• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලස්සන හඬක් දෙවියො මට දුන්නෙ වාසනාවට

October 17, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ලස්සන හඬක් දෙවියො මට දුන්නෙ වාසනාවට
Share on WhatsAppShare on Facebook

80 දශකය අග භාගයෙහි රූපවාහිනී මාධ්‍යය එන්නට පළමුව ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂකයෝ විවිධාකාර වූ ජනප්‍රිය පුද්ගලයන්ගේ ‘හඬට’ ඇලුම් කරන්නට හුරුව සිටියහ. සවස 6.30 පසුවන යාමයට නිවෙසෙහි බොහෝ දෙනා රේඩියෝව වටා පුටු තබා පෙළගැසුණේ එදිනට නියමිත නාට්‍යය අසන්නටය. මොණරතැන්න, මුවන්පැලැස්ස, වජිරා, ගිම්හානේ ගී නාදේ සහ ගුවන්විදුලි රඟමඬල එවකට ජනප්‍රියව තිබූ ගුවන්විදුලි නාට්‍ය අතර ප්‍රධානව තිබුණා මතකය. එකී නාට්‍යය අතර පළමු පෙළට පැමිණි එක් සුවිශේෂී හඬක් විය. ඒ හඬ මයික්‍රපෝනය හමුවේ ඉතා සමබර විය. කාගේ වුවද සවනට සුමධුර විය… පැහැදිලි වචන උච්චාරණයක් ගාම්භීරව ගලා යන හඬ ස්වරයත් නිසා ගුවන්විදුලියෙහි ප්‍රවෘත්ති ප්‍රකාශයට ඇගේ හඬ නැතුවම බැරි විය. ඈ කවුදැයි ඔබ දන්නවද..? නොදැන සිටින්නට බැරිය.., අලංකෘත හඬ ස්වරය සමඟ ප්‍රේක්‍ෂක සවන්පත් සැනසූ ඈ රම්‍යා වනිගසේකර විය. ටෙලි නිළියක ලෙස ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට පළමුව ගුවන්විදුලිය සහ වේදිකාව තුළ සුවහසක් වූ පිරිස සැනැසූ අතීත කතාවක මතකය අවදි කරන්නට මේ අඳුරු කලාකාරිය අප හා එක්වූයේ මෙලෙසිනි.

සිරිතක් ලෙස පළමුව ඔබේ සුවදුක් විමසනවා නම්?
ඇත්තෙන්ම මම බොහොම සතුටින් කාලය ගෙවනවා. ඒ වගේම කලාකාරියක ලෙස මම තවමත් කාර්යබහුල වීම ගැන තෘප්තියට පත්වෙනවා.
දශක ගණනකට පළමුව එදා ගුවන සැනැසූ ඔබේ හඬ තවමත් ගාම්භීරයි?
මමත් එහෙම හිතනවා… තවත් සමහරු එහෙම කියනවා… ‘මේ දහවල ප්‍රවෘත්ති විකාශනයයි, මම රම්‍යා වනිගසේකර’ කියා මම එදා බොහොම ගාම්භීරව පැවැසූ හඬ අදටත් අමතක නැහැ කියා අසන්නන් කියන කොට මම දැඩි ආත්ම තෘප්තියකට පත්වන වග අවංකව කියන්න සතුටුයි.
ඒ කාලේ උදේ-සවස ප්‍රවෘත්ති විකාශනයට ඔබව සුවිශේෂීව තෝරා ගැනුණාලු?
යොවුන් තරුණියක කාලයේ ඉඳලම මට ඒ අවස්ථාව ලැබුණා. ‘ප්‍රවෘත්තිවලට රම්‍යාව දාන්න… කියා ගුවන්විදුලි සංස්ථාවේ නිෂ්පාදක අංශයේ ප්‍රධානීන් නිතර අන් අයට දැනුම් දුන්නා. අදටත් මතකයි.
ඔබට එදා එය මහා ආඩම්බරයක් වන්නට ඇති?
නැතුව ඉතින්.., ලස්සන කටහඬක් දෙවියන් දුන්නා කියන්නේ ලොකු වාසනාවක්. ඒ වගේම ඒ හඬ මෙහෙය වන්නට අවශ්‍ය නිසි අවස්ථාවක් ලැබෙනවා කියන එකත් කොයිතරම් පිනක්ද? හිතලා බලන්න, ලස්සන කටහඬක් සමඟ මේ ලෝකෙට ආවත් එහි මිහිරියාව අන් අයට අසන්නට දෙන්නට වරමක් නැති අය කොයිතරම් ඉන්නවද?
ගුවන සනහන වරම උදාවූයේ පාසල් වියේ ඉඳලමද?

