• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජීවිතයක සියල්ල තීන්දු කරන අෂ්ටෝත්තරී දශා

January 16, 2021
in Astrology
Reading Time: 2 mins read
A A
ජීවිතයක සියල්ල තීන්දු කරන අෂ්ටෝත්තරී දශා
Share on WhatsAppShare on Facebook

දශා ක්‍රම අතර අෂ්ටෝත්තරී දශා ක්‍රමයද සුවිශේෂය. අදටත් උගත් ජ්‍යොතිෂවේදීන් සුවිශේෂී වූ පලාපල කථනයන් සඳහා අෂ්ටෝත්තරී දශා ක්‍රමය යොදාගනී. පැරැණි කේන්දර පරීක්‍ෂාවේදී ඉදිරියට පවතින දශා ශේෂය අෂ්ටෝත්තරී ක්‍රමයටද සඳහන් කර තිබෙනු දැකිය හැකිය. අෂ්ටෝත්තරී දශාවද නැකැත මත පදනම් වූ නක්‍ෂත්‍ර දශා 10 අතරින් එකකි. නක්‍ෂත්‍ර දශා පදනම් වී ඇත්තේ චන්ද්‍රයා මතය. එනම් යම් උපතක් සිදු වන විට සඳු සිටි නැකැත හිමි ග්‍රහයාගේ දශාව ඔහුට හිමිය. අෂ්ටෝත්තරී දශා ක්‍රමයේදීද ග්‍රහයන්ගේ බල දුබලතාව, භාවාධිපතිකම, ස්ථානීය බලය, යෝග සංයෝග, ග්‍රහ දෘෂ්ටි, යෝගකාරකත්වය, මාරක බාධක යෙදීම් ආදී සියල්ල හොඳින් තක්සේරු කර පලාපල ගොනු කරගත යුතුය. සාමාන්‍යයෙන් අෂ්ටෝත්තරී දශා ක්‍රමය යොදාගනුයේ අව දහවල් උපත් මෙන්ම පුර පක්‍ෂයේ උපත් සඳහාය. තවද අප ජීවත්වන කලියුගය තුළ අෂ්ටෝත්තරී දශා ක්‍රමය බලවත් බව ජ්‍යොතිෂ පොතපතෙහි සඳහන් වෙයි.

අෂ්ටෝත්තරී දශා ක්‍රමය ග්‍රහයන්ගේ දශා ක්‍රමයකි. මෙහිදී කේතු හැර රවි, සඳු, කුජ, බුධ, ශනි, ගුරු, රාහු හා ශුක්‍ර යන ග්‍රහයන් අනුපිළිවෙළින් අෂ්ටෝත්තරී දශාව සඳහා යොදාගනී. මෙහිදී උක්ත සියලුම ග්‍රහයන්ගේ දශා එකතුව අවුරුදු 108කි. එනම් අෂ්ටෝත්තරී දශා ක්‍රමයේදී මිනිසකුගේ පරම ආයුෂ වර්ෂ 108ක් ලෙස සලකා ඇත. ඉහත සඳහන් ග්‍රහයන් 8 දෙනාට අදාළව මහ දශා කාලසීමාවන් හා ග්‍රහයන් පෙළ ගැස්ම මෙසේය.
ග්‍රහයා අෂ්ටෝත්තරී සහ දශා කාලය
* රවි කාලය වර්ෂ 06
* සඳු කාලය වර්ෂ 15
* කුජ කාලයවර්ෂ 08
* බුධ කාලය වර්ෂ 17
* ශනි කාලය වර්ෂ 10
* ගුරු කාලය වර්ෂ 19
* රාහු කාලය වර්ෂ 12
* ශුක්‍ර කාලය වර්ෂ 21
එකතුව වර්ෂ 108
අෂ්ටෝත්තරී දශා ක්‍රමයේදී රවි, සඳු, කුජ ආදී කොට ඇති ග්‍රහයන්ට හිමි නැකැත් වෙන්කොට ඇත්තේ නැකැත් චක්‍රයේ නැකැත් උදාවන අනුපිළිවෙළටය. මේ අනුව ඒ ඒ අෂ්ටෝත්තරී මහ දශාව හිමි ග්‍රහයාට අයත් නැකැත් මෙසේය.

