• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කවදාහරි මම පාර්ලිමේන්තු යනවා

October 17, 2020
in Heart
Reading Time: 2 mins read
A A
කවදාහරි මම පාර්ලිමේන්තු යනවා
Share on WhatsAppShare on Facebook

වේදිකාව හරහා කලා ලෝකයට පැමිණි රවීන්ද්‍ර යසස් කෙටි කාලයක් ඇතුළත ටෙලි නාට්‍ය, චිත්‍රපට යන සෑම අංශයෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් නළුවකු බවට පත් වුණා. පසුව දේශපාලනයට පිවිසි ඔහු කලක් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙසින්ද කටයුතු කළා. කොහොම වුණත් පසුගිය කාලයේදී ඔහුව කලා නිර්මාණ හරහා දැක ගන්න ලැබුණේ නැහැ. ඒ ගැන තොරතුරු දැන ගන්න අපි රවීන්ද්‍ර යසස්ට කතා කළා.
මේ දවස්වල වැඩිය පේන්නේ නැහැ කියලා හැමෝම කියනවා. රවීන්ද්‍ර යසස් කලා කටයුතුවලින් ඉවත් වෙලා කියලත් රාවයක් යනවා. මොකක්ද ඒකේ ඇත්ත නැත්ත?
කොරෝනා හින්දා කලා කටයුතු ඔක්කොම නැවතිලානේ තියෙන්නේ. ඒ හින්දා එහෙම හිතෙන එක සාධාරණයි. හැබැයි කලා කටයුතුවලින් ඉවත් වෙලා නම් නැහැ.
කොරෝනා විතරමද ඒකට එකම හේතුව?
ප්‍රධාන හේතුව නම් කොරෝනා තමයි. මොකද වේදිකා නාට්‍යයක්වත් තවම හරියට පෙන්වගන්න බැහැනේ. මීටරේ දුර තියලා ප්‍රේක්ෂකාගාරය සකසන්න පහසුකම් අපේ රටේ හැම තැනම නැහැනේ. ඒ හින්දා ඒවා ප්‍රායෝගික නැහැ. කොහොමත් කොරෝනා වසංගතයෙන් වැඩියෙන්ම පාඩු වුණේ කලාකාරයන්ට තමයි.
හැබැයි කොරෝනා එන්න කලින් වුණත් රවීන්ද්‍ර යසස් නිතර පේන්න හිටියේ නැහැ නේද?
දේශපාලන කටයුතු එක්ක කාර්යබහුල වීම හින්දා මම කලාවෙන් පොඞ්ඩක් ඈත් වුණා කිව්වත් හරි. මොකද ආසනයේ සංවිධායකවරයා විදියට ජනතාව වෙනුවෙන් මම නිතරම ප්‍රදේශයේ රැඳිලා ඉන්න ඕනෑ. ඒ හින්දා දුර ප්‍රදේශවල ගිහින් දවස් ගණන් නැවතිලා ඉන්න වෙන නිර්මාණ මම බාර ගත්තේ නැහැ. හැබැයි මේ අහල පහල රූගත කිරීම් සිදු කෙරෙන නිර්මාණ එක්ක මම සම්බන්ධ වුණා.
අන්තිමට රඟපෑව චිත්‍රපටය මොකක්ද?
බන්ධනය තමයි අන්තිමට රඟපෑවේ. ඊට කලින් ඵරග ඡරුිසාැබඑ චිත්‍රපටයේ රඟපෑවා. මේ වෙද්දි ඒ දෙකම තිරගත වෙලා අවසන්.
ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?
දැන් කොහොමත් ලංකාවේ වැඩිය ටෙලි නාට්‍ය හැදෙන්නේ නැහැනේ. හැදෙන ඒවත් අඩු ගානෙන් වැඬේ කර ගන්න තමයි බලන්නේ. ගොඩක් වෙලාවට කරන්නේ අලුත් අය කර ගෙන අඩු ගානක් දීලා වැඬේ කර ගන්න එක.
නමුත් ඔබ එක්තරා කාලයක් මෙගා ටෙලි නාට්‍ය එක්කත් සම්බන්ධ වෙලා හිටියා?
ඔව්. ඒ ගොඩක් ඉස්සර. මෙගා පටන් ගත්ත මුල් කාලේ මම නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. නමුත් දැන් ඒ සඳහා කැප කරන්න වෙලාවක් නැහැ.
රවීන්ද්‍ර යසස්ව මුළු රටම හඳුන ගත්තේ කලාව හින්දා. මේ විදියට කලා ලෝකයෙන් ඈත් වෙලා ඉන්න එක ගැන කනගාටුවක් නැද්ද?
මෙහෙමයි. මම කලා ලෝකයෙන් ඈත් වෙලා නැහැ. දේශපාලන කටයුතු එක්ක වෙලාව තියෙන විදියට පුළුවන් ඒවට මම සම්බන්ධ වෙනවා. කලින් කිව්ව වගේ වර්තමානයේදී ලංකාවේ කලා නිර්මාණ ඉතාම අවම මට්ටමෙන් තමයි කෙරෙන්නේ.
අපි ඔබේ දේශපාලන ජීවිතය ගැන කතා කරමු. ඇත්තටම ඇයි ඔබ කලාවෙන් දේශපාලනයට පිවිසුණේ?
ජනතාව වෙනුවෙන් සේවය කරන එක තමයි ප්‍රධානම අරමුණ. අපි දේශපාලනයට ආවේ අපේ බඩගෝස්තරය රැකගන්න නෙවෙයි. ජනතාව රැකගන්න. ඒක පැහැදිලිවම කියන්න ඕනෑ.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වුණු ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනකුම දේශපාලනයෙන් සමුගන්නා ආකාරය අපි දැක්කා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
දේශපාලනයෙන් සමුගන්න නම් මගේ කිසිම අදහසක් නැහැ. ජනතාව වෙනුවෙන් දිගටම දේශපාලනයේ නිරත වෙන එක තමයි මගේ බලාපොරොත්තුව.
මේ විදියට ගිහින් කවද හරි පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පුළුවන් වේවි කියලා විශ්වාසයක් ඔබට තියෙනවද?
ඔව්. හැබැයි දැන්ම නෙවෙයි. ඒකට තව කාලයක් යයි. ජනතාව එක්ක දිගින් දිගටම ඉඳලා ඒ අය නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තු යෑමේ අදහසක් මට තියෙනවා.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රාහු කාලේ සෙල්ලමක් නොවේ

Next Post

නපුරු චරිත නිසා කවුරුත් මට කැමැති නෑ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.