• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සෙනසුරු හොඳයි

August 2, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
සෙනසුරු හොඳයි
Share on WhatsAppShare on Facebook

අද අපි කතාබහේ යෙදෙන්නට යන්නේ ශනි හෙවත් සෙනසුරු ගැනයි. ගසා ඇති අඳුරු ලේබලය අනුව සෙනසුරු එපා කරපු ග්‍රහයෙක් බවට හැරී ඇති චරිතයකි. අපේ ජීවිතයේ කම්කටොලු, දුක් කරදර, වධ වේදනා ගෙනදෙන්නේ සෙනසුරු බැව් ප්‍රකට කරුණකි. එහෙත් මාරක අපල උවදුරු විනාශය ගෙනදෙන්නේ සෙනසුරුම පමණක් නොවේ. සුබ යැයි සලකන ග්‍රහයන්ගෙන් පවා අසුබ පල විපාක ගෙනදෙනු ඇත. තවද සෙනසුරුගෙන් සුබ පල ලබා සමාජයේ ඉහළ තලයට ගිය අය ගැන කිසිම තැනක සඳහන් නොවේ.

කවුරු කෙසේ කොහොම පැවැසුවත් ඔය කියන තරම්ම ඉතාම විනාශකාරී නොවනු ඇත. සියලු අසුබ තත්ත්වයන් බැර කර ඇත්තේ සෙනසුරුගේ ගිණුමටය.
බ්‍රහස්පති හොඳම ග්‍රහයායි යන මතය සමහර විට සනාථ නොවිය හැකි වන්නේය. බ්‍රහස්පති මහ දශාව ඉතාම ධනාත්මක වුවත් මේ දශාවේදී අයුතු අසාධාරණකමින් ක්‍රියා කළේ නම් ඊළඟට ලබන සෙනසුරු මහ දශාවේදී අසුබ පල වැඩියෙන්ම ලැබේ. සෙනසුරු ගැන පලාපල කීමේදී වඩාත් ප්‍රවේශම් වීම කාලෝචිතයි. අගහිඟකම් ලෙඩ රෝග දුක් දරදර විපත් මුදල් නැතිකම ඇතිවන විට සෙනසුරා මතක් වේ. අධ්‍යාපනය ලබන කාලය තුළ සෙනසුරු ලබා තිබීම ඉගෙනීම් කටයුතුවලට කදිමයි. දුක් විඳගෙන ඉගෙනීම් කටයුතුවල නිරත වෙයි. සිකුරු වැනි කාමභෝගී දශාව තුළදී අධික ලෙස විනෝදයට බර වීම නිසා ඉගෙනීමේ පැත්තට නැඹුරු නොවේ.
වසර 19ක්ම සෙනසුරු අයහපත් ප්‍රතිඵල ගෙනනොදේ. එසේ නම් අඟහරුට 7යි. ඊට පසු රාහුට 18 අවුරුදු 25ම අපලද අතුරු දශෘ තුළදී ජීවිතයේ විශාල ලෙස වෙනස්වීම් සිදුවේ. සෙනසුරුගේ බුධ අතුරු දශාව තුළදී සියලු ලෞකිකමය සම්පත් ළඟාකර ගත් අය සමාජයේ ඕනෑ තරම් සිටී. නරක යැයි සලකන දශාවලද හොඳක් නොවන්නේමද?

ශනිගේ මහ දශාවේ ශනි අතුරු දශාවේදී අසුබ වූවන් බුධගේ අතුරු කාලයේ ඉතාම සුබඵල අත්කර දෙනු ඇත. සෙනසුරු ගැන එකවරම තීරණ නොගෙන ඔහුගේ හැසිරීම් රටාව බලා සුබ තත්ත්වය මැනවින් අවබෝධ කරගත යුතුවේ. වෘෂභ, තුලා, මකර, කුම්භ ලග්න හිමියන් බොහෝ විට සුබ පල ප්‍රදානය කරනු ඇත.
ශනි ලග්නය තුලා, ධනු, මකර, කුම්භවලදී ලග්නයේ සිටීමෙන් ධනය සම්පත් අත්පත් වේ. ශනි 2 වැන්නට එතරම් සුබ නැත. සුබව සිටී නම් අසුබ පල සමව ලැබේ. ශනි 3 වැන්නේ නම් ජය ගැනීමට බලය ගොඩනැඟේ. වික්‍රමය තරමක බලහීනත්වයකටද පත්කරයි. හතරවැන්නේ මවට තරමක අසුබයි. හදවත් ව්‍යාධිවලට මගපාදයි. මේ, කටක, තුලා, මකර ස්ථාවර පදිංචිය අඩුය. වරින්වර පදිංචිය වෙනස් කරයි. බලවත් නම් ශක්තිය ඇති කරයි.
ශනි 5 වැන්නේ නම් තුලා, මකර, කුම්භ රාශි නම් වඩා යහපත්ය. එහෙත් ධනු ලග්නයට 5 වැන්න සෙනසුරු නීචවූවන් අසුබ පල ප්‍රදානය වේ. ශනි අසුබව ඇත්නම් කායික, මානසික පීඩි ගෙනදේ.
ශනි 6යේ නම් උපචස්ථානය නිසා ශනි 6 වැන්නට සුබ යැයි කියන නමුත් සුබ අසුබ එකසේ දෙනු ඇත. රෝගාබාධ ඇති කරයි. ඒ අතර කෘෂිකර්මයෙන් දියුණු විය හැකිය. භෝග වගාවන්ට යහපත්ය.

