ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් නවෝත්පාදන පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව කෝවිඞ් 19 වෛරසයට එරෙහිව සිදුකෙරෙන සටනට සිය දායකත්වය එක් කරමින් ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල) සඳහා ජලය මගින් සහ කාබන් ඩයොක්සයිඞ් මගින් ක්‍රියාත්මක වන ගිනි නිවීමේ උපකරණ කට්ටල තොගයක්
පසුගියදා පරිත්‍යාග කළේය.
මෙම අවස්ථාව සඳහා හැටන් නැෂනල් බැංකුවේ සභාපති දිනේශ් වීරක්කොඩි, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ශාන් රොඞ්රිගෝ සහ චිරන්ති කුරේ (Chief transformation officer) යන මහත්ම මහත්මීන් සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත දිසානායක ඇතුළු එම රෝහල් කාර්ය මණ්ඩලය එක් වූහ.
HNB විසින් පරිත්‍යාග කළ ගිනි නිවීමේ උපකරණ කට්ටලයන් 34ක් ජලයෙන් ක්‍රියාත්මක වන අතර සෙසු උපකරණ කාබන්ඩයොක්සයිඞ් වායුව අඩංගු ගිනි නිවීමේ උපකරණයන් වූ අතර පරිත්‍යාග කළ මුළු උපකරණ සංඛ්‍යාව 68ක් විය.











