• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

July 19, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ලියන්න සූදානම් වෙන්නේ සේධාවී මුදියන්සේලාගේ දමිතා බුද්ධිනී අබේරත්න බණ්ඩාර ගැනයි. නිළියක් ලෙස කලා ක්ෂේත්‍රයට එනකොට ඇගේ නම රිදී තිරය සහ ටෙලි තිරය මත සටහන් වෙන්නේ දමිතා අබේරත්න විදියටයි. දමිතා රංගන කලාවට එන්නේ ළමා කාලයේ ඉඳලමයි. ඉන් පස්සේ නව යෞවනියක ලෙස මෙන්ම තරුණ කාන්තාවක ලෙසද මේ චරිතාංග නිළි තාරකාව හරි අපූරුවට කරළිය ජය ගන්නවා. ලොව පුරා සැරිසරන ඈත ගමනක් යන ඈ සුළං කිරිල්ලියක ලෙස ජාත්‍යන්තරවද සම්මානනීය වෙනවා.Sri Lanka Latest News

නිළියක ලෙස ඇය ආරම්භ කළ ජයග්‍රාහී ගමනට දශක ගණනාවක් ගෙවී ගියත් අදටත් ඈ නිළියක ලෙස ටෙලි කලාව මෙන්ම සිනමා කලාව තුළද තම රංගන කෞෂල්‍යයෙහි ප්‍රතිභාව මොනවට සනාථ කොට හමාරයි. ‘රූම් නම්බර් 106’ කියන්නේ ඒ සඳහා වන නවතම නිදසුනයි.

ඔන්න දමිතා හදවතින්ම පිළිගන්නවා ඔයාව ‘හාට්’ ටැබ්ලොයිඩ් එකට?
සතුටුයි අත්තටම මේ කතාබහට ආරාධනා කළාට. ‘මව්රට’ කියන්නේ කලා ශිල්පීන්ට නිදහසේ තම සිතුම් පැතුම් බෙදාහදාගන්න පුළුවන් පත්තරයක් වීම ගැනත් සතුටු වෙනවා.
කියමු බලන්න ඔබේ අලුත්ම වංහුං ටිකක්?
සතුටින් ජීවිතයට මුහුණ දෙනවා. ‘රූම් නම්බර් 106’ චිත්‍රපටය තිරගත වන අතරතුර තවත් අලුත්ම චිත්‍රපට දෙකක් දොරට වඩින්න සූදානමින් තියෙනවා. ඒ අතර විකාශය වන ටෙලිනාට්‍ය තුනකම ෂූටින්වලට සහභාගි වෙනවා.
වේදිකා නාට්‍ය දෙකකටත් ආරාධනා ලැබිලා තියෙනවලු?
ඔව්. වේදිකා නාට්‍ය දෙකෙන් එකක් තෝරාගෙන අවසානයි. අනෙක් නාට්‍යය බාරගන්නවද නැද්ද කියන කාරණය ගැන තවම හිතලා නැහැ කිව්වොත් හරි.
ඒ වේදිකා නාට්‍යය භාරගන්න ප්‍රමාද වෙන හේතුව ඇහුවොත් කියන්න පුළුවන්ද දමිතා?
තවත් අලුත්ම ටෙලිනාට්‍ය දෙකකටම ගිවිසුම් අස්සන් කරපු නිසා වේදිකා නාට්‍ය දෙකකට රංගන දායකත්වය දෙන්න පුළුවන් වේවිදැයි කියන ප්‍රශ්නය නිසා තමයි ඒ ප්‍රමාදය තුළ ඉන්නේ.
හිටපු ගමන්ම වගේ ඔබ ආයෙත් වැඩ ගොඩකට මැදිවෙලා?
ඔව්. මම හුඟක් සතුටින් ඉන්නේ ආයෙමත් වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙන නිසා.

ඉතින් ඇයි දමිතා ඔබ කලා කටයුතුවලින් ඈත් වෙලා හිටියේ?