පාසල් යන කාලේ සාහිත්‍ය සමිතියේ විවිධ ප්‍රසංග පවත්වන කොට මම ගීත ගායනයට එක්වුණා. මගේ හඬ හරිම මිහිරිය කියලත්, කවදා හෝ මම ජනප්‍රිය ගායිකාවක වෙයි කියලත් ගුරුවරියන් පවා කිව්වා. ඔය අතර ඔන්න දවසක් අපේ පාසලේ ‘මනමේ’ නාට්‍යය ප්‍රදර්ශනය වුණා. එහි නළු නිළියන් හරි අපූරුවට රඟනවිට මට හිතුණේ අනේ වේදිකා නිළියක වන්නට ඇත්නම් කොයිතරම් අපූරුද කියලයි.
ගායිකාව සැඟව ගිහින්, රංගවේදිනිය මතුවුණේ එතැනින්ද?
ඉන්නකෝ කතාව කියනකල්.., ගුවන්විදුලි සංස්ථාවේ ඒ කාලේ ‘තක්සලාව’ කියලා ළමා වැඩසටහනක් තිබුණා. ළාබාල යෞවනියක කාලේමයි මම එයට සහභාගි වුණේ. එතැනදී කවි, සින්දු, නාට්‍ය වාගේ හැම අංශයකින් වැඩසටහන් ඉදිරිපත් වුණා. ඒ සඳහා අපව මෙහෙය වූයේ තේවිස් ජයවීර කියලා ප්‍රවීණයෙක්. නිවේදන කලාව පවා එතැනදී අප ප්‍රගුණ කළා. එහිදී දැනගන්නට ලැබුණා ගුවන්විදුලියට තරුණ නිවේදිකාවන් හොයනව කියලා. ලොකු බලාපොරොත්තුවක් හිතේ නොතිබුණත් ඉල්ලුම් පත්තරයක් දැම්මා. මයික් එකට හඬ හුරුව තිබුණු නිසා පළමු වටයේ එකසිය ගණනට තේරුණා. ඉන්පස්සේ ඒ ගණන 60 වෙලා 12 කටත් අවසානේ 4 දෙනකුගෙටත් එනතුරුම මමත් එහි සිටියා. අන්තිමේදී ගුවන්විදුලි සංස්ථාවේ වෘත්තිමය නිවේදිකාවක වීමේ වාසනාව හිමිවුණා. එදා ඉඳන් 2018 වන තුරුම මම ‘ප්‍රවෘත්ති’ වැඩසටහන් ඇතුළුව බොහෝ නාට්‍යමය විශේෂාංගවල මගේ හඬ ගෙනගියා.
වේදිකා නිළියක වීමේ සිහිනය, නිවේදිකාවක හමුවේ මලක් යටපත් වුණා කිව්වොත් එය නිවැරැදිද?
යටපත් වුණාය කියන එකට වැඩිය මඳක් ප්‍රමාද වුණාය කිව්වොත් වඩාත්ම නිවැරැදියි. සරලවම කියනවා නම් මේ ඉසව් දෙක අතර එදා මම ක්‍රියා කළ ආකාරය ගැන සතුටක් සමඟ ආඩම්බරයක් මට අදත් දැනෙනවා. උදේ කාලය තුළ ගුවන්විදුලියෙහි වෘත්තීමය කටයුතු සියල්ල ඉටු කරලා සවස් භාගය යොදවන්නේ වේදිකාවටයි. අද තරුණ කලාකාරියන් වගේ නෙවෙයි එදා අප තුළ ‘වගකීම’ කියන වචනය ගැන මහා ලොකු හැඟීමක් තිබුණා. කිසිම අංශයක වචනයක් අහන්නෙ නැති විදියට තමයි අපි අපේ කාර්යභාරය ඉටුකළේ.
