• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විවාහයේ නොදන්නා රහස…

April 25, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
විවාහයේ නොදන්නා රහස…
Share on WhatsAppShare on Facebook

විශ්වාසය, වාසනාව, හඳුනා ගැනීම හා යහපත යන වචනාර්ථය යෙදෙන විවාහය ඕනෑම ජන්මියකුගේ දෙවැනි උපත ලෙස සලකනු ලබයි. ඇතැමෙක් විවාහය නිසා දිනෙන් දින දියුණු වී සතුටෙන් ඉපිලෙන අතර, ඇතැමෙක් දිනෙන් දින දිළිඳු වී දුකෙන් දුකටම පත්වනු ඇත. ඇතැමෙකුට තම විවාහය, තම ජීවිතයට ලැබෙන ප්‍රබල රැකවරණයක් වන අතර, තවත් අයකුට විවාහය නිසා මරණය පවා සිදුවුණු අවස්ථා එමටය.

මෙලෙස කාසියක දෙපැත්තක් බඳු විවාහය ලොව උපදින සෑම ජන්මියකුම තමාට හිමි වාසනාව හෝ අවාසනාව උරගා බැලීමට පෙලඹෙයි. ජන්මීන් ගත්කල ඇතැමෙකුට ඉතා අඩු වයසින් තම විවාහය සිදුවන අතර, ඇතැමෙකුට බොහෝ කල් ගොස් විවාහය සිදුවනු ඇත. තවත් සමහරක් මුළු ජීවිතය පුරාවටම විවාහ නොවී තනිකඩව සිටිනු ඇත.

විවාහය ගත් කල එයද හත් ආකාර වෙයි. ඒ බ්‍රහ්ම විවාහය, දේව විවාහය, අසුර විවාහය, ගාන්ධර්ව විවාහය, ස්වයංවර විවාහය, රාක්‍ෂ විවාහය හා ප්‍රේත විවාහයයි. මෙයින් බ්‍රහ්ම විවාහය හා දේව විවාහය සුබ ගණයේ විවාහ වන අතර, අනෙක් විවාහ වර්ග 5ම අසුබ ගණයේ විවාහ වෙයි.

දෙපාර්ශ්වයේම මවුපිය කැමැත්ත ඇතිව පොරොන්දම් ගළපා, උත්සවත්ශ්‍රීයෙන් කරන බ්‍රහ්ම විවාහය හා දේව විවාහය වුවද අසාර්ථක වනු අප දැක ඇත. එය සාමාන්‍ය ජනයා එක් එක් පුද්ගලයා කළ පව් හෝ පින් ලෙස අර්ථ දැක්වුවද ජ්‍යොතිෂය ඇසින් එය මනාව පහදා ලියවිය හැකිය. විවාහය අසාර්ථක වන හේතු අතර, නාශාංශක දෝෂය, විෂ කන්‍යා යෝග පිහිටීම, අභිමුඛ කාලසර්ප යෝග හිමියෙක් වීම, කාම යෝග පිහිටීම, විවාහය අපායක් වන පිහිටීම් පිහිටීම, විවාහය පෙන්නුම් කරන 7 වැන්න පාප පීඩිත වීම හෝ 7 වැන්න පාප කර්තරී වීම ආදිය සුලභව දැක්විය හැකිය.