මම ඈත්වෙලා හිටියේ නැහැ. කවදාවත් කලාවෙන් ඈත් වෙන්නත් මට බැහැ. ඒත් මට කිසිම කලා නිර්මාණයකට සහභාගි වෙන්න තියෙන අවස්ථාව යම් පිරිසක් විසින් අහිමි කරපු නිසා මට ටෙලි සිනමා ඇතුළු අනෙක් සියලු කලා කටයුතුවලින් ඈත් වෙන්න සිද්ධ වුණා.
කවුද ඔය කියන පිරිස? ඔවුන් එහෙම කරපු හේතුව මොකක්ද?
මාත් එක්කම හිටපු කලා ක්ෂේත්‍රයේ මගේම කියන පිරිස තමයි එහෙම කළේ. හැමෝම නෙවෙයි. කාගේ හෝ දියුණුවට අකුල් හෙළන කාගේ හෝ කකුලෙන් අදින්න බලාගෙන ඉන්න පිරිසක් එතැන හිටියා. ඊට හේතුව වුණේ මම ක්‍රියාකාරී දේශපාලනයට මැදිවීම සහ අරගලයට සහභාගි වීමයි.
කලාකරුවන් බොහොමයක් පසුගිය සමයේ දේශපාලනයට මැදි වුණා. ඔවුන්ට එහෙම ගැටලු තිබුණේ නැහැ?
අන්න ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. ඇයි මට විතරක් මේ වෙනස්කම්. දේශපාලනයට මැදිවුණු, එයින් බොහෝ ලාභ ප්‍රයෝජන ලබාගත්ත පිරිස මොන තරම් හිටියද? ඒත් එක සත පහකවත් වාසියක් දේශපාලනයෙන් හම්බ නොකරපු මට මගේම කියන අය අකුල් හෙළුවා.
ඒ වෙනස් විරසකයට හේතුව මොකක්ද දමිතා?
හිතාගන්න බැරි කාරණය ඒකයි. මට වැඩ දෙන්න එපා, කලාව කියන මාධ්‍ය තුළ ආයෙම මට ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපාය කියලා ටෙලි සිනමා අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට ඔවුන් බලපෑම් කොට තිබුණා.
ඔබ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වුණේ සුපිරි බෙන්ස් කාර් එකක් යම් දේශපාලකයකුගෙන් ඔබට ලැබුණු නිසා කියලා කතාවක් තිබුණා?
ඔන්න ඕවා තමයි පදනම් රහිත චෝදනා. මම බෙන්ස් එකක් ගත්තේ ඊට අවුරුදු 9කට කලින්. මම කලාවෙන් හම්බකරගත්ත සල්ලිවලින්. මම ගෙවල් හැදුවේ ලස්සනට ජීවත් වුණේ මගේම සල්ලිවලින්. මම රංගනයට අවතීරණ වුණේ ළමා නිළියක ලෙසයි. මගේ ගමන දශක හතරක එහෙමත් නැත්නම් අවුරුදු 40කට ආසන්න අතීතයක් ඇති ගමනක්. ඒ කාලය පුරා මම කලා නිර්මාණ බොහොමයකට දායක වුණා. ජාත්‍යන්තර වශයෙන්ද කීර්තියක් මේ රටට ගෙනත් දුන්නා. ඒ කිසිවක් මතක නැති ගානටයි මගේම කියන පිරිසක් මට ඒ අභූත චෝදනා කළේ. දේශපාලනයෙන් හොඳට හම්බ කරගත්ත ප්‍රවීණයන් පවා සිටියදී තමයි මට විතරක් එහෙම කළේ.
ඔබ වෙනුවෙන් කතා කරන්න කවුරුවත්ම හිටියේ නැද්ද?
