• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලෝකයේ බලවත්ම කේන්දරය

May 9, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ලෝකයේ බලවත්ම කේන්දරය
Share on WhatsAppShare on Facebook

මේ ලොවට විමුක්තිය උදා කළා වූ ඒ මහා විමුක්තිදායකයාණන් වූ මහා කාරුණික, ගෞතම බුදුරජාණන් වහන්සේගේ අති ශ්‍රේෂ්ඨ උත්පත්තිය මීට වසර 2563කට පෙර සිදු වූ අතර මේ උදාව ඇත්තේ ඒ පින්බර වෙසක් සමයයි. අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන්පෑම සිදු වූ ඒ මහා තෙමඟුල උදාවිය. එය ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවද සමරනුයේ ඉතාමත් බැති සිතිනි. ලෝකවාසී සියලු ජනතාවට මනුෂ්‍ය ජීවිතයේ දුකින් එතර වීමේ නියම හා සත්‍ය හා නිවැරැදි දහම අපට කියා දුන්නේ අප මහා බුදුරජාණන් වහන්සේය. එසේනම් උන්වහන්සේගේ උපත සිදු වූ ඒ පින්වත් මොහොතේ දඔදිව් තලේ නැඟෙනහිර ක්ෂතිජයේ පායා තිබූ ග්‍රහතාරකා අනුසාරයෙන් සිදුහත් කුමාරයාගේ ජන්ම පත්‍රය පිළිබඳ ජ්‍යොතිෂානුකූලව යම් විමර්ශනයක් කිරීමට මේ හොඳම කාලයයි. මේ ලිපිය එම සිදුහත් කුමාරයාගේ ජන්ම පත්‍රය පිළිබඳ කෙරෙන ජ්‍යොතිෂ විමසුමකි.

සිදුහත් කුමාරයාගේ උත්පත්ති ජන්ම පත්‍රය-
දශා ශේෂය –
උපතේදී ගුරු දශාව වර්ෂ 16 යි
උපන් නැකැත –
විසා නැකැත
කටක ලග්නයෙන් විසා නැකැතින් උපන් සිදුහත් කුමාරයාගේ ජන්ම පත්‍රය තුළ නවග්‍රහයින් අතරින් රවි, කුජ, ගුරු, සිකුරු යන ප්‍රධාන ග්‍රහයින් උච්ච බල සහිතව තැන්පත් අතර ශනි, රාහු හා කේතු යන ග්‍රහයින් පිළිවෙළින් මූල ත්‍රිකෝණ හා ස්වක්ෂේත්‍ර බල සහිතව තැන්පත්ව සිටී. මෙම ජන්ම පත්‍රය එතෙක් මෙතෙක් මේ ලොව තුළ බිහිවූ අග්‍රගණ්‍ය වූ අසීමිත බලවත් වූ ජන්ම පත්‍රයයි. ගුරු මහ දශාවෙන් උපන් මෙතුමාට උපතේ සිට අවුරුදු 16ක් පමණ ගුරු හෙවත් බ්‍රහස්පති මහ දශාව පැවති අතර මේ කාලසීමාව තුළ එතුමාගේ විවාහයද සිදුවිය. ශනිගේ කුජ අන්තරය තුළ එතුමන්ට දරු සම්පත්ද හිමි විය- ඉන් අනතුරුව වයස 16 සිට සෙනසුරු හෙවත් ශනි මහ දශාව වර්ෂ 19 පුරාවට පැවති අතර මෙම දශාව තුළ යෙදුණු සෙනසුරුගේ රාහු අන්තරය තුළ එතුමාට අතිශය වූ දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් දුෂ්කර ක්‍රියා සිදු කිරීමට සිදුවුණි. එයින් පසු වයස 35 පමණ වන විට 17ත් වසරක් වූ බුධ මහ දශාව යෙදුණු කාල සීමාව තුළ සියලු කෙළෙසුන් නසා බුද්ධත්වයට පත් වීමට එතුමන්ට හැකියාව ලැබුණි.

මෙම ජන්ම පත්‍රය තුළ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ලග්නයේම උච්ච වීමෙන් කෝටියක් දෝෂ භංග කරමින් ගුරු හංස නම් අති ප්‍රබල හා සුබ යෝග බලයද, අඟහරු හෙවත් කුජ ලග්නයෙන් 7 වැන්නේ පිහිටීමෙන් රුචක යෝග බලයද, සිකුරුගෙන් මාලවී යෝග බලයද, රවි හා බුධ 10 වැන්නේ පිහිටීමෙන් රවි බුධ ආදිත්‍ය යෝගය හෙවත් උපේන්ද්‍ර යෝගයද, ලග්නාධිපති සඳුගෙන් 10 වැන්නේ ගුරුගෙන් ගජකේෂරී යෝග බලයද, 8 වැන්නාධිපති සෙනසුරු හෙවත් ශනි 8 වැන්නේ පිහිටීමෙන් විපරිත රාජයෝග බලයද මනාවට පිහිටා ඇත. මේ ආකාරයට පංච මහ පුරුෂ යෝග ඇතුළු ඉතා බලවත් යෝග රාශියක් යම් පුද්ගයකුගේ කේන්ද්‍රයේ පිහිටන්නේද ඔහු හෝ ඇය සමාජයේ බලවතෙකු වන්නේය. පිරිස් බලයෙන් යුතු කෙනෙකු වන්නේය. සාමාන්‍ය පුද්ගල ජන්මපතක් තුළ පංච මහ පුරුෂ යෝගවලින් එකක්වත් පිහිටනුයේ ඉතාම කලාතුරකිනි. ඒ අනුව බුදු, පසේබුදු, මහ රහත් යන බලය ලැබීමට නම් අසීමිත වූ භාගයක් තිබිය යුතුමය. මෙයින් අප මහා බෝසතාණන් වහන්සේගේ ජන්ම බලය මැනවින් පිළිබිඹු වන්නේය. එතුමන්ගේ ජන්ම පතේ 7 වැන්නේ පිහිටි අඟහරුගේ බලය විශේෂයෙන් උන්වහන්සේට සමාජයේ බොහෝ අය වසඟ වීමටත් එපමණක් නොව ආලවක, නාලාගිරි, අංගුලිමාල වැනි දරුණු ඉතා තද සිත් ඇති අය දමනය කර, පාලනය කිරීමටත් මැනවින් තමනට අවනත කර ගැනීමටත් බෙහෙවින් උපකාරී විය.

