⬤ මම රඟපාන්නේ ආත්ම තෘප්තියට…
⬤ සර්පයන්ට මම ටිකක් බයයි…
ටෙලිනාට්‍යවල චරිත සදාකාලිකව මතකේ රැඳෙන්නේ කිහිපදෙනකුටයි. උතුම් පැතුම්, ආදරණීය ටෙලි වෘත්තාන්තයේ ‘සුදු හාමිනේ’ත් ඒ වගේම චරිතයක්. ‘සුදු හාමිනේ’ ලෙසට ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් ගීතිකා රාජපක්‍ෂද ඔබට මතක ඇති. මේ වන විට ජනප්‍රිය තාරකාවියන් අතර දිදුළමින් කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින ඇය සමඟ කතා කළා.
🔴 ගීතිකා අපි මුලින්ම ‘කපුරු’ට ලැබෙන ප්‍රතිචාර ගැන කතාකළොත්?
ඇත්තටම ‘ගරුඬ’ මුහුර්තය ටෙලිනාට්‍යයේ ‘කපුරු’ කියන චරිතය මට වගේම මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට තදින්ම දැනුණු චරිතයක්. මොකද මෙවැනි වෙනස්ම විදිහේ රංගනයකට මම එකතුවූ පළමු අවස්ථාව මෙයයි. ‘කපුරු’ මට අභිමානයක් වුණා කියලා පැවසුවොත් හරි. මම ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ප්‍රියාල් වීරසිංහ මාව තෝරාගැනීම සතුටට පත්වෙනවා. ඒ වගේම ‘කපුරු’ වටා ගෙතුණු අනෙකුත් චරිත සියල්ලම මට හයියක් වුණා.
🔴 ඔබ කොපමණ සුවිශේෂී චරිත නිරූපණය කළත් ‘සුදු හාමිනේ’ චරිතය ප්‍රේක්‍ෂකයන්ට අමතක වෙලා නැහැ?
‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍ය හරහා මම නිරූපණය කළ ‘සුදු හාමිනේ’ ගැන අදටත් කතාබහා කරනවා. මොකද ඒ ටෙලිනාට්‍ය ඒ තරමට ජනප්‍රිය වුණු නිසා. මගේ කලා දිවියේ පටන් ගැන්මත් එක්ක එවැනි අමතක නොවන චරිතයකින් ප්‍රේක්‍ෂකයන් අතරට යන්න ලැබීමත් වාසනාවක්. නිල්වලා ආයතනය තමයි මගේ මහගෙදර. ඔවුන් දුන්න ශක්තිය නිසා තමයි මම අද මේ තරම් දුරක් ඇවිත් ඉන්නේ.
🔴 ‘සුදු හාමිනේ’ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණාට ඇගැයීම් හරහා පසුබෑමක් වුණා නේද?
කාලයත් එක්ක ඒ සියල්ලටම පිළිතුරු ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මම සම්මාන බලාගෙන රඟපාන කෙනෙක් නෙවෙයි. මගේ දක්‍ෂතාවයන් බලලා තවත් නිර්මාණයකට සම්බන්ධකර ගන්නවා නම් එය තමයි මම ලබන වටිනාම ඇගැයීම. මම රඟපාන්නේ ආත්ම තෘප්තිය උදෙසායි.
🔴 අපිට නොකිවුවාට ඔය හිතේ හොඳම නිළියට වීමේ සිහින දකිනවනේ?
එය තමයි මගේ ලොකුම හීනය. එහෙම නැතත් හොඳම සහාය නිළිය අතරට හරි එන්න තමයි මගේ උත්සාහය. ඒ නිසා තමයි මම රංගනය කියන දේ හදාරමින් ප්‍රායෝගික රංගනයක නිරතවෙලා ඉන්නේ.
🔴 පසුගිය කාලේ ඔබටත් කොරෝනා හැදිලා කියලා ඇඬුවා කියලා ආරංචියි?
ඔව්… මමත් බයේ හිටියේ. මොකද මම ළඟින් ඇසුරු කළ මගේ සහෝදර ශිල්පීන් කිහිපදෙනකු නිරෝධායනය වුණු නිසා හිතට බයක් දැනුණා. මොකද මම නිසා තවත් අය අමාරුවේ වැටෙනවාට මම කැමැති නැහැ. අපි ආරක්‍ෂා වුණොත් තමයි අපේ අයත් රැකගන්න පුළුවන්.
🔴 ඔබ නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ ප්‍රධාන චරිතවලට ආරාධනා කළොත් විතරද?
අපෝ එහෙම අදහසක් නැහැ මගේ. මම සම්බන්ධ වුණු ගොඩාක් නිර්මාණවල මම නිරූපණය කළේ ප්‍රධාන චරිත තමයි. මගේ දක්‍ෂතාව පෙන්වන්න පුළුවන් කුමන හෝ චරිතයක් ලැබුණොත් මම රඟපානවා. නැතුව චරිතවල දිග, පළල මනින රංගන ශිල්පිනියක් නෙවෙයි මම.
🔴 ඔබ දැන් නයි නළඟනක් බවට පත්වෙලා නේද?
‘රකුන් ගිර’ ටෙලිනාට්‍ය හරහා තමයි මම නයි නළඟනක් බවට පත් වුණේ. එය ගැන නම් කතා කළ යුතුයි. මම සර්පයන්ට ගොඩාක් බයයි. නමුත් ‘රකුන් ගිර’ ටෙලිනාට්‍යයේ මට රඟපාන්න තිබුණේ නයි සමඟයි. ළඟදීම ස්වාධීන රූපවාහිනියේ ‘රකුන් ගිර’ නැරැඹීමට අවස්ථාව ලැබෙයි.
🔴 පසුගියදා පෙම්වතුන්ගේ දිනයදා විශේෂ වැඩකටයුත්තක් කළා නේද?
අපි තව කෙනෙක්ට ආදරය කරන්න කලින් ස්වභාවධර්මයට ආදරය කළ යුතුයි. අපි හුස්ම ගන්නේ මේ ස්වභාවධර්මය නිසයි. ඉතින් මම ඒ නිසාම පෙම්වතුන්ගේ දිනය දවසේ අඹ පැළ රෝපණය කළා. මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගෙනුත් මම ඉල්ලා සිටින්නේ තමන්ගේ ගෙවත්තේ අඩුම තරමේ ගස් පැළ තුනක්වත් රෝපනය කරලා ස්වභාවධර්මය ගැන මුලින් හිතන්න කියලා.
🔴 ‘අපේ අම්මා’ හරහා කුංචනාද ගොඩනැඟුණ විදිය ගැන කතා කළොත්?
චනික පෙරේරා අධ්‍යක්‍ෂණය කරන ‘අපේ අම්මා’ ටෙලිනාට්‍යයේ මම සුවිශේෂී චරිතයක් රඟපානවා. මේ දවස්වල ‘මගේ අම්මා’ ලෙසට රඟපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන තමයි. ඉතින් ඒ දැන හැඳුනුම්කම් මත ඇය නිෂ්පාදනය කරන ‘කුංචනාද’ ටෙලිනාට්‍යයේ රඟපෑමටද මට අවස්ථාවක් ලැබුණා.
වසන්ත විතාරණගේ