• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මීනාට හඳහනෙන් කියූ අනාවැකිය

September 11, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂය ගැන විශ්වාසයක් හැමෝටම නැතිවෙන්න පුළුවන්. ඒත් බොහෝ දෙනාට කුමන හෝ විශ්වාසයක් ජ්‍යොතිෂය ගැන තියෙනවා. කලාකරුවන්ටත් එහෙමයි. එදිනෙදා කලා කටයුතු සාර්ථක කර ගැනීමේදී ජ්‍යොතිෂයේ සහයෝගය ලබා ගැනීමට බොහෝ කලාකරුවන් පුරුදු වෙලා ඉන්නවා. ඒ විදියට ජ්‍යොතිෂයේ සහාය පිළිබඳ විශ්වාසයක් තිබෙන බව ප්‍රවීණ නිළි මීනා කුමාරි අපිට කිව්වේ මෙහෙමයි.
මීනා ජ්‍යොතිෂය විශ්වාස කරන කෙනෙක්ද?
ජ්‍යොතිෂය ගැන මගේ විශ්වාසයක් තියෙනවා. නමුත් ඒ මත්තෙම දැඩිව ඇලිලා නැහැ.
ජ්‍යොතිෂය විශ්වාස කරන්න තරම් හේතුවක් ඇති එහෙනම්?
ඔව්. ප්‍රධාන හේතුව තමයි මං පුංචි කාලෙදි මගේ තාත්තා මගේ හඳහන පරීක්‍ෂා කරන්න ගිය අවස්ථාවක කියලා තියෙනවා මම කවදාහරි කලාවෙන් ඉදිරියට යනවා ජනප්‍රිය වෙනවා කියලා. එතකොට මම පාසලේ හය ශ්‍රේණියේ විතර. ඒ කාලේදිත් මම නර්තනයට සංගීතයට කැමැතියි. පාසලේදීත් හැදෑරුවා. ඉතින් මට තවමත් මතකයි ඒ ගැන ලියලා ජ්‍යොතිෂවේදියා තාත්තාට ලියලා දීලා තිබුණු කොළය මං නිතරම කියෙව්වා. මං පුංචි වුණත් ඒක මගේ හිතට තදින්ම වැදුණා. ඒ විශ්වාසය තමයි අදටත් තියෙන්නේ.
ජ්‍යොතිෂය ගැන තිබුණු විශ්වාසය පලුදු වුණු අවස්ථා තිබිලා නැද්ද?
එහෙම කියන්න තරම් දෙයක් වෙලා නැහැ. මං ආගම දහම එක්ක ජීවත් වෙන කෙනෙක්. බුදුන්ගේ කාලයේ සිටම ජ්‍යොතිෂය අපේ සමාජයේ තිබෙනවා. මම නිතරම හිතන්නේ බුදුදහම අනුව කර්මය තමයි මේ හැමදේම. නමුත් ජීවිත අද්දැකීම, ආධ්‍යාත්මික දියුණුව, බුද්ධිමත් බව අනුව කර්මය වුණත් වළක්වගන්න පුළුවන්. ඉතින් එහිදී අනාගතය පිළිබඳ යම්කිසි දැක්මක් ජ්‍යොතිෂයෙන් ලබාගන්න පුළුවන් කියලයි මම හිතන්නේ. බොහෝ විට මම ජ්‍යොතිෂයෙ සහයෝගයත් ඇතිව අපල තිබෙන අවස්ථාවලදී ඒවා මඟහරවා ගෙන තිබෙනවා.
නිතරම හඳහන පරීක්‍ෂා කරනවද?
නැහැ. එහෙම නිතර නිතර ගිහින් හඳහන් පරීක්‍ෂා කරන්නේ නම් නැහැ. ඒත් වසරකට වරක් වගේ හඳහන් පරීක්‍ෂා කරලා ඉදිරි කාලය කොහොම වෙයිද කියලා දැනගන්නවා. අපිට හඳහනක් තියෙනවා උපතින්ම. අම්මා – තාත්තා පවා ඉස්සර ඉඳන්ම හඳහන පරීක්‍ෂා කරමින් අපේ කටයුතු ගැන හොයලා බැලුවා. ඒ ආභාසය මටත් තියෙනවා.
හඳහන අනුව අපල තිබෙන බව කිව්වොත් යන්ත්‍ර – මන්ත්‍ර ආදී කටයුතුවලට යොමුවෙනවද?
ඇත්තටම යන්ත්‍ර – මන්ත්‍ර ගැන නම් මගේ විශ්වාසයක් නැහැ. අපල තියෙනව නම් මම ආගමට නැඹුරුව යොමුවෙලා ආගමානුකූලව අපල දුරුකර ගන්නයි උත්සාහ කරන්නේ.
මැණික් ගල් පැලඳීම, වාලම්පුරි ආදිය ගැනත් විශ්වාසයක් තියෙනවද?
නැහැ. වාලම්පුරි වගේ දේවල් ගැන නම් මගේ හිතේ කැමැත්තක් නැහැ කොහොමටවත්. මැණික් ගල් නම් කුඩා කාලයේ අම්මලා පලඳවලා තියෙනවා. නමුත් මට නම් ඒ ගැන ලොකු තැකීමක් නැහැ.
ජ්‍යොතිෂය විශ්වාස කරන කෙනෙක් විදියට ඒ වෙනුවෙන් විශාල වශයෙන් වියදම් කරලා තියෙනවද?
ජ්‍යොතිෂය විශ්වාස කළාට මං දැඩිව ඒ සමඟ බැඳුණු කෙනෙක් නෙවෙයි. ඒ නිසා විශාල වශයෙන් වියදම් කරමින් ඒ මත්තේ වැඩකටයුතු කරන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් ඒ විදියට ජ්‍යොතිෂය වෙනුවෙන් වියදම් කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් මම එහි වරදක් කියන්නෙත් නැහැ. මොකද ඒ දේවල්වලින් ලැබෙන මානසික සුවය තමයි වැදගත්.
ආගමානුකූලව ජීවත් වන කෙනෙක් විදියට ඒ පිළිබඳ ඔබේ විශ්වාසය කොහොමද?
මගේ නිවෙසට සමීප ප්‍රදේශයේ රජමහා විහාරයට තමයි මම යන්නේ. ඒත් ඉතින් කොයි වෙලෙත් පන්සලේ ඉන්න චරිතයක් නෙවෙයි මම. වසරකට වරක් අනුරාධපුරය, කතරගම වැනි පූජනීය ස්ථානයකට ගිහින් වන්දනාමාන කරනවා. පෝය දවසට පන්සල් යන්න බැරි වුණොත් ගෙදරදී ආගමානුකූලව කටයුතු කරනවා. රූපවාහිනියෙන් ඉතා හොඳ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පුළුවන්. ගෙදර බුදු පහන හැමදාමත් තියනවා. ආධ්‍යාත්මික සුවය තමයි වැදගත්ම දේ.
දෙවියන් ගැනත් විශ්වාස කරනවාද?
ලොකු විශ්වාසයක් නැති වුණාට සෑම දෙවි කෙනෙක් ගැනම ගෞරවයක් තියෙනවා. ගණ දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න අපි පොඩි කාලේ ඉඳලම පුරුදුවෙලා ඉන්නේ. මොකද අධ්‍යාපනයට අධිපති දෙවියන් විදියට මම දුවගේ කටයුතුවලදීත් ගණ දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්නවා.

SendShareShare
Previous Post

බොලිවුඩය කලබල කළ කරන් ජොහාර්ගේ මත් සාදය

Next Post

පොතේ එදා කතාව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.