මෙතුමාගේ ජන්ම පත තුළ සඳුගෙන් 12 වැන්නේ රාහු බලවත් වීමත් 9 වැන්නේ සිකුරු බලවත් වීමත් හේතුවෙන් එතුමාට දඹදිව පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වල දෙව් බඹුන් උදෙසා ශ්‍රී සත් ධර්මය දේශනා කිරීමට හැකියාව ලැබිණි. ගුරුගේ හා බුධගේ බලය හේතුවෙන් එතුමාට මනා වූ දේශන හැකියාවක් උරුම වූ අතර ඒ තුළින් කිසිවෙකු නොලබපු බුද්ධියක් එමෙන්ම මහා කරුණාවක් කීර්තියක් මෙන්ම සමාජ බලයක් හා අති ශ්‍රේෂ්ඨ වූ නායකත්වයක් ලබාදෙමින් මුළු මහත් සමාජයේම ගෞරවාදරයටත් පිළිගැනීමටත් ලක්වීමට භාග්‍යයක් උන් වහන්සේට උදා වූයේය. රවිගේ හා සඳුගේ බලය තුළ උන්වහන්සේ උසස් සිතුවිලිවලින් පිරිපුන් උත්තමයකු වූයේය.

මෙම ජන්ම පත්‍රය තුළ ලග්නාධිපති සඳු ග්‍රහයා සම රාශිගතව ලග්නයෙන් 4 වැන්නේ හෙවත් සිකුරුට අයත් තුලා රාශියේ තැන්පත් අතර තුලාව වනාහි ජල හා චර රාශියකි. ඒ අනුව සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය සිදුවූයේ මහමායා දේවිය තම මවගේ නිවෙසට යන අතර මගදී තිබූ සල් උයනක් තුළය- කෙනෙකුගේ උත්පත්තිය චන්ද්‍රයා ජල හා චර රාශියක් තුළ පිහිටීම තුළ සිදුවුව හොත් එය අප ජ්‍යොතිෂයේදී එම පුද්ගලයාගේ උපත ගමනක් යන අතර මගදී සිදුවන බව සඳහන්ය. ඊට අමතරව ජලයද යම් ආකාරයකට සම්බන්ධ වීමක්ද මේ සඳහා සිදුවිය යුතුය. එම කාරණය මැනවින් සනාථ කරමින් සිදුහත් කුමරා උත්පත්තිය මහමායා දේවිය තම මවගේ නිවෙසට යන අතරමගදී තිබූ සල් උයනක් තුළ සිදු වූ අතර ඒ අවස්ථාවේ මල් වැස්සක්ද පතිත වූ බව සඳහන්ය. 4 අධිපති සිකුරු 4න් 6 වැන්න වූ ගුරුට අයත් මීන රාශිය තුළ කේතු සමග පතිත වීමත්, 7 හා 8 අධිපති සෙනසුරුත් 8 වැන්න තුළ යෙදීමත් තුළින් සිදුහත් කුමරුගේ ගිහිගෙය හැරයාම හෙවත් තම බිරිය මෙන්ම සියලු නෑදෑ හිතවතුන් හැරයෑම මැනවින් පෙන්නුම් කරයි. පුද්ගලයකුගේ විවාහය පිළිබඳව පෙන්නුම් කරන්නේ ජන්ම පතේ 7 වැන්නෙනි. ඒ අනුව සිදුහත් කුමාරයාගේ විවාහයේ පැවැත්මට බාධාවක් වූයේ 7 වැන්න තුළ වූ කුජගේ ක්‍රියාකාරිත්වයයි. ඒ අනුව 7 වැන්නේ යෙදුණු භෞම දෝෂ බලය එතුමන්ගේ විවාහ ජීවිතයේ පැවැත්මට අතිශය බාධාවක් වූයේය.

සිදුහත් කුමාරයාගේ උපතින් දින 7ක් තුළ කුමරුගේ මව වූ මහමායා දේවියගේ මරණය සිදු වූ අතර කුමරු හැදී වැඩුණේ ඔහුගේ සුළු මවගේ රැකවරණය තුළය. එයට හේතුවී ඇත්තේ ජන්ම පත තුළ 8 අධිපති ශනි 8 වැන්න තුළ පතිත වීමත්ය.
මේ ලෝකවාසී දුකින් පෙළෙන සත්වයාට අපමණ සේවයක් කළ ගෞතම බුදු රජාණන් වහන්සේ උන් වහන්සේට උත්පත්ති ග්‍රහ චාරය අනුව එළැඹි සිකුරු මහ දශාව තුළ ගුරුට අයත් විසා නැකැත යෙදුණු වෙසක් පෙහොය දිනක පිරිනිවන් පෑ සේක-
සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

බුදු දහමයි ජ්‍යෝතිෂයයි

Next Post

කුවේණියගෙ මාලිගාගල

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.