අෂ්ටෝත්තරී මහ දශාව හිමි ග්‍රහයා හිමි නැකැත්
* රවි – අද, පුනාවස, පුෂ, අස්ලිය
* සඳු – මා, පුවපල්, උත්‍රපල්
* කුජ – හත, සිත, සා, විසා
* බුධ – අනුර, දෙට, මුල
* ශනි – පුවසල, උත්‍රසල, අසිජිත්, සුමන
* ගුරු – දෙනට, සියාවස, පුවපුටුප
* රාහු – උත්‍රපුටුප, රේවතී, අස්විද, බෙරණ
* ශුක්‍ර – කැති, රෙහෙන, මුවසිරස
තවද අෂ්ටෝත්තරී මහ දශාවේ ග්‍රහයන් පෙළගැස්වූ අනුපිළිවෙළට අන්තර දශාවලදීද භාවිත වෙයි. අන්තර් දශා කාල සීමාවන් දැක්වීම වර්ෂ, මාස, දින හා සිංහල පැය ලෙසය. මෙම අෂ්ටෝත්තරී මහ දශා, අතුරු දශා කාල සීමාවන් මෙන්ම මහ දශාවලට හිමි නැකැත්ද දක්වා ඇති වගු පැරැණි ජ්‍යොතිෂ පොතපතෙහි දැක්වෙයි. එහිදී අවුරුදු, මාස, දින, පැය 24 ක්‍රමයටත්, 60 පැයේ සිංහල ක්‍රමයටත් එකම ප්‍රමාණයම බව දතයුතුය. එසේම අෂ්ටෝත්තරී මහ දශාව හිමි ග්‍රහයාට අයත් මුළු වර්ෂ ප්‍රමාණය එම ග්‍රහයාට හිමි නැකැත් සංඛ්‍යාව අතර සමසේ බෙදී යයි. උදාහරණ ලෙස සිකුරු අෂ්ටෝත්තරී මහ දශාව ගනිමු. සිකුරු අෂ්ටෝත්තරී මහ දශාවට හිමි සම්පූර්ණ මහ දශා කාලය අවුරුදු 21කි. එසේම අෂ්ටෝත්තරී ක්‍රමයට ශුක්‍රට හිමි කැති, රෙහෙන හා මුවසිරස යන නැකැත් තුනය. එලෙස ගත් කල ඉහත නැකැත් තුනෙන් එක තැනකට වර්ෂ 7 බැගින් හිමිය.

ඕනෑම උපතකට අදාළව ඉදිරියට පවතින අෂ්ටෝත්තරී මහ දශා ශේෂය සෙවිය හැකිය. මේ සඳහා අදාළ දිනයේ උපත සිදුවන විට පැවැති නැකැත සොයාගත යුතුය. එය පංචාංග ග්‍රහස්ඵුට ලිතක් ආධාරයෙන් බලාගත හැකිය. එම නැකැතට අනුව අෂ්ටෝත්තරී මහ දශා අන්තර් දශා වගුව ආධාරයෙන් අෂ්ටෝත්තරී මහ දශාව සොයාගත හැකිය. එහිදී අදාළ අෂ්ටෝත්තරී මහ දශාවට හිමි කාලයද එහිම වෙයි. ඊට පසු එදින පැවැති නැකැතේ සම්පූර්ණ කාලය සොයාගත යුතුය. ඉන් ඉක්බිති උපත සිදුවන විට පැවැති නැකැතින් ගෙවී ඇති ප්‍රමාණය සොයාගත යුතුය. දැන් පැවැති නැකැතේ සම්පූර්ණ කාලයට අනුපාතිකව පැවැති අෂ්ටෝත්තරී මහ දශාවේ වර්ෂ ගණන, උපත සිදුවන විට පැවැති නැකැතින් ගෙවී ඇති කාලයෙන් ගුණ කර දශා අපහරණය සොයාගත හැකිය. මෙහිදී පැය, මිනිත්තුවලින් ලැබී ඇති නැකැතේ සම්පූර්ණ කාලය වූ නැකැතින් ගෙවී ඇති කාලයත් යන දෙකම මිනිත්තු යන එකම ඒකකයට හරවා ගෙන සමීකරණය සුළු කළ විට දශා අපහරණය අවුරුදු, මාස, දින ලෙස ලැබෙයි. ඊට පසු අදාළ අෂ්ටෝත්තරී මහ දශාවේ සම්පූර්ණ දශා කාලයෙන් දශා අපහරණය අඩුකර ඉදිරියට පවතින අෂ්ටෝත්තරී මහ දශා ශේෂය අවුරුදු, මාස, දින ලෙස සොයාගත හැකිය.

