• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

May 30, 2026
in Astrology
Reading Time: 4 mins read
A A
ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර 12කට පසු කටකයේ උච්ච වන මහා අනන්ත වූ විශ්වයේ, නිහඬව සැරිසරන මහා ග්‍රහ වස්තූන් අතරින් මිනිස් ජීවිත කෙරෙහි පියෙකු මෙන් අධ්‍යාත්මිකවත්, ගුරුවරයෙකු මෙන් ඥානාන්විතවත් බලපාන එකම ග්‍රහයා ඥානකාරක බ්‍රහස්පති හෙවත් ගුරු භගවාන්ය. වසරකට වරක් සිදුවන ගුරු මාරුව, අප සාමාන්‍යයෙන් මාස්පතා කතා කරන වෙනත් සුළු ග්‍රහමාරු මෙන් නොවේ. එය මුළු මහත් විශ්වයේම ශක්ති රටාව උඩුයටිකුරු කරන, මිනිස් ඉරණම් අලු‍තින්ම ලියා තබන මහා බලසම්පන්න සන්ධිස්ථානයකි.Sri Lanka Latest News

මෙවර 2026 ජූනි මස 2 වැනිදා සිදුවන ගුරු මාරුව සැබවින්ම සුවිශේෂ වන්නේ, ගුරු ග්‍රහයා තමන්ට අතිශය සුබදායක, තමන්ගේ උපරිම බලය පෙන්විය හැකි කටක රාශියට පැමිණීම නිසාවෙනි. ජ්‍යෝතිෂයේදී ගුරු ග්‍රහයෙකු කටක රාශිගත වීම හඳුන්වන්නේ ‘උච්ච වීම‘ යනුවෙනි. බ්‍රහස්පති ග්‍රහයා රාශි චක්‍රය වටා එක වටයක් කැරකී නැවත තමන් උච්ච වන කටක රාශියට පැමිණීමට හරියටම වසර 12ක කාලයක් ගතවේ. එබැවින්, මේ උදාවන්නේ වසර 12කට වරක් පමණක් උදාවන, කටකයේ ගුරු උච්ච වී සිදුවන මහා පෙරළියයි.

මේෂ ලග්නය: දේපළ මිල මුදල් රජවෙයි
මේෂ ලග්නයෙන් උපන් ඔබට කටකයේ ගුරු උච්ච වීම මහා භාග්‍යයක් රැගෙන එන්නකි. ඔබ කලක් තිස්සේ විදේශගත වීමට, පිටරටක රැකියාවකට හෝ පදිංචියකට යාමට සිහින මැව්වා නම්, ජූනි 2න් පසු ඒ සියලු‍ බාධක ඉවත් වී විදේශ ගමන් ස්ථිර වශයෙන්ම සාර්ථක වේ. අධ්‍යාපන කටයුතුවල නිරත දරුවන්ට සහ තරුණ තරුණියන්ට තමන් මෙතැනින් නතර කරනවා යැයි සිතූ තැනින් ද එහාට ගොස්, නොසිතූ ඉහළම ජයග්‍රහණ සහ ඉහළ ලකුණු ලබාගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසේ. දේපළ, නිවාස හෝ ඉඩකඩම් විකිණීමට බලාපොරොත්තුවෙන් සිටි අයට තමන් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි මුදලකට ඒවා විකුණා අතිරික්ත මහා ලාභ ලැබිය හැකිය. මව් පාර්ශ්වයට ඉතා සුබ කාලයක් වන අතර, පපුව ආශ්‍රිත රෝගාබාධවලින් පීඩා විඳි අයට රෝගී තත්ත්වයන් අවම වී මහා සැහැල්ලු‍වක් දැනෙනු ඇත.

