එක්ක ඉඳී කියන ලොකු විශ්වාසයක් මට තියෙනව.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

හිතුමතේ කරන බරපතළ වැරැදි

Next Post

වේදිකාවට වසන්තය ගෙනා පළිඟු මැණිකේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.