• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කුවේණියගෙ මාලිගාගල

May 9, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කුවේණියගෙ මාලිගාගල
Share on WhatsAppShare on Facebook

විජය කුමාරයා ලංකාවට ගොඩබහිද්දී කුවේණි කපු කටිමින් සිටියාය කියන කතාවක් ඊට සම්බන්ධ වූ බොහෝ ජනප්‍රවාදයනුත් නිතර අසන්නට ලැබෙයි. එහෙත් කුවේණි සිටියේ කොහේද, ඇගේ මාලිගය පිහිටා තිබුණේ කොහේද යන්න ගැටලුසහගතය.

ඒ පිළිබඳ ඇති ජනප්‍රවාදයන් රැසක් ඔස්සේ කරුණු සොයා බැලූ අප අවසානයේ ඇගේ මාලිගාව පිහිටා තිබූ ඉසව්ව සොයා යන්නට තීරණය කළෙමු. ඒ මීට කලකට ඉහතදීය.

අභිමානවත් ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ ඉහළින්ම නම් කියැවෙන රාජධානි අතර ඇති වයඹ පුරවරයට අප පිවිසියේ ඒ රහස සොයා ගැනීමේ නොනිමි ආශාවෙනි. වයඹ පළාතේ අග නගරය ලෙසින් සැලකිය හැකි කුරුණෑගල නගරය පසු කළ අපි පුත්තලම දක්වා දිවෙන මාර්ගයට පිවිසුණේ දහවල් හිරු කිරණ උණුසුම් වෙමින් තිබියදීය. වැව් දිය පිස හමන සිසිල් සුළං රැලිවල පහස විඳිමින් බොහෝ දුරක් පසු කළ අපි කොට්ටුකච්චියේදී වාහනය නවතා යම් තොරතුරක් සොයා යන්නට උත්සාහ කළෙමු. එතැනින් එහා මෙහා යන්නට ආ කිහිප දෙනකු සමඟම කතා කරන්නට අපට අවස්ථාව ලැබීමද අහඹු ලෙස සිදුවුවද ඒ හරහා තොරතුරු රැසක් අනාවරණය කරගන්නට අපට වාසනාව ලැබිණි.

මෙතැන ඉඳලා කිලෝමීටර් භාගයක් විතර ඇති මහත්තයෝ ඔය කියන තැනට. ඔය ගැන අපේ අත්තා, මුත්තා කාලේ එක එක කතා අපට කියා දීලා තියෙනවා. හැබැයි ඉතින් ඇත්තද, බොරුද කියන්න නම් දන්නෙ නැහැ ඕං.’
අපත් සමඟින් සුහදව කතාබහට සම්බන්ධ වූ ගැමියකු ඉතා උනන්දුවෙන් සිය අත්දැකීම් කියන්නට එක්වූයේ එලෙසිනි.
‘මාමා යමුකො අපිත් එක්ක ඔය කියන තැනට ගිහින් එන්න.’

අපගේ සුහද ආරාධනාව ඉතා සතුටින් භාරගත් ඔහු අපත් සමඟින් ගමනට එකතු වීම අපට යම් තරමක සතුටට කරුණකි. ඒ ඔහු සිය මුතුන් මිත්තන්ගෙන් අසා දැන සිටි අපූරු කතා සියල්ල අපටද දැන ගන්නට ලැබෙන නිසාවෙනි. මඳ දුරක් නිහඬව ගමන් කළ අමුත්තා යළිත් කතාව පටන් ගත්තේය. මේ ඔහු කියූ කතාව ඔහුගේම වචනවලිනි.

‘අපි මේ යන තැන තියෙන්නේ මහ විශාල කළුගල් යායක් මහත්තයෝ. බැලූ බැලූ පැත්තේ පුදුමාකාර ලස්සනක් තියෙන තැනක් වග මහත්තයලට එතැනට ගියහම දැක ගන්න ලැබෙයි. ලංකාවේ දිගම සෙල්ලිපිය තියෙන්නෙත් ඔය ගල් තලාවෙම තමයි. ඒ තමයි තෝනිගල සෙල් ලිපිය. ඕක අඩි සියයක් විතර දිගයි කියලයි කියන්නේ. අනෙක් කාරණේ ඔය සෙල්ලිපිය තැන් දෙකක තමයි ලියා තියෙන්නේ. ඉතින් ඒ කාලේ අපේ තාත්තලා අත්තලා තමයි අපට කියා දුන්නේ. කුවේණිගේ මාලිගාව තිබිලා තියෙන්නේ ඔය ගල මුදුනෙයි කියලා.

ඉන්දියාවෙන් ආවයි කියන විජය කුමාරයා කුවේණිව සහේට ගත්වනම දරුවො දෙන්නෙක් ලැබුණාය කියනවනෙ. ඉතින් ඒ දරුවො දෙන්නවයි කුවේණිවයි පස්සෙ කාලෙක විජයගෙ මාලිගයෙන් පන්නා දැමුවාය කියලයි කියන්නේ. ඒකටත් හේතු කාරණා තිබිලා තියෙනවා. විජය කුමාරයා ආර්ය කුමාරයෙක්ලුනේ. ඉතින් උන්දැට රජ වෙන්ට නම් ආර්යය රාජකුමාරියක්ම සරණපාවා ගන්ට ඕනලුනෙ. ඒක නීතියක්ලු. ඒ නිසා විජය කුමාරයාට ඕන වෙලා තියෙනවා ආර්යය කුමාරියක්ව ගෙන්නාගෙන කරකාරෙට ගන්ට. අන්තිමට ඉතින් උන්දෑ කුවේණිවයි, දරුවො දෙන්නවයි මාලිගාවෙන් පන්නා දැම්මා. කොහොමත් ඉතින් ඔය පිට දේසක්කාරයෝ විශ්වාස කරන්ට ඇහැකිද මහත්තයෝ මේ දැන් වුණත් ඉතින් ඇහෙන දකින කතා වගේ නැතෑ. ඒ වංගියේ උන්දලත් වාසියට අර අහිංසක ගෑනිව රවට්ටාගෙන අන්තිමට දරු පැටව් දෙන්නකුත් එක්ක පස්සට පයින් ගහලා දොට්ට දාන්ට ඇති.