වෘෂභ ලග්නය: අධ්‍යාත්මික සුවය ළඟා වෙයි
වෘෂභ ලග්න හිමියන් කෙතරම් ලෞකික සැප සම්පත්, රසවත් කෑම බීම, ලස්සන ඇඳුම් පැලඳුම් සහ සුඛෝපභෝගී වාහන පසුපස හඹාගිය අය වුවද, මේ ගුරු මාරුව ඔවුන්ගේ සිත් උඩුයටිකුරු කරයි. බ්‍රහස්පතිගේ ස්වභාවය සර්වපිත්තල ලෞකික සැපය නොව, ජීවිතය දෙස නුවණින් දැකීමයි. ඒ අනුව, වෘෂභ ලග්න හිමියන්ව අධ්‍යාත්මික සුවය විඳින්නට හිත පොලඹවන කාලයක් උදාවේ. මෙතෙක් කල් දැඩිව අල්ලාගෙන සිටි අනවශ්‍ය බලාපොරොත්තු, වෛරයන් සහ ක්‍රෝධයන් අතහැර දමා මනස උසස් තත්ත්වයකට පත් කරගන්නට ඔබට හැකිවේ. පොතපත ඇසුරෙන් ඥානය වර්ධනය කරගන්නටත්, දැනුමෙන් පෝෂණය වන්නටත් හොඳම කාලයකි. ලේඛන කලාව, පොත්පත් ලියන අය, පර්යේෂණ කෘති සකසන අයට තමන් කරන දෙයින් උපරිම ඵල නෙළාගත හැකි ජයග්‍රාහී වසරකි.

මිථුන ලග්නය: කෝටිපති ධන යෝගයක්
මිථුන ලග්නයෙන් උපන් ඔබට ජූනි 2න් පසු උදාවන්නේ ඔබේ ආදායම් මාර්ග සරු වී, තැන්පත් ධනය උපරිමයෙන් වර්ධනය කරගත හැකි රන්වන් කාලයකි. පවුල තුළ, අඹුදරුවන් සමඟ කලක් තිස්සේ පැවති ප්‍රශ්න, සැක සංකා, එකිනෙකාට කරගත් චෝදනා සහ අගෞරවයන් සියල්ල අවසන් වේ. සමාජයේදී ඔබ පවසන වචනයට, ඔබේ මතයට නිවැරදි තැන ලැබෙන අතර අන් අය එය පිළිගනු ඇත. වටපිටාවේ අය සමඟ තිබූ සියලු‍ අමනාපකම් දූරීභූත වන කාලයකි. ව්‍යාපාර කටයුතුවල නිරත අයට තම ව්‍යාපාරය පෙර නොදැමූ විරූ දියුණුවක් කරා රැගෙන යාමට හැකිවන අතර, මානසික පීඩා සියල්ල ඉවත් වී ලෝකෝත්තර සුවය දෙසට සිත ඇදී යනු ඇත.

කටක ලග්නය: ගෙදරටම එන මහා ධන උල්පතක්
වසර 12කට පසු බ්‍රහස්පති ග්‍රහයා පැමිණ උච්ච වන්නේ ඔබේම ලග්නයටයි. එබැවින් කටක ලග්න හිමියන්ගේ ජීවිතවල ජූනි 2න් පසු සිදුවන්නේ පෙරළිකාර මහා වෙනසකි. ඔබේ සිත නිරායාසයෙන්ම පින් දහම් කිරීමටම යොමුවන අතර, ජීවත් වන රටාවේ ඇති නිස්සාරත්වය ඔබ නුවණින් දකිනු ඇත. ජූනි 2න් පසු ඔබ සාමාන්‍යයෙන් හිටපු පුද්ගලයා නොවේ; ඔබට උපරිමයෙන් කුඩුකේඩුකම් කළ සතුරාට පවා ආදරය කළ හැකි, මෛත්‍රී කළ හැකි පුදුමාකාර උසස් මනසක් ඔබට හිමිවේ. බ්‍රහස්පති ලෝකෝත්තර පැත්තට සිත ඇද දැමුවද, ඔබට සල්ලි නොදී ඉන්නේ නැත. ඔබේ ආදායම් තත්ත්වය තිබුණාටත් වඩා බෙහෙවින් ඉහළ යයි. විදේශීය සම්බන්ධතා සහ ව්‍යාපාරවලින් උපරිම පල ලැබෙන අතර, උසස්වීම්, තාන්න මාන්න සහ සමාජයේ කැපී පෙනීම නිකන්ම ඔබ ළඟට කැරකිලා එන කාලයකි.