අවංකවම කියනවා නම්, ගුවන්විදුලිය නිසා ඔබට වේදිකාව මගහැරුණු තැන් තියෙනවා නේද?
සත්තකින්ම ඔව්, බොහෝ වේදිකා නාට්‍යය ගුවන්විදුලිය නිසා මට මඟහැරී ගියා… හැබැයි කිසිම සිත්තැවුලක් නැහැ, ‘ගුවන’ තුළ මා ගෙවූ කාලය හරිම ආකර්ෂණීයයි.
‘කැලණි පාලම’ රූපවාහිනියෙහි විකාශනය වීම තුළ ඔබ නොසිතූ ජනප්‍රියත්වයකට බඳුන් වුණා?
බොහෝ විට, කිසිදුම කලාකාරියකට නොලැබෙන අවස්ථාවක් තමයි මට ඒ ලැබුණේ. ‘කැලණි පාලම’ සතිපතා විකාශනය වීම හරහා වේදිකාවත් ටෙලි කලාවත් තුළ හොඳ ප්‍රේක්‍ෂක පිරිසක් මා වටා රොක් වුණා. ‘මැණික් නදිය ගලා බසී’ සහ ‘කන්දෙ ගෙදර’ යන ටෙලි වෘත්තාන්ත තුළින් මා ලද ප්‍රතිචාර අසීමිතයි.
කැබ් රථයකට ගොඩවෙන්නටත් බැරි තරමට ඒ ප්‍රතිචාර ආදරණීය වුණා?
අනේ ඔව් දෙයියනේ… කැබ් එකකට හදිසියකට ගොඩවුණාම ‘මැඩම් ඔයා රම්‍යා වනිගසේකර නේද, මම අදත් ‘මැණික් නදී ගලා බසී’ බලලා තමයි ආවේ කියනවා. ‘මැණික් නදිය ගලා බසී’ නැවැත විකාශනය සඳහා යන දවසක තරුණ හාදයෙක් එහෙම කිව්වා මතකයි. තවත් දවසක මම කොහේ හරි යන්න මීටර් ටැක්සි එකකට නැඟපු වෙලේ එහි රියැදුරා මගේ දිහා ටිකක් වේලා බලන් ඉඳලා, ‘අනේ මැඩම් ‘කන්දෙ ගෙදර’ ඔයා රඟපාන චරිතයට මගේ නෝනා හරිම ආසයි. මම ෆෝන් එක දෙන්නම් විනාඩියකට එයාට කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා… අනේ ඉතින් මමත් ඒ දරුවගේ නෝනට කතා කළා. එදා මගේ ඇස්වලට කඳුළුත් ආවා. අනේ ප්‍රේක්‍ෂකයන් මේ තරම් මට ආදරෙයි නේද? කියන හැඟීම ගැන මම සතුටට පත්වුණා.
හැබැයි ඔබ තුළ සිටි ගායිකාවට ඔබ තැනක් දුන්නේ නැහැ?
ඇත්තෙන්ම ඒක මටත් ප්‍රශ්නයක්… නමුත් මියයන්නට පළමුව ගීතයක් එළිදැක්වීමේ මෙහෙවරක මා නියුතුව සිටිනවා. එය ළමා ගීත පෙළක්. රංජිත් කුරුවිට බණ්ඩාර මහත්තයා එහි හරි වැරැදි පවා බලා අවසන්. නුදුරු දිනෙක එය එළිදැක්වීමේ බලාපොරොත්තුව තුළ තවමත් දවස ගෙවමින් සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පවුලේ සතුට හැංගුණු කුස්සියේ රහස්

Next Post

රාහු කාලේ සෙල්ලමක් නොවේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.