• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සෙනසුරුගේ වාහනය වෙන්න කපුටාට බලය ලැබුණු හැටි

February 20, 2021
in Astrology
Reading Time: 1 min read
A A
සෙනසුරුගේ වාහනය වෙන්න කපුටාට බලය ලැබුණු හැටි
Share on WhatsAppShare on Facebook

එදා ගමේ පැරැන්නන් පවසන්නේ ගණ දෙවියන් කපුටාට නුවණ දී ඇති බවය.
හොඳ හෝ නරක හෝ කරන්නට අවස්ථාව පැමිණි විට සිදුකිරීම සෙනසුරුගේ ස්වභාවයයි. ගණ දෙවියන් හට සෙනසුරුගේ අපල කාලය උදාවී තිබේ. විෂ්ණු දෙවියන්ටද අපල කාලයේදී සෙනසුරු විසින් බටකොළ කැවූ බව කියැවෙයි.ඔසවා ගැනීම හෝ පොළොවේ ගැසීම සිදුකරන සෙනසුරු ගණදෙවියන්ගේ අපල කාලය හඳුනාගත්තේය. එය සැලකිරීමට සෙනසුරා පැමිණීමට පෙරම ගණ දෙවියන් තම අපලය වටහා ගත්තේය. උපන් බුද්ධිය මතුකරගත් ගණදෙවියන් සෙනසුරු පැමිණීමට පෙර තම උදරයේ ‘සෙනසුරු අපලය අද නොවේ හෙට’ යනුවෙන් අඟුරු කැබැල්ලකින් සටහන් කර ගත්තේය.

මෙය දුටුවේ කපුටා පමණකි. කපුටා කාක් – කාක් යනුවෙන් කෑ ගැසුවේ උදරයෙ ලියා ඇති වැකියේ අරුත මම දන්නවා. මම සෙනසුරු දෙවියන්ට විස්තරේ කියන්නම්’ යනාදී උපහාසාත්මක ස්වරූපයෙනි.

කපුටා සෙනසුරුගේ වාහනය වුවද, නිතර කුසගිනි දැල්වෙන පක්‍ෂියෙකි. නුවණ පහළ කළ ගණ දෙවියන් කපුටා වෙත එළඟිතෙල් මිශ්‍ර බත් ගුළි කිහිපයක් දී ඇත. එළඟිතෙල් මිශ්‍ර බත් ගුළි ගිලීමෙන් වෙනදාට දැනෙන කුසගින්න කපුටාගෙන් දුරුවී ඇත. කපුටා රහස සෙනසුරුගෙන් සඟවා ගත්තේය.

සෙනසුරු පැමිණ තමන්ගේ දිනය හෙට යැයි කියාගෙන ආපසු යෑමට පුරුදු වී ගණදෙවි නුවණට හසුවී තිබේ.

ගණ දෙවියන්ගේ රහස රැකීම නිසා කපුටා වෙතද ගණදෙවි පිහිට හිමිවී ඇත. කපුටා වෙත තැනට සුදුසු නුවණ පහළ වී ඇත.

කපටි මොළකාරයකු ලෙස හැඳින්වෙන කපුටා සෙනසුරුගේ වාහනය ලෙස පිළිගැනීමට ලක්වන්නේ ඇයි? කපුටා අසුබ ගණයේ පක්‍ෂියෙක්ද?

අවේලාවේ කපුටා හැඬීමද නුසුදුසු ස්ථානයක සිට කපුටා හැඬීමද අසුබ ලෙස බොහෝ දෙනා තුළ මතයක් පවතී. මහලු වියට එළැඹි උදවිය කපුටු හැඬීමට ප්‍රියතාවයක් නොදක්වයි. එයට හේතුවක් ඇත. කපුටාගේ ඉව නොවරදින අනාවැකි පැවසීමක් ලෙසද හැඟවෙයි. මරණයට ආසන්න වන ජීවියකුගේ ප්‍රශ්වාස වායුව මඟින් මරණයේ පණිවුඩය හඳුනා ගැනීමේ, පැවැසීමේ හැකියාව මෙම පක්‍ෂියාට හිමි බව එයට හේතුවෙයි.

අතීතයේ මළමිනි මිහිදන් කිරීමක් නොවූ අතර, මළකඳ වනයට ගෙනගොස් දැමීමක් පමණක් සිදුවිය. වනසතුන් මළමිනි ආහාරයට ගත් අතර, කපුටාද මෙයට හවුල් විය.

ජරාව, කැතකුණු යනුවෙන් හැඳින්වෙන කවර නම් දෙයක් වුවද ගිල දැමීම කපුටාට අරුමයක් නොවේ. එය ජීර්ණකර ගැනීම දරා ගැනීමද මෙම පක්‍ෂියාට උරුම වී ඇත.