සිංහ ලග්නය: කුමන්ත්‍රණ පරදා සිංහයා නැගිටියි
සිංහ ලග්න හිමියන්ට මේ ගුරු මාරුවත් සමඟ බාහිරින් බොරු චෝදනා එල්ල වීමේ යම් ප්‍රවණතාවයක් පවතී. එබැවින් ඉතා කල්පනාවෙන් කටයුතු කළ යුතු අතර, ඔබේ වැඩකටයුතුවල අඩුපාඩු සෙවීමට හෝ ඇඟිල්ල දික් කිරීමට අන් අයට ඉඩ නොතැබිය යුතුය. සතුරු පීඩා සහ රහස් කුමන්ත්‍රණ යම් වෙලාවන්හිදී බලපෑ හැකිය. කෙසේ වුවත්, සිංහ ලග්න හිමියන්ට මේ කාලයේදී වඩාත්ම සාර්ථක වන්නේ විදේශීය රටවල් හා සම්බන්ධ කටයුතුය. පිටරටක රැකියාවකට, ව්‍යාපාරයකට හෝ අධ්‍යාපනයකට සැලසුම් කරන්නේ නම් එය උපරිමයෙන් සාර්ථක වේ. නඩුහබ හෝ අනවශ්‍ය වියදම් නිසා ධන හානි සිදුවීමට ඉඩ ඇති බැවින් තමන් සතු දේ පරිස්සම් කර ගැනීමට වගබලා ගත යුතුය. ගුප්ත විද්‍යාවන් හෝ රහස් විෂයන් හැදෑරීමට කැමැත්තක් දක්වන අයට මේ කාලය ඉතා යහපත්ය.

කන්‍යා ලග්නය: ඇල්මැරුණු ජීවිතයට රජ අභිෂේකයක්
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ ගුරු මාරුව සැබවින්ම සෞභාග්‍යයේ දොරටු විවර කරන්නකි. ඔබේ මාසික ආදායම හෝ ව්‍යාපාරික ආදායම් මාර්ග ඉතා පැහැදිලිව වර්ධනය වේ. අලු‍ත් රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයට උසස් රැකියා ලාභ හිමිවන අතර, දැනට රැකියාවේ නිරත අයට නොසිතූ අයුරින් උසස්වීම් ලැබීමේ භාග්‍යය පවතී. මිතුරන්ගේ, සහෝදරයන්ගේ උදව් උපකාර අඩුපාඩුවක් නැතිව ඔබට ලැබෙනු ඇත. කලක් තිස්සේ ඔබට වද දුන් සෞඛ්‍ය ගැටලු‍වලට හොඳම ප්‍රතිකාර ලැබී, ශරීරය සුවපත් භාවයට පත්වේ. ජීවිතයේ පැවති ඇල්මැරුණු, උදාසීන ස්වභාවය සහ බලාපොරොත්තු විරහිත ගතිය සහමුලින්ම නැතිවී ගොස්, ධනාත්මක බලාපොරොත්තු සහ මහා සෞභාග්‍යයක් ජීවිතයට උදාවේ.

තුලා ලග්නය: නොසිතූ ඉහළම තනතුරු
තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රැකියා ස්ථානයට (දහ වැන්නට) පැමිණෙන බ්‍රහස්පති, එතැන අතිශය විරාජමාන ලෙස බලවත් වී තැන්පත් වේ. එබැවින් මේ ජූනි 2 ගුරු මාරුවෙන් පසු ඔබට රැකියාවෙන් උසස් තනතුරක් ලැබීම අනිවාර්යය වේ. රාජ්‍ය සේවයේ නිරත අයට උසස්වීම් ද, ව්‍යාපාර කරන අයට හීනෙකින්වත් නොසිතූ අයුරින් ව්‍යාපාරය දියුණු කරගැනීමට මඟ පෑදේ. ඔබ දැනට සිටින තත්ත්වයට වඩා ඉතා ඉහළ, ගෞරවනීය තලයකට ඔසවා තැබීමට බ්‍රහස්පති සැදී පැහැදී සිටී. අධ්‍යාපන කටයුතුවල නිරත අයට තම විෂය පථයන්ගෙන් ඉහළම තලයට යා හැකිය. මිල මුදල් ලැබීමට මෙන්ම, කොතරම් ප්‍රශ්න ආවත් හිතේ සැහැල්ලු‍වෙන් ඒවාට උත්තර සොයා ගනිමින් යන මහා බලගතු ගමනක ආරම්භය ජූනි 2න් පසු සනිටුහන් වේ.