නාශාංශක දෝෂය ජන්ම පාත්‍රයක් තුළ ආකාර දෙකකට යෙදේ. ඒ පුරුෂ ලග්න වන මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ ලග්නවල 7 වැනි නවාංශකය නාශාංශක වන අතර, ස්ත්‍රී ලග්න වන වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර යන ලග්නවල 3 වැනි නවාංශකය නාශාංශක වෙයි.
නාශාංශක දෝෂය ස්ත්‍රී – පුරුෂ දෙපාර්ශ්වයටම යෙදෙන අතර, විෂ කන්‍යා යෝගය ස්ත්‍රීන්ට පමණක් යෙදේ. ස්ත්‍රීන්ගේ විවාහය අසාර්ථක කරන විෂ කන්‍යා යෝග කිහිපයක් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ඒ අතර රවි 5 වැන්නේ වී කුජ භංග නොවන නීචයක වීම මෙය ඉතා දරුණු විෂ කන්‍යා යෝගයකි. සුබ දෘෂ්ටි වැටුණද අසුබය නැතිවී නොයනු ඇත. 7 වැන්න, 8 වැන්න, 12 වැන්න යන රාශිවලින් එකක් මේෂ, වෘශ්චික වී කුජ එහි වේ නම් එයද විෂ කන්‍යා යෝගයකි. 8 අධිපතියා පාපයෙක් වී 9 වැන්නේ වේ නම් එය විෂ කන්‍යා පිහිටීමක් වන අතර, ලග්නාධිපති ග්‍රහයා හෝ චන්ද්‍රයා පාප ග්‍රහයන්ට මැදිවීමද විෂ කන්‍යා පිහිටීමද ඊට අමතරව ලග්නය මකර වී එහි රාහු හිඳ 9 වැන්නේ රවි, කුජ, ශනි පිහිටීම හා ලග්නය කුම්භ වී එහි කුජ හිඳ 6 වැන්නේ පාපීන් දෙදෙනෙක් පිහිටීමද විෂ කන්‍යා යෝගයකි.

මෙම විෂ කන්‍යා යෝග පිහිටා ඒවා භංග නොවී ජන්ම පත්‍ර තුළ ඇති ස්ත්‍රීන්ගේ විවාහය කඩාකප්පල් වී යනු දැකගත හැකිය. මෙවැනි දරුණු විෂ කන්‍යා යෝග භංග වන ක්‍රමද ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ඒ අතර, 7 වැන්නාධිපති 7 වැන්නේම සිටීම, ලග්නයේ සුබ ග්‍රහයකු සුබ ආකාරයෙන් සිටීම, සඳු සමඟ සුබ ග්‍රහයකු සිටීම, ලග්නය ස්ත්‍රී රාශියක් වී සඳු, ගුරු, ශුක්‍ර, බුධ ප්‍රබලව සිටීම ප්‍රමුඛ ස්ථානයක් ගනී.

විෂ කන්‍යා දෝෂය භංග වන පිහිටීම් ගණනාවකින් දෝෂය නොමැති කේන්දරයක් හිමි අයකු සමඟ විවාහ විය යුතුමය. නොඑසේ නම් ඔහුගේ හෝ ඇයගේ විවාහය ඉතා කටුක එකක් වනු ඇත.

මීට අමතරව 4 වැන්නේ පාප ග්‍රහයෙක් බහුල වීම මෙන්ම එම පාප ග්‍රහයන් සතුරු වීම, 4 වැන්නේ ග්‍රහයකු භංග නොවන නීචයක වීම, 4 අධිපති නීච වීම, 4 අධිපති සතුරු හෝ සතුරු මුළු වීම ආදී පිහිටීම් හිමි ජන්මියාගේ විවාහය මිහිපිට අපායක් වනු ඇතැයි ඍෂි මතය වෙයි.

ජන්ම පත්‍ර සැලකීමේදී විවාහය අසාර්ථක වන පිහිටීම් මෙන්ම විවාහය ප්‍රමාද කරන පිහිටීම් හා කිසිදින විවාහයක් සිදු නොවන පිහිටීම්ද දැකිය හැකිය.

විවාහය ප්‍රමාද කරන දහසකුත් පිහිටීම් අතර, ලග්නාධිපති හා 7 අධිපති සංයෝග වීම, 6, 7, 8 භාවයක 7 අධිපති සිටීම, ලග්නය හා සඳු ප්‍රබල ලෙස පාප පීඩිත වීම, සඳු, කුජ, සිකුරු 1 හෝ 7 සිටීම, කුජ, ශනි, රාහු 7හි යෝග වීම, ශනි කුජ යෝගය පිහිටීම, 7 වැනි භාවය දෙපස රවි හා ශනි පිහිටීම, රවි, ශනි හා 7 අධිපති කිසියම් භාවයක තැන්පත් වීම, සිකුරු ග්‍රහයා රවිට හා ශනිට මැදි වීම, පාපී ග්‍රහයකු භංග නොවන නීචයක 7 වැන්නේ තැන්පත් වීම හා සුබ දෘෂ්ටි නොලැබීම, සිකුරු පාපියකු සමඟ 7 වැන්නේ සිටීම, සඳු හා ශනි 7 වැන්නේ වීම, සිකුරු තැන්පත් රාශි අධිපති භංග නොවන නීචයක සිටීම, සිකුරු තැන්පත් රාශි අධිපති 6, 8, 12 හි සිටීම, ශනි, ගුරු, ශනි, චන්ද්‍ර, ශනි – ශුක්‍ර ආදී යෝග පැවැතීම. සිකුරු, සඳු භංග නොවන නීචයක සිටීම, 7 අධිපතියා හා නවාංශකයේ 9 අධිපතියා නීච වීම සුලබව දැකිය හැකි පිහිටීම් වෙයි.