මගේ එකවුන්ට්ස් චෙක් කරනකොට අනෙකුත් වත්කම් නිරීක්ෂණය කරන විට නීතිය හමුවේ මාව ප්‍රශ්න කිරීම්වලට මැදිවන විට මං වෙනුවෙන් කලා ලොවේ යම් මානුෂීයයි කියන පිරිසක් මැදිහත්ව සිටියා. කලා නිර්මාණ මට අහිමි වෙනකොට පවා ඔවුන් ඊට මැදිහත්ව ඒ ගැන විමසන්න පවා ඉදිරිපත් වුණා. ඒ වෙනුවෙන් ප්‍රමුඛත්වය ගත්ත ඉනෝකා සත්‍යාංගනී සහෝදරියට වගේම කමල් අද්දරආරච්චි සහෝදරයාටත් මම මෙහිදී ස්තුතිවන්ත වෙනවා.
ඉහත පහරදීම් තුළ ඔබ මානසිකව වැටුණද දමිතා?
කවදාවත් නැහැ. දමිතා අබේරත්න කියන කාලකාරියව මොන විදියටවත් බිමල්ට ඇදලා දාන්න කාටවත් බැරි වුණා. යම් දේශපාලන පක්ෂවලට ගැතිවුණු ඉත්තන් ‘ලක් අම්මා’ ‘ලක් අම්මා’ කියලා සෝෂල් මීඩියාවල මට මඩ පහරවල් ගැහුවා. ඒත් මං වැටුණේ නැහැ.
කලාවෙන් ඈත්වෙලා හිටියේ මට යම් නිර්මාණ ලැබෙන එකට යම් පිරිසක් විසින් අකුල් හෙළපු නිසයි. මම අරගලයට ගියේ මේ රටේ බඩගින්නට අඬන දරුවො නිසයි. අරගලයට අවශ්‍ය කෑම බීම මම ගෙනත් දුන්නේ පිටරටවල ඉන්න මගේ යාළුවන්ගේ උදව් ලැබුණු නිසයි. දේශපාලනයට සහ අරගලයට මැදිවීමෙන් මට අහිමිව ගිය යමක් මිස මා ලැබූ වාසියක් නැහැ. ඒක මගේ හෘද සාක්ෂිය දන්නවා. මට ඒ හොඳටම ඇති.
අරගලයට ගිය එක ගැන අද දුක් වෙනවද?
නැහැ. මම සතුටු වෙනවා එයට යම් මැදිහත් වීමක් දෙන්න ලැබීම ගැන.
නැවතත් ඔබ ක්‍රියාකාරී දේශපාලනයට මැදිවෙනවා කියන අදහසද එහි තියෙන්නේ?
අපොයි නැහැ. දේශපාලනය කියන එක මට තිත්ත වුණා. කලා ක්ෂේත්‍රය තුළ මගේම කියන පිරිස මට කෙනෙහිලිකම් කරනකොට මම තෝරාගත්ත දේශපාලන පක්ෂය තුළින්ද මට කැපිලි කෙටිලි ආවා. ආයේ නම් කිසිම දවසක දේශපාලනයට මැදි වෙන්නේ නැහැ. කලාකරුවකුට දේශපාලනය කොහොමවත් ගැළපෙන්නේ නැහැ. ඔවුන්ට ඕනේ කලාකරුවන්ගේ නම සහ තරු ලකුණ පමණයි. වැඩේ කරගත්තට පස්සේ බොහෝ කලාකරුවන්ට හිමි වන්නේ අපකීර්තිය සහ අහිමිවීම් පමණයි. එයින් වාසි ගෙන සඳළුතලවලට නගින්නේ සීමිත පිරිසක් පමණයි.
හොඳයි, සිත්තැවුල් කලකිරීම් අතහැරලා දාලා අපි යමු ඔබේ නැවත පැමිණීම වෙත. ‘රූම් නම්බර් 106’?
අනිවාර්යයෙන්ම ‘රූම් නම්බර් 106’ ගැන කතාකළ යුතුමයි. නම් ගම් පමණක් මනඃකල්පිත වූ සත්‍ය සිදුවීමක් රැගත් ඒ අපූර්වතම නිර්මාණයෙහි දායිකාවක වෙන්න ලැබීම අප්‍රමාණ සතුටක්.