කොහොමින් කොහොම හරි කුවේණි ඔය මාලිගාව තිබුණයි කියන ගලට නැඟලා විලාප තිබ්බාය, ශාප කළාය කියලා තමයි කියන්නෙ. කුවේණි විලාප තිය තියා කරපු ළතෝනිය අහල ගම් දනව් පුරාවට ඇහුණාය කියලත් කියනවනේ. ඉතින් කුවේණි ළතෝනි නඟපු ගල නිසා පස්සෙන් පහුවට ඔය ගලට ළතෝනි ගල කියලා තමයි කියලා තියෙන්නේ. ඒ ළතෝනි ගල පස්සෙන් පහු තෝනිගල වුණාය කියලත් අපේ තාත්තලා කියනවා මට මතකයි.

ඔහු කතාව නතර කළේ අපගේ ගමනේ පළමු කොටසේ අවසානයට ළඟා වෙද්දීය. ඒ අනුව අප විශාල ගල් තලාව තරණය කර ලංකාවේ දිගම සෙල් ලිපිය දැකගතිමු. ගල් තලාවේ සිට අවට නරඹද්දී සිතට දැනෙනුයේ අප්‍රමාණ සැනසීමකි. එක් පසකින් තෝනිගල වැවයි. වැව් ජලය පිස එන සිසිල් සුළඟේ පහස අපගේ ගත සිත ප්‍රබෝධයට පත්කරයි.

එදා කුවේණියගේ මාලිගාව ඉදිකර තිබුණේ මෙම ගල් තලාවේ යැයි ජනප්‍රවාදයේ ඇති කතාවන්ට අනුව සිතුවිලි සසඳා බලද්දී ඇය කොතරම් නිදහස්, සුන්දර ජීවිතයක් ගත කළ තැනැත්තියක දැයි හරි අපූරුවට මවා ගන්නට ඕනෑම කෙනකුට හැකියාව ලැබෙනු ඇත. නිල්වන් අහස් කුසත්, නිහඬ ගල් තලාවත් කුවේණිය ගැන අප දන්නවාට වඩා කොතරම් නම් තොරතුරු දන්නවා ඇත්දැයි ඕනෑම කෙනකුට සිතෙනු ඇත.

‘මේ තමයි සෙල් ලිපියෙ පළමු වැනි කොටස. මේක පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් පැරැණි සිංහල භාෂාවෙන් ලියලා තියෙනවයි කියලනෙ කියන්නේ. මේකෙ ලියැවිලා තියෙන විදිහට ප්‍රධාන අභය රජ්ජුරුවන්ගෙ පුතා තිස්ස විසින් අවගිරික තිස්ස පබ්බත විහාරයට පැමිණි නොපැමිණි සිවුදිග භික්‍ෂුන් වහන්සේ වෙත තෝනිගල වැව පූජා කරනු බවයි. වැව ළඟම තියෙන ‘අවනගරක’ සහ ‘තව්රිසිය නගරක’ කියන ඉඩම් දෙකත් පූජා කළාය කියල කියනවනේ.
අපත් සමඟ ගල්තලාව ඇවිද යමින් අපගේ අමුත්තා තව දුරටත් කරුණු පැහැදිලි කර දුන්නේය.

‘මහත්තයෝ ඔය සෙල් ලිපිය තියෙනවයි කියන අවගිරික තිස්ස පබ්බත විහාරයට දැන් කියන්නෙ ඒ නම නෙවෙයි. ඒකට දැන් කියන්නෙ පරමාකන්ද රජමහා විහාරය කියලා.

අමුත්තා ඒ කතාව පැවසුවේ අපත් සමඟ සෙල්ලිපියේ දෙවැනි කොටස නරඹන්නට යන අතරේය. කෙසේ නමුදු ලංකාවේ දිගම සෙල්ලිපිය නිසාවෙන් ප්‍රසිද්ධියට පත් තෝනිගල යනෙන කිසිවකුටත් අද නොඇසෙන කුවේණියගේ අඳෝනාව තාමත් ඇසෙනවදෝයි අපට සිතුණේ අප ඒ ගැනම අවධානයෙන් කටයුතු කළ නිසාම වන්නට ඇත.
රාවණ පරපුරෙන් පැවැත එමින් අභිමානවත් ජීවිතයක් ගත කළ ගැහැනියකගේ කඳුළු බින්දුවල උණුහුම රැඳුණු ඇගේ විලාප හඬ දෝංකාර දෙන ළතෝනි ගල එහෙමත් නැත්නම් තෝනිගලින් බැස සෙමෙන් දුරට එද්දීත් කුවේණිගේ සැඟවුණු ආත්මය අප දෙස බලා සිටින්නට ඇත.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

ලෝකයේ බලවත්ම කේන්දරය

Next Post

මිනිසාගෙයි ස්වභාවධර්මයෙයි සටන දිනන්නෙ කවුද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.