සාමාන්‍ය කේන්දර පරීක්‍ෂාව තුළින් නිර්ණය කළ හැකි විවාහ දෝෂ, විවාහය ඇති නැති බව මෙන්ම එහි සාර්ථක අසාර්ථක බව හා විවාහ වන කාල වකවානු ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය තුළින්ද නිර්ණය කළ හැකිය.

සාමාන්‍ය ක්‍රමයට විවාහයක් පරීක්‍ෂා කිරීමේදී කාම ත්‍රිකෝණයට අයත් වන 3, 7, 11 වැන්න අධිපතීන් හා එම අධිපතීන්ගේ බල දුබලතාව සොයා බලයි. මෙයින් 11 වැන්නෙන් විවාහයට යොමු වීම, 3 වැන්නෙන් විවාහයට ලැබෙන ප්‍රතිපාදන හා 7වැන්න තුළින් විවාහයේ පැවැත්ම පෙන්නුම් කරයි. මීට අමතරව 8 වැන්නෙන් විවාහයෙන් ලැබෙන ධනයද, 2 වැන්නෙන් විවාහයෙන් පසු ජීවිතය මෙන්ම පවුලේ ආරක්‍ෂාව හා 12 වැන්නෙන් සායන සුවය සොයනු ලබයි. 4 වැන්නෙන් තලත්‍රයාගේ රැකියාව, 5 වැන්නෙන් කලත්‍රයාගෙන් ලැබෙන ආදරය, දරුවන් හා රැකවරණය ගැනද, 6 වැන්නෙන් විවාහයක් වීම හෝ නොවීම පරීක්‍ෂා කරයි. මීට අමතරව 7 වැන්නේ සිටින ග්‍රහයා, 7 වැන්න දකින ග්‍රහයා, 7 අධිපති සිටින ස්ථානය 7 අධිපති යෝග වී හෝ දෘෂ්ටි ලබන ග්‍රහයා විවාහයක් ගැන බැලීමේදී බැලිය යුතු කරුණු වෙයි.

ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය අනුව විවාහයක් ගැන බැලීමේදී 2 වැන්න, 5 වැන්න, 7 වැන්න හා 11 වැන්න යන භාව පරීක්‍ෂා කළයුතුය. මෙහිදී දෙවැන්නෙන් සහකාරිය හෝ සහකරු පවුලට එකතු වීම, 5 වැන්නෙන් විවාහය සිදුවන්නේ ප්‍රේමයක් පදනම් වීද නොඓසේ නම් යෝජනාවකින්ද යන්න, 7 වැන්නේ විවාහයේ නීත්‍යානුකූල පදනම හා බැඳීම මෙන්ම 11 වැන්නෙන් විවාහය සාර්ථකත්වය පෙන්නුම් කරයි. මීට අතිරේකව ආධාරක භාව ලෙස 3 වැන්න හා 2 වැන්න ගතහැකිය. 3 වැන්නෙන් විවාහයට අදාළ ප්‍රතිපාදන හා යෝජනා ගැනද, 2 වැන්නෙන් පවුලට එකතු වීමද පෙන්නුම් කරයි.

