• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මංගලට කළ දේ බැසිල් විමල්ටත් කරයිද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

February 20, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
මංගලට කළ දේ බැසිල් විමල්ටත් කරයිද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

2005 ජනාධිපතිවරණයෙන් පසු මහින්ද ජනාධිපති පුටුවේ හිඳගත් විට ශ්‍රීලනිපය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළේ පමණක් නොව ලංකාවේ දේශපාලනය ගැන දන්න හැමෝගෙම මතය වී තිබුණේ මහින්දව ජනාධිපති කළේ මංගල සහ ශ්‍රීපති යැයි කියාය. රටේ අය විතරක් නොව මංගල සහ ශ්‍රීපතිත් සිතාගෙන සිටියේ මහින්දව ජනාධිපති පුටුවේ ඉන්දෙව්වේ තමන් යැයි කියාය. ඒ නිසා මංගලගේත්, ශ්‍රීපතිගේත් ඔළුවේ තිබුණේ තමන් කියන කියන දේ මහින්ද කරනු ඇති බවකි. මංගලගේ ඔළුවේ වැඩ කළේ මහින්ද දින්නායින් පසු අගමැතිවරයා ලෙස අගමැති පුටුවේ වාඩිවෙන්නටය.

නමුත්, මංගල සිතා සිටි කාරණය සිද්ධ වූයේ නැත. මහින්ද තමන්ගේ අගමැතිවරයා බවට පත්කර ගත්තේ පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨතමයකු මෙන්ම චන්ද්‍රිකාගේත් සමීපතමයකු වන රත්නසිරි වික්‍රමනායකවය. රත්නසිරි අගමැති ධුරයට පත්කිරීමත් සමඟ මංගලත්, ශ්‍රීපතිත් දැඩි කලකිරීමට පත්විය. ඒකෙ ප්‍රතිඵලය වුණේ මංගල ආණ්ඩුව ඇතුළේ සිටිමින්ම මහින්දව විවේචනය කිරීමය. ආණ්ඩුව ඇතුළේ පමණක් නොව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඇතුළේ පවා මහින්දව විවේචනය කරමින් මහින්ද විරෝධී කල්ලියක් ආණ්ඩුව ඇතුළේ නිර්මාණය කිරීමට මංගල පියවර ගත්තේය.

මංගල ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන මේ විදිහට මහින්දට ගහද්දී මහින්ද සිටියේත් කර කියාගන්න දෙයක් නැතිවය. මොකද ඒ වෙලාවේ මහින්දට පක්ෂය ඇතුළේ හරිහමන් බලයක් තිබුණේද නැත. ආණ්ඩුවේත් බහුතර බලයක් ඒ වෙද්දි තිබුණේ නැත. රටේ ආර්ථිකය කඩාවැටී දරුණු අඩියකට පත්ව තිබිණ. ඒ වන විට යුද්ධය පටන් අරගෙන තිබුණත් එයද තිබුණේ කවදා ඉවර වේදැයි කියාවත් හිතාගන්න බැරි තත්ත්වයකය. ආණ්ඩුව ඇතුළේ හිටියේත් චන්ද්‍රිකාට හිතවත් මැති ඇමැතිවරුන්ය. ඒ නිසා මහින්ද ජනාධිපති වුවත් ආණ්ඩුව ඇතුළේ මහින්ද හිටියේ පිටස්තරයකු ගාණටය. ආණ්ඩුව දිව්වේද ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ගෙන් නොව ජවිපෙ මන්ත්‍රිවරුන්ගේ හයියෙනි.

ආණ්ඩුව ඇතුළේ සහ පක්ෂය ඇතුළේ මහින්දට හයිය දෙන්න බැසිල් වැඩ පටන් ගත්තේ මේ කාලයේදීය. ඒ අනුව බැසිල් මුලින්ම යූ.ඇන්.පී.යෙන් කණ්ඩායමක් කඩාගෙන ආණ්ඩුව ඇතුළට ගෙන මොන ප්‍රශ්නය ආවත් ආණ්ඩුව වැටෙන්නේ නැති විදිහට බහුතරය හදා ගැනීමය.