ග්‍රහ මණ්ඩලයේ සිටින අපිරිසුදුම ග්‍රහයා සෙනසුරුයි. සෙනසුරු හට කවර නම් දුක්කරදරයක් වුවද විඳදරා ගැනීමේ ශක්තියක් ඇති බව කියැවෙයි. දරුණු වේදනා විඳදරාගෙන ඉදිරියට යයි. සෙනසුරු බලවත්ව පිහිටි ජන්මියනට බාධක විඳදරාගෙන තම අරමුණු කරා ගමන් කිරීමට ශක්තිය උදාවෙයි. සෙනසුරු දුබල වූ විට ජන්මියා කල් පවතින නිදන්ගත රෝග හොරි, දද, පාද ආබාධ ආදියෙන් පීඩාවට පත්කර එක්තැන්කොට දුක්ඛිත මරණයට පමුණුවයි.

සෙනසුරු කලකිරීම්, කරදර ආදියෙන් ඉවත් වන ග්‍රහයෙක් නොවේ. කපුටා හටද කරදර, බාධක, කුසගින්න කොතරම් බලවත් වුවද ඒ සියල්ලටම ඔරොත්තු දීමේ ශක්තිය හිමි පක්‍ෂියෙකි.
ජ්‍යොතිෂයේ 7 වැන්න දිග්බල ස්ථානයකි. 7 වැන්නට හිමි ශාරීරික කොටස් ලෙස නිවේදනය වන්නේ තුනටිය ප්‍රදේශය හා ඊට අදාළ ශාරීරික ඉන්ද්‍රියයන්ය. මෙම ප්‍රදේශය ශරීරයේ අපිරිසුදුම ස්ථාන ලෙස පිළිගැනෙයි. 7 වැන්න සෙනසුරුට දිග්බල වීම මත 7 වැන්නේ සෙනසුරු විවාහයට හොඳින්ම ගැළපෙන බව සනාථ වීමකි. ජීවිතයක විවාහය, ගෘහ ජීවිතය, කරදර-කම්කටොලු, කල්පවතින රෝගාබාධ, සාමූහික ක්‍රියාකාරකම් සෙනසුරුට හිමිවෙයි. සෙනසුරුගේ කපුටාගේ පීඩන දරා ගැනීමේ ශක්තිය 7 වැන්නෙන් උරුමකරගත් ජන්මියා සාර්ථක යුගදිවියක් ගතකරයි.
හතේ සෙනසුරු විවාහයට අයහපත් වන්නේ විවාහ ජීවිතයේ මුල් කාලයේ ප්‍රශ්නකාරී චංචල ස්වභාවයක් මතුවීමයි. යුග දිවියේ අග කොටස සාර්ථකව යහපත් වන්නේ දුක දෙවා සැප ලබා දීමේ පිළිවෙත ක්‍රමවත්ව සෙනසුරු අනුගමනය කරන නිසාය. සෙනසුරු පාප ග්‍රහයෙක් බැවින් ඔහුගේ වාහනය ලෙස කපුටා තෝරා ගැනීම අර්ථාන්විතය. පව්කාරයකු යා යුත්තේ පව්කාරයකුගේ පිට උඩය. ජන්මියකු හට පව් පළදෙන්නේ සෙනසුරු අසුබ වූ විටය. කල්ගත රෝගාබාධවලට ගොදුරු වූවනට, මහලු ආබාධිතයනට පිහිට වීම කපුටන් හට ගිතෙල් මිශ්‍ර කිරිබත් දන්දීම සෙනසුරු අපලය දුරුකරවන පිළිවෙත්ය.

නිතර බඩගින්නෙන් පෙළෙන කපුටා හට ගිතෙල් මිශ්‍ර කිරිබත් පිදීම යහපත් වුවද ගිතෙලෙහි පෙඟවූ පහන් තිර, බත්ගුළි තුළට බහා කපුටන් හට ගිල්ලවීම යහපත් නැත. ජීර්ණයට අපහසු රෙදි, තිර ගිලීමෙන් කපුටාහට අපහසුතාවයක්, අවැඩක් සිදුවිය හැකිය. එය කපුටා හට පීඩාවකි. පුදන්නාට අකුසලයකි.

ලෝකෝත්තර දියුණුවට හිතකර සෙනසුරුගේ ස්වභාවය හඳුනා කපුටාට සැලකීම දෙලොව දියුණුවට හේතු වන පිළිවෙතකි. 7 වැන්නෙන් නිවේදනය වන මෙලොව ඇති දෙලොව යුග දිවියයි.
එය නිවැරැදිව හඳුනාගැනීම දෙලොවටම කෙතරම් අගනේද?
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

මම දිග පළල මනින්න යන්නේ නැහැ

Next Post

මංගලට කළ දේ බැසිල් විමල්ටත් කරයිද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.