වෘශ්චික ලග්නය: පෙර පින් ඉස්මතු වන කාලයක්
වෘශ්චික ලග්න හිමියන්ට මේ ගුරු මාරුව අතිශය සුබදායක වන අතර, ඔබේ පෙර පින් ඉස්මතු වන කාලයකි. වසරක් පුරා පවතින මේ ගුරු බලය නිසා ඔබට නිතර නිතර දෘඪ වන්දනා ගමන්, ආගමික සුවය පතා යන ගමන් මෙන්ම විදේශීය සංචාරයන් ද බහුලව උදාවේ. විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයට හෝ උසස් අධ්‍යාපනය සඳහා පිටරට යාමට වෙහෙසුණු අයට ඒ සියල්ල ඉතාමත් නිවැරදිව හා සාර්ථකව ඉටු කරගත හැකිය. රැකියා, අධ්‍යාපන සහ සමාජයීය වශයෙන් යන යන තැන ඔබට ඉහළම පිළිගැනීමක් ලැබේ. කුසල් වර්ධනය කරගන්නට සිත පොලඹවන අතර, පැවති රෝග පීඩාවන් සුවපත් වී සිතට මහා සහනයක් දැනෙනු ඇත.

ධනු ලග්නය: විසකාරක මිනිසුන්ගෙන් ප්‍රවේශම් වන්න
ධනු ලග්නයෙන් උපන් ඔබ මෙවර ගුරු මාරුවේදී තරමක් ප්‍රවේශම් සහගත විය යුතු ලග්න හිමියන්ගේ ලැයිස්තුවට ඇතුළත් වේ. සමාජයෙන් අනවශ්‍ය අපකීර්ති හෝ චෝදනා එල්ල වීමට ඉඩ ඇති බැවින්, තමන් කරන කියන දේ ගැන මෙන්ම ඇසුරු කරන අය ගැනත් විමසිලිමත් විය යුතුය. හදිසියේ අතට විශාල මුදල් එන වැඩකටයුතු හෝ මහා පරිමාණ විශේෂිත වැඩ මේ කාල සීමාව තුළ තරමක් පස්සට දැමීම සුබදායක වේ. ඔබේ ජීවිතයට හානි කරන, නොගැළපෙන ‘විසකාරක‘ පුද්ගලයන් මේ කාලයේදී ඔබට සමීප වීමට උත්සාහ කරන බැවින් ඔවුන් දුරස් කර තැබීමට වගබලා ගත යුතුය. ප්‍රශ්න නිසා මානසික ආතතීන් ඇති වීමට ඉඩ ඇතත්, නිරන්තරයෙන් ධනාත්මකව සිතීමෙන් මේ සියලු‍ බාධක ජයගත හැකිය.

මකර ලග්නය: මංගල සීනු හැඬවෙන මහා වාසනාව
මකර ලග්න හිමියන්ට ජූනි 2 ගුරු මාරුව ඉතාමත් සුබදායක එකකි. පවුල් ජීවිතයේ හෝ විවාහයේ කලක් තිස්සේ පැවති ගැටලු‍, විරසකවීම්, සැක සංකා සියල්ල සහමුලින්ම විසඳී යන කාලයකි. විවාහ වීමේ බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට තමන්ට සෑම අතින්ම ගැළපෙන සහකරු හෝ සහකාරිය මුණගැසී විවාහ මංගල්‍යයන් ස්ථිර වේ. හවුල් ව්‍යාපාර කරන අයට හෝ හවුලේ කරන්නා වූ කටයුතුවලින් උපරිම ඵල ප්‍රයෝජන ලැබෙන අතර, අලු‍ත් ව්‍යාපාර ආරම්භ කිරීමට ද බය නැතිව මුදල් ආයෝජනය කළ හැකිය. ඉදිරි වසරක කාලය පුරා පවතින මේ සුබ ග්‍රහචාරය නිසා, වටපිටාවෙන් තිබූ නඩුහබ හෝ වෙනත් බාධාවන් පවා සංසිඳී යනු ඇත.