මංගලලා මේක ඉවසුවේ නැත. මංගලලා හිතුවේ ආණ්ඩුව ඇතුළේ තියෙන තමන්ගේ හයිය නැති කරන්න බැසිල් මේ ගේම ගැහුවා යැයි කියාය. ඒ අනුව යූ.ඇන්.පී.ය දෙකට කඩා මන්ත්‍රිවරු ආණ්ඩුව ඇතුළට ගත්ත තරහට මංගලලා වෙනත් ක්‍රමවලින් ආණ්ඩුව ඇතුළේ සිට විරෝධය පළ කරන්නට පටන් ගත්හ. ඒ වන විට ආණ්ඩුවේ සාම ක්‍රියාවලිය ආරම්භ වී තිබුණු නමුත් මංගලලා සිටියේ ආණ්ඩුවේ සාම ප්‍රතිපත්තියට එරෙහිව ජාත්‍යන්තරය සමඟ වෙනම ගනුදෙනුවක නිරත වෙමිනි. මංගලලාගේ මේ ගේම් එක ගැන මහින්දට ඉව වැටී තිබුණත් ඒ වන විටත් ආණ්ඩුවේ ප්‍රබලයන් ලෙස මංගලලා සිටි බැවින් ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව මහින්ද සිටියේ දෙගිඩියාවෙනි.

මහින්ද දෙගිඩියාවෙන් සිටියත් එහිදී බැසිල් කෙළින් සිටියේය. බැසිල් දැඩිව මහින්දට කියා සිටියේ ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට නම් මංගලලාව නියත වශයෙන්ම ආණ්ඩුවෙන් පන්නා දැමිය යුතු යැයි කියාය. ඒ වෙලාවේ ආණ්ඩුව කොපමණ දුර්වල තැනක හිටියත් මහින්ද බැසිල් දුන් ඒ උපදෙස ක්‍රියාත්මක කළේය. මංගලලා, ශ්‍රීපතිලා ආණ්ඩුවෙන් එළියට දැමීමට පියවර ගත්තේය.

“ආණ්ඩුව ඉවරයි. 2004 සන්ධානය හදලා ශ්‍රී ලංකා එකට ආයිමත් ආණ්ඩුවක් අරන් දුන්නේ මංගලලා. දැන් ඉතින් මංගල එළියට ගියා කියන්නේ ආණ්ඩුව ඉවරෙටම ඉවරයි කියන එක.”

මංගලව එළියට දාද්දී ආණ්ඩුවේම ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් එදා තැන් තැන්වල කිය කියා ගියේ එහෙම කතාවකි.

“ඔන්න දැන් අපේ කාලය ආවා. මංගල කියන්නේ ආණ්ඩු වට්ටන්න වගේම ආණ්ඩු හදන්නත් දක්ෂයෙක්. දැන් මංගල මහින්දගේ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා මහින්දගේ ආණ්ඩුව වට්ටලා අපිට ආණ්ඩුව අරන් දේවි.”

එදා යූ.ඇන්.පී. නායකයන් මංගලලාගෙන් චූන් වෙලා හැම තැනම කිය කියා ගියේ එහෙම කතාය.

“ඒත් ඇත්තටම සිද්ධවුණේ මොකක්ද?”

ඇත්තටම වුණේ මංගල ආණ්ඩුවෙන් එළියට විසිවුණායින් පසු ආණ්ඩුව තවත් ශක්තිමත් වීමය. බැසිල් ජේ.වී.පී. එකත් දෙකඩ කරලා කොටසක් ආණ්ඩුව ඇතුළට ගෙන මහින්දට ශක්තිමත්ම ආණ්ඩුවක් හදා දීමට පියවර ගත්තේය.

“එදා ආණ්ඩුවේ වැඩකාරයෝ කියල කියපු මංගලලාට ගහපු ගේමම මේ සැරේ බැසිල් විමල්ලාට, උදයලාට එරෙහිවත් ගහයිද?”

