ලොව ඕනෑම සන්නාමයක් යටතේ එන රථවාහන සඳහා අලෙවියෙන් පසු හොඳම සේවාවක් ලබා දීමේ අරමුණින්, අයිඩියල් සමූහ ව්‍යාපාරය අනුබද්ධ අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන ජාලය දැන් සිය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබේ.
අයිඩියල් ෆස්ට් චොයිස්හි අටවැනි සේවා මධ්‍යස්ථානය දඹුල්ල ප්‍රදේශයේත්, නව වැනි සේවා මධ්‍යස්ථානය කැලණිය ප්‍රදේශයේත් පසුගියදා විවෘත කෙරිණි. යතුරු පැදියේ පටන් ප්‍රයිම් මුවර් රථය දක්වා ලොකු කුඩා සෑම මහින්ද්‍රා වාහනයක්ම ශ්‍රී ලංකාව තුළ බෙදා හැරීම සඳහා බලයලත් එකම නියෝජිතයා වන අයිඩියල් සමූහ ව්‍යාපාරය විසින් අයිඩියල් සේවා මධ්‍යස්ථාන ආරම්භ කරන ලද අතර, වැලිපන්නේ පිහිටි ශ්‍රී ලංකාවේ පළමු සහ එකම මහින්ද්‍රා KUV100 වාහන එකලස් කිරීමේ නිෂ්පාදනාගාරයේ සම-හිමිකාරිත්වයද, අයිඩියල් සමූහ ව්‍යාපාරය සතු වෙයි.
අද වන විට, අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන දිවයිනේ ප්‍රදේශ ගණනාවක් කරා විහිදී තිබෙන අතර, පාරිභෝගිකයින් සඳහා විශිෂ්ට සේවාවක් ලබා දීම මගින් හොඳම වෙනසක් කරා යෑම එහි අපේක්ෂාවයි.