එසේම උපත සිදුවූ අන්තර් දශාවද සොයාගත හැකිය. ඒ සඳහා අෂ්ටෝත්තරී මහ දශා අන්තර් දශා වගුව උපයෝගී වෙයි. අෂ්ටෝත්තරී ක්‍රමයේදී මහ දශා, අතුරු දශා යෙදෙනුයේද විම්ශෝත්තරී දශා ක්‍රමයටය. එනම් රවි මහ දශාවේ රවි අන්තර් දශාව, රවි මහ දශාවේ සඳු අන්තර් දශාව ආදී ලෙසය. අෂ්ටෝත්තරී නම් දශා ක්‍රමයත් විම්ශෝත්තරී නම් දශා ක්‍රමයත් අතර මහ දශා අන්තර් දශා සැලකීමේදී වෙනස වන්නේ ග්‍රහයන් සංඛ්‍යාව, එම ග්‍රහයන් පෙළගැස්මේ අනුපිලිවෙළ හා ඒ ඒ ග්‍රහයාට හිමි කාලසීමාවන් පමණි. එසේම යම් අෂ්ටෝත්තරී මහ දශාවක අන්තර් දශාවට හිමි වර්ෂ මාස දින හා පැය ගණන, මහ දශාව හිමි ග්‍රහයාගේ වර්ෂ ගණනින් අවශ්‍ය අන්තර් දශාව හිමි ග්‍රහයාගේ වර්ෂ ගණන ගුණ කර ලැබෙන පිළිතුර 9න් බෙදීමෙන් ලබාගත හැකිය. මෙහිදී පිළිතුර ලැබෙනුයේ මාසවලිනි. එම අගය 12ට වැඩි නම් 12න් බෙදා වර්ෂ හා මාස බවට පත්කර ගතයුතුය. එසේ බෙදූ කල යම් සංඛ්‍යාවක් ඉතිරි වූයේ නම් එය දින ලෙස සලකා 4න් ගුණකර සුළු ගණිත කර්මයන් ආධාරයෙන් දින හා සිංහල පැය ගණන සොයාගනු ලැබේ. මේ අයුරින් අෂ්ටෝත්තරී මහ දශා, අන්තර් දශා වගුවක් නොමැතිව වුවද අදාළ අෂ්ටෝත්තරී මහ දශාවේ අන්තර් දශා කාලය සොයාගත හැකිය.

කේන්දරයක අෂ්ටෝත්තරී දශා ශේෂය දක්වා නොමැති විට අෂ්ටෝත්තරී දශා ක්‍රමයෙන් පලාපල ප්‍රකාශ කිරීම විශාල කාලයක් මෙන්ම ක්‍රමයක් වැය කළ යුත්තකි. ඒ නිසා ජ්‍යොතිෂවේදීන් ඊට යොමු වීම මෙන්ම උනන්දු වීම අඩුය. කෙසේ වෙතත් දක්‍ෂ ගුරු ඇසුරක් තුළින් අෂ්ටෝත්තරී දශා ක්‍රමය භාවිත නිවැරැදිව උගත හැකිය. එය නිවැරැදිව ක්‍රමවත්ව උගත යුතු බැවින් දශා අපහරණය සොයන ක්‍රමයත් අන්තර් දශාව සොයන ක්‍රමයත් නිදසුන් ඇසුරු කොට මෙහි සඳහන් නොකෙළමි.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

නිරුවතට ජීවය දෙන්න මට අමාරුයි

Next Post

හිතුමතේ කරන බරපතළ වැරැදි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.