කුම්භ ලග්නය: උගත් දැනුමෙන් ඵල නෙළන කාලයක්
කුම්භ ලග්න හිමියන්ට මේ කාලයේදී විවිධ ඇබ්බැහිවීම්වලට සිත යොමුවීමේ යම් ප්‍රවණතාවයක් පවතී. විශේෂයෙන්ම මේ ලග්නයෙන් උපන් නවයොවුන් වියේ පසුවන, පාසල් යන වයසේ දරුවන් සිටී නම් දෙමාපියන් ඔවුන් කෙරෙහි දැඩි අවධානයෙන් හා ඇහැ ගසාගෙන සිටීම අත්‍යවශ්‍ය වේ. සතුරු පීඩා හෝ රහස් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වීමට ඉඩ ඇතත්, ඒවාට යටත් නොවී, අභියෝගයන් නොසලකා හරිමින් ඔබේ ගමන ඔබ යා යුතුය. උදරය සම්බන්ධ රෝගාබාධවලදී අත්බෙහෙත් නොකර වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. වටේ සිටින අය ඔබෙන් උදව්, උපකාර සහ මුදල් ලබාගෙන ඔබව ප්‍රයෝජනයට ගන්නා බවක් හැඟී යන නමුත්, ඔබට උගත් දෙයින් නියම ඵල නෙළාගන්නට අවස්ථාව ලැබෙනු ඇත.

මීන ලග්නය: හදිසි මහා ධන ලාභ සහ ලොතරැයි වාසනා
මීන ලග්නයෙන් උපන් ඔබට මේ ගුරු මාරුව අතිශය වාසනාවන්ත සුබ ඵල රැසක් උදාකර දෙන්නකි. ප්‍රේම සබඳතාවලට ඉතා යහපත් කාලයක් වන අතර, කලක් ඈත් වී දුරස් වී සිටි නෑ හිතමිතුරන් සහ සහෝදරයන් යළිත් ඔබ හා සමීප වී බැඳීම් ශක්තිමත් වේ. දරු බලාපොරොත්තු ඇති අඹුසැමියන්ට අතිශය බුද්ධිමත්, වාසනාවන්ත දරු පිළිසිඳ ගැනීම් සිදුවන මහා භාග්‍යවන්ත ග්‍රහමාරුවකි. බලාපොරොත්තු නොවූ අයුරින් හදිසි ධන ලාභ, ලොතරැයි වාසනාවන් හෝ හදිසි වාසනා සහගත තත්ත්වයන් ක්‍රියාත්මක වේ. රැකියා ගැටලු‍ සියල්ල විසf​ඳන අතර, අධ්‍යාපනයට ඉතාමත් සුබ කාලයකි. ලෙඩ රෝග සුවපත් වන අතර පවුල් ජීවිතය සමගි සමාදානයෙන් පිරී ඉතිරී යනු ඇත.

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

හැමදේටම වාසානාවක් තියෙන්න ඕනේ…! ඒ වාසනාව මට නැතුව ඇති…! ඒක රස මැවෙන පින් අතේ ලොකු වැඩක්…! හැමෝම ආදරය කළේ ඒ ගැමි පෙනුමට…! නයෝමි තක්ෂිලා I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාවට වාසි වෙන විදිහට නෙමෙයි.. හිතවත් ව්‍යාපාරිකයෝ කීපදෙනෙක්ට වාසි වෙන විදිහටයි…! I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.