අද හැමෝම කතා කරන්නේ ඒ ගැනය. මොකද එදා මහින්ද බලයට ගෙනාවේ තමන් යැයි මංගල, ශ්‍රීපතිලා සිතූ ආකාරයටම අද විමල්, උදයලාත් හිතන්නේ ගෝඨාභය බලයට ගෙනාවේ තමන් යැයි කියාය. ආණ්ඩුව හැදුවේ තමන් යැයි කියාය.

හැබැයි ඒ මොනවා හැදුවත් ආණ්ඩුවට විස්ස සම්මත කරගන්න තුනෙන් දෙකේ බලයක් තිබුණේ නැත. ආණ්ඩුවට ඒ තුනෙන් දෙකේ බලය හදලා දුන්නේ හකීම්ගෙන්, රිෂාඩ්ගෙන් සහ දෙමළ සන්ධානයෙන් මන්ත්‍රිවරුන් අරගෙන බැසිල්ය.
එදා යූ.ඇන්.පී.යෙන් මන්ත්‍රිවරුන් අරගෙන ආණ්ඩුව ශක්තිමත් කරන්න බැසිල් කටයුතු කරද්දී මංගලලා, ශ්‍රීපතිලා කුපිත වුණා වගේම අද මුස්ලිම්, දෙමළ මන්ත්‍රිවරුන් කඩලා අරගෙන ආණ්ඩුව ශක්තිමත් කරන්න බැසිල් කටයුතු කරද්දී විමල්ලා, උදයලා කුපිත වී සිටින ආකාරයක් දැකගන්නට ඇත.

“එදා මංගලලා, ශ්‍රීපතිලා ආණ්ඩුවෙන් පැන්නුවා වාගේ බැසිල් අද විමල්ලා, ගම්මන්පිලලාත් ආණ්ඩුවෙන් පන්නයිද?”
පේන්න තියෙන විදිහට නම් වැඩේ සිද්ධ වෙන්නේ ඒ ආකාරයටය.

එදා බැසිල් මංගලලා, ශ්‍රීපතිලා ආණ්ඩුවෙන් පැන්නුවේ ඊළඟ ජනාධිපතිවරණයට හරියටම අවුරුදු තුනක් තියාය. මොකද මංගලලා ඇතුළේ තියාගෙන ඊළඟ ජනාධිපතිවරණයට යන්න හැදුවා නම් ඇතුළේ සිද්ධ වෙන්න තිබුණු සන්තෑසිය බැසිල් කල් තියාම දුටුවේය. නියපොත්තෙන් කඩන්න තියෙන ගහ පොරොවෙන් කපන තෙක් නොසිට බැසිල් මංගලලාව එළියට දැම්මේ ඒ නිසාය. ඒකෙන් ආණ්ඩුව ශක්තිමත් විය. ජනාධිපතිවරණයත් දින්නේය.

අද බැසිල් විමල්ලා ගැනත් ගන්න යන මේ තීන්දුව හරි බව පේන්නේ තවත් අවුරුදු තුනකින් තැබීමට නියමිත ජනාධිපතිවරණය දෙස බලන විටය. මොකද ඒ ජනාධිපතිවරණය දිනන්න නම් ඇතුළේ තියෙන කුණු දැන් තියාම සුද්ධ කරගත යුතුය.

මංගලලා එදා දේශපාලන වශයෙන් මෝඩ වී ජනාධිපතිවරණයට අවුරුදු තුනක් තියා ඒ අයගේ පාට එළියට පෙන්නුවේය. අද විමල්ලාත් ජනාධිපතිවරණයට අවුරුදු තුනක් තියා තමන්ගේ පාට එළියට පෙන්නන්නට පටන්ගෙන තිබේ.

මේකේ අවසන් ප්‍රතිඵලය වෙන මොකක්වත් නොව එදා මංගලලා එළියට විසිවී මහින්ද යළිත් ජනාධිපතිවරණය දින්නා වගේ මෙදා විමල්ලාත් එළියට විසිවී ඊළඟ ජනාධිපතිවරණයෙන් රාජපක්ෂවරයෙක් ජනාධිපති පුටුවට පැමිණීමය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

සෙනසුරුගේ වාහනය වෙන්න කපුටාට බලය ලැබුණු හැටි

Next Post

මලේ ගඳට අලේ අගෙත් අඩුවෙන කැලේ ගස

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.