7 වැන්නේ උප අධිපති 7 වැන්න හෝ 5 වැන්න හෝ 11 වැන්න නිවේදනය කරයි නම් ඔහුට හෝ ඇයට අනිවාර්යයෙන් විවාහයක් සිදුවන බව ක්‍රිෂ්ණමූර්ති ඍසිතුමාගේ මතයයි. එමෙන්ම 7 වැන්නේ උප අධිපති රවි හෝ ගුරු වී 7, 5, 3, 11 නිවේදනය කරයි නම් ඔහු හෝ ඇය නීතියෙන් වෙන්වනු ඇත. 7 වැන්නේ උප අධිපති බුධ හෝ ගුරු වී උභය රාශියක සිටින විට ඒ සමඟ 7 වැන්නේ උප අධිපති 7, 11 හෝ 2, 11 නිවේදනය කළවිට විවාහ කිහිපයක් සිදුවනු ඇති බවද, 7 වැන්නේ උප අධිපති 6, 12 නිවේදනය කරයි නම් විවාහය සිදුවුවද ඔවුන් අතර අදහස් නොගැළපෙනු ඇත.

තවදුරටත් සැලකීමේදී 7 වැන්නේ උප අධිපති 7 හෝ 5 හෝ 11 නිවේදනය කරමින් 4, 6, 10, 12 නිවේදනය කරයි නම් විවාහයක් සිදුවුවද එය අසාර්ථක වනු ඇත. ඒත් මෙම පිහිටීම විවාහය ප්‍රමාද වන පිහිටීමක් වෙයි.

ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට අනුව විවාහයක් සිදු නොවීමට නම් 7 වැන්නේ උප අධිපති 7 හෝ 11 හෝ නිවේදනය නොකර 6 වැන්න, 4 වැන්න, 10, වැන්න, 12 වැන්න නිවේදනය කළ යුතුය.
විවාහය ප්‍රේම සම්බන්ධයකින් සිදු වන්නේ නම් 7 වැන්නේ උප අධිපති 7, 5, 11 හෝ 5 වැන්නේ උප 7, 5, 11 නිවේදනය කරනු ලබයි. විවාහය යෝජිත විවාහයකින් සිදුවන්නේ නම් 7 වැන්නේ උප 7 හෝ 5 හෝ 11 නියෝජනය සමඟ 3, 9 සම්බන්ධයෙන් තිබිය යුතුය. විවාහය සඳහා ගෙදරින් පැන යයි නම් 7 වැන්නේ උප අධිපති 7, 5, 11ට අමතරව 3, 9, 12ද නිවේදනය කරයි.

සාමාන්‍ය ආකාරයට මෙන්ම ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට ජන්ම පත්‍රයක් තුළින් විවාහය පිළිබඳ බොහෝ දේ පැවැසිය හැකිය. සාමාන්‍ය ක්‍රමයට වඩා ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය කේන්දර පරීක්‍ෂාවට වඩා උචිත වන්නේ උප අධිපතිටම සුද්ද කර බලන නිසාවෙනි. එහිදී සාමාන්‍ය පරීක්‍ෂාවේදී හසු නොවන සූක්‍ෂ්ම තැන් හසුවීමෙන් සාර්ථක පලාපල ප්‍රකාශ කළ හැකිය.

ඉහත සඳහන් කුමන ක්‍රමයකින් හෝ ඔබගේ කේන්දරයේ විවාහය දෝෂ තිබේද, විවාහය ප්‍රමාදද, නොඑසේ නම් ඔබට ඇත්තේ සුන්දර හෝ කටුක විවාහයක්ද යන්න සොයා දැනගන්න. තමන්ගේ ජන්ම පත්‍රයේ විවාහ දෝෂ වේ යැයි දුක් නොවී ඊට අදාළ වත්පිළිවෙත් කිරීම තුළින් යම් ප්‍රමාණයකට හෝ දෝෂ මඟහරවා ගතහැකි බව උතුම් ඍෂි මතය බවද සිත තබාගත යුතුය.
ජ්‍යොතිෂවේදිනි මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

හැටන් නැෂනල් බැංකුව IDH රෝහලට ගිනි නිවීමේ උපකරණ කට්ටල පරිත්‍යාග කරයි

Next Post

අයිඩියල් ෆස්ට් චොයිස් සේවාව දඹුල්ලට හා කැලණියට ව්‍යාප්ත කරයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.