• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රාහු කාලේ සෙල්ලමක් නොවේ

October 17, 2020
in Astrology
Reading Time: 1 min read
A A
රාහු කාලේ සෙල්ලමක් නොවේ
Share on WhatsAppShare on Facebook

රාහු කාලේ කිව්වම ඕනෑම කෙනෙක් දෙසරයක් හිතන ස්වභාවයක්, එහෙමත් නැත්නම් තැති ගැන්මක් ඇතිකර ගන්න ස්වභාවයක් තියෙනවා. හැබැයි පිරිසක් එහෙම කරද්දී තවත් පිරිසක් රාහු කාලෙ කියන්නෙ මොකද්ද, රාහු කාලෙ හොඳද, නරකද මේ ආදී කිසිම දෙයක් නොදැන ගණන් නොගෙන වැඩ කරන ස්වභාවයකුත් තියෙනවා. ඇත්තටම රාහු කාලය කියන්නේ මොකද්ද. මේ කාලය දැන ගැනීමෙන් හෝ එය මඟහැර වැඩ කිරීමෙන් ඇති සෙතේ මොකද්ද කියලා කෙනකුට ප්‍රශ්නයක් තියෙන්නත් පුළුවන්. ඇතැම් විට රාහු කාලය බලලා වැඩ කරන, රාහු කාලය මඟහරින ගොඩක් දෙනෙක් රාහු කාලය කියන්නේ මොකද්ද කියලා නොදන්නවා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් රාහු කාලය පිළිබඳ යම් අවබෝධයක් ලබා සිටීමට සෑම ජන්මියකුටම වැදගත් වෙන්නත් පුළුවන්.

රාහු කාලය දිවා – රාත්‍රි දෙකෙහිම පවතිනවා. දිවා පැය එකහමාරකුත්, රාත්‍රි පැය එකහමාරකුත් ලෙස පැය තුනකට වැඩි කාලයක් දිනකට රාහු කාලය පවතිනවා. කෙසේ නමුත් රාහු කාලය තුළ අරඹන වැඩකටයුතු සාර්ථක නොවන බවට තීරණාත්මක මතවාදයක් සමාජය තුළ මුල්බැසගෙන තිබෙනවා. එහි සත්‍යතාවයක් නැතැයි කියා තර්ක කිරීමටද හැකියාවක් නැහැ.
එහෙත් යම් ජන්මියකුගේ උප්පත්ති ග්‍රහචාරය මෙන්ම ඒ ඒ කාලවල ගෙවන මහා දසා, අතුරු දසා ආදිය හේතුකරගෙන රාහු කාලය පලවිපාක යම් තරමකට වෙනස් විය හැකිය. කෙසේ නමුත් අලුතින් යමක් ඇරැඹීමේදී එදිනට අදාළ රාහු කාලය පිළිබඳව අවධානය යොමුකර එය මඟහැරීම තුළින් දිනයේ ඇති අසුබ තත්ත්වයන් මඟහැරෙන බවක් අරඹන කටයුත්ත ඉතාමත් සුබ ආකාරයට සිදුකරගත හැකි බවත් පිළිගැනෙනවා.

කෙසේ නමුත් රාහු කාලය මඟහැර කටයුතු කළ යුතුමැයි කියා කිසිදු ආකාරයක බලපෑමක් හෝ ජ්‍යොතිෂමය මඟ පෙන්වීමක් නැතත්, ජීවිතය හා සම්බන්ධ විශේෂ කටයුතු රාහු කාලය මඟහැර සිදුකිරීම තමන්ට මානසික සහනය උදාකර දෙන්නකි. එහිදී ආරම්භ කරන කටයුත්තේ සුබ ප්‍රතිඵල වඩාත් සුබ වීමටද මෙය පිටිවහලක් වෙයි. එනිසා යම් කෙනකු අරඹන සුබ කටයුත්තක් සඳහා රාහු කාලය මඟහරිනවා සේම, එදින ඊට ගැළපෙන සුබම මුහුර්තය සොයාගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් මානසික ශක්තිය නමැති සැඟවුණු බලයේ උපරිම ප්‍රයෝජන ගතහැකි බවටත් සොයාගෙන ඇත.