ශනි 7 වැන්නේ දිග්බල සහිතයි. සුබව සිටී නම් විවාහය හා ව්‍යාපාරවලට යහපත් වේ. අසුබ නම් විනාශකාරී වේ. 7 වැන්නේ විවාහය මොන අන්දමකින් හෝ දුක් දරදර මැඩගෙන ඉදිරියට යයි. ශනි 8 වැන්නට සුබ නැත. අසුබව සිටී නම් විශාල ලෙස අසුබ තත්ත්වයක් උදාවේවි. අනපේක්ෂිත කායික, මානසික පීඩා ගෙනදෙනු ඇත.
ශනි 9 වැන්න පිංබිමට නරක නැත. අධ්‍යාත්මික පැත්තට වඩාත් නැඹුරු වේ. පැවිදි බවට යහපත්ය. ආගමික පැතිකඩක් නිර්මාණය කරයි. විවාහයේදී තරමක නීරස බව හඳුනාගනී.
ශනි 10 වැන්නට නම් රැකියාව හා ව්‍යාපාරවලට යම් අසුබ ඇති වන්නේ නරකට සිටීමෙන්ය. සුබව සිටී නම් යහපත් ප්‍රතිඵල අත්වේ. වෘෂභ, මකර, තුලා ලග්න හිමියන්ට ශනි 10 බලවත්ව සිටීමෙන් විශාල ලෙස සුබපල ලැබේ. සමහර විට දියුණුවක් වහා පිරිහීමත් එක හා සමානව ක්‍රියාත්මක වන්නේය.

ශනි 11 වැනි අයස්ථානයේ බලවත්ව ඇත්නම් විශාල ලෙස සුබපල අත්වේ. මැණික් වාසනාව උදාවේ. දේශපාලනයට යහපත්ය. දියුණුව ලබයි. ශනි 9, 11 තැන් යහපත් නැත.
ශනි 12 වැන්නේ නම් යහපත් නැත. විවිධ කායික, මානසික පීඩා ගෙනදේවි. මහදශා අතුරු දශා තුළදී ප්‍රශ්න ගැටලු පැනනඟී. අසුබව සිටියේ නම් අසුබ තැනක් නිසා අසුබ තත්ත්වය තව තවත් වැඩි කරයි. වෙන ග්‍රහ පෙනීම් නිසා සෙනසුරුගේ ක්‍රියාකාරීත්වයේ නිසඟ වෙනස් වීම් ඇතිකෙරේ. එය සුබ හෝ අසුබ විය හැකිය. හිතන තරම්ම යකා කළු නැහැ කිව්වා සේම සෙනසුරු ඒ තරම්ම අසුබම එපා කරපු ග්‍රහයෙක් නොවේ. සම දිරාගිය, ඇඟ රුලිවැටුණු, කකුලක් නොන්ඩි ගසන, තුවාලයක් ඇති නාකි මහල්ලෙක් වන අතර වාහනය කපුටා යැයි ජ්‍යොතිෂ විද්‍යාවේ සඳහන්ව තිබේ. යකඩ සහිත මීතේනියම් වායුවත් එයට සඳුගේ තෙතමනය පතිත වීම නිසා යකඩය මලකඩ සෑදී කෑලි හැලෙන වග තාරකා විද්‍යාවේ සඳහන් වී ඇත. එදා ඍෂිවරුන් තෙවැනි ඇසින් දුටු ශනි අද දුරදක්නයේ පියවි ඇසින් දකී. එකම අරුතකි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

දෙදෙනෙක් එකතු කරන පොරොන්දමේ ඇතුළු පැත්ත

Next Post

හතට බෙදෙන අත හෙළිකරන රහස්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.