කෙසේ නමුත් රාහු කාලය පිළිබඳව කිසිවිටෙකත් අනියත බියක් ඇතිකර ගතයුතු නැති බවත්, ජ්‍යොතිෂයේ විශ්වාසයයි. මන්ද රාහු කාලය පවතින වෙලාවල්වලදී පවා සුබ මුහුර්ත පවතින බව රහසක් නොවන බැවිනි.

රාහු කාලය මෙන්ම සෑම පැයකම යෙදෙන පංචම කාල හෝරාව ගැනද අවබෝධයක් ලබාතිබිය යුතුය. එනම් ඕනෑම පැයක් තුළ මිනිත්තු 12 බැගින් වූ කාල හෝරා 5ක් වෙන්කොට ඇත. එහිදී උදාහරණයක් ලෙස හිරු උදාව 06ට සිදුවනවා යැයි සිතා සඳුදා දිනයක් ගතහොත් සඳුදා රාහු කාලය යෙදී ඇත්තේ උදයේ හා රාත්‍රියේ 7.30ත් 09.00ත් අතර නම් සඳුදා දින උදය කාලයේ පැය 7-8 අතර ශනි හෝරාව හා 8-9 අතර ගුරු හෝරාව පවතී. එහිදී ගුරු හෝරාවේ පංචම කාල හෝරා වෙන්වන්නෙ මෙලෙසිනි.
8.00ත් – 8.12 අතර ගුරු
8.12ත් – 8.24 අතර ශුක්‍ර
8.24ත් – 8.36 අතර ශනි
8.36ත් – 8.48 අතර රවි
8.48ත් – – 09.00 අතර චන්ද්‍ර (විස)

මෙම පංචම කාල හෝරාව තුළ 8.48-09.00 අතර චන්ද්‍ර පංචම කාල හෝරා කාලය විස හෝරාව හෙවත් අසුබ කාලය ලෙස දක්වා ඇත. මෙලෙස මිනිත්තු 12ක් තුළ යෙදෙන සූක්‍ෂ්ම කාල හෝරා ලෙස මිනිත්තු 4 බැගින් කාල හෝරා 3ක් දක්වා ඇත. එනම් 08.00 – 08.12 අතර ගුරු කාල හෝරාව තුළ යෙදෙන ගුරු පංචම කාල හෝරාව තුළ ඇතුළත් වන සූක්‍ෂ්ම කාල හෝරාව මෙසේ දැක්විය හැකිය.

08.00 – 08.04 ගුරු පංචම හෝරාවේ ගුරු සූක්‍ෂ්ම කාල හෝරාව
08.04 – 08.08 ගුරු පංචම හෝරාවේ කුජ සූක්‍ෂ්ම කාල හෝරාව
08.08 – 08.12 ගුරු පන්දම හෝරාවේ රවි සූක්‍ෂ්ම කාල හෝරාව

දිනයේ සූර්ය උදාව අනුව මෙය වෙනස් කරගත හැකි අතර, 08.00 – 08.04 අතර ගුරු හෝරාවේ ගුරු පංචමයේ ගුරු සූක්‍ෂ්ම කාල හෝරාව යෙදී ඇත. මෙම කාලය ගුරුට අයත් කටයුතු සිදුකිරීමට ඉතාමත් සුබ මුහුර්තයකි. ගුරුට සම්බන්ධ මැති ඇමැතිවරු හමුවීමට, රථවාහන මිලදී ගැනීමට, ගෙවල් මුල්ගල් තැබීමට වැනි කාරණා ප්‍රධාන වෙයි. මේ ආකාරයට අනෙක් ග්‍රහයන් ප්‍රධානත්වය දරන කටයුතු මොනවාද, ඒ ඒ ග්‍රහයන්ට ඒ ඒ දිනට අයත් සුබ මුහුර්ත මොනවාද යන්න සොයාගෙන කටයුතු කළ හැකිය. මෙහිදී කාල හෝරාව මෙන්ම ඒ ඒ දිශාවල පවත්නා නැකැත් සහ ඒ ඒ දිශාවල විශේෂත්වයද කේන්දරයේ ග්‍රහචාරයන්ද සැලකිල්ලට ගෙන ඉතාමත් විශිෂ්ට වූ ප්‍රතිඵල අත්කරගත හැකි බව අත්දුටු සත්‍යයකි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ලස්සන හඬක් දෙවියො මට දුන්නෙ වාසනාවට

Next Post

කවදාහරි මම පාර්ලිමේන්තු යනවා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.