පුලස්තිගේ විවාහක බිරියගේ චරිතය ඔබට ලැබෙන විට එයට කිසිවකු අකුල් හෙළා තිබුණේ නැද්ද?
ඇයි නැත්තේ? සුරංග අල්විස්ගෙන් මම ඇහුවා. අවුරුදු ගානකට පස්සෙයි මේ මම නිර්මාණයකට දායක වෙන්නේ. මාව ගන්න එපා කියලා කවුරුත් බලපෑමක් කළේ නැද්ද ‘සූ’ කියලා. ඔහු මගේ සමීපතම මිතුරෙක්. මම ඔහුට කතා කරන්නේ ‘සූ’ කියලයි. ඔහු අමුතු හිනාවක් දාලා කිව්වා ‘දමිතා දැන් ඉමේජ් නැහැ. එපා… ෆිල්ම් එක වැටෙයි’ කියලා බොහෝ දෙනා කිව්වලු.
සුරංග අල්විස් එය මායිම් කළේ නැතුවද?
අදටත් අබිරහසක්ව පවතින මේ ගුප්ත කතා පුවත සිනමාවට නගන්න අදහස හිතට එනකොටම සුරංගගේ ඔළුවට පුලස්තිගේ බිරියගේ චරිතය වෙනුවෙන් අසුරුසැණින්ම ආවේ මාවලු. ඔයා අකැමැති වුණා නම් මට මේ චරිතෙට විකල්පයක් නැහැ. ඕනෑවට වැඩිය මහන්සි වෙන්න දෙයක් නැහැ දමිතා. ඔයා තමයි පුලස්තිගේ බිරියට හරියටම හරියන නිළිය. රිලැක්ස් එකේ ඇක්ෂන් කියනකොට වෙනදා වාගෙම රඟනොපා රඟපාපන් කියලා ඔහු මට කිව්වා.
ඔබ ඒ විශ්වාසයට හරියන විදියට සාධාරණයක් කළාද?
අනිවාර්යයෙන්ම මම එය කළා. මට ඒක දැනුණා. හරියටම ඒ හැඟීම ස්ථිර වුණේ මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අසීමිත නිසයි.
සුරංග අල්විස් ඔබට ඇක්ෂන් කියලා කිව්වට සමහර සීන්වලදී ‘කට්’ කියන්න ඔහුට අමතක වුණාලු?
සත්තකින්ම කියනවා නම් ඔහු මට කිව්වා. ඒ තරමටම මම පුලස්තිගේ බිරියට ආරූඪ වුණා. ඔහුට කට් කියන්න හිත හදාගන්න බැරි වුණාලු. සමහර සීන්වලදී සෙට් එකේ හැමෝම තුෂ්ණිම්භූත වෙලා බලා හිටියා. විශේෂයෙන්ම පුලස්ති ඔහුගේ අනියම් පෙම්වතියව මරලා දාලා තමන්ගේ බිරිය හමුවේ පාපෝච්චාරණය කරලා ගෙදරින් පලායන දර්ශනය තුළ මම බොහොම හැඟීම්බර වුණා. ඒ දර්ශනය අවසානයේදී සුරංග මගේ ළඟට ඇවිදින් මම ඔහුට අවශ්‍ය පුලස්තිගේ බිරියව හරි අගේට චිත්‍රපටය වෙනුවෙන් තිළිණ දුන්න බව ප්‍රකාශ කළේ සෙනෙහෙබර වැලඳගැනීමකිනුයි.
ඔබේ නැවත ආගමනය ‘රූම් නම්බර් 106’ වැනි සංකීර්ණ නිර්මාණයකින් එලෙස ආරම්භ වුණා?
අනිවාර්යයෙන්ම. බිමල් ජයකොඩි වැනි ප්‍රවීණයකු සමග එයට සම්බන්ධ වූ අතිදක්ෂ සියලු කලා ශිල්පීන් ඉතා අගනා නිර්මාණයකට සම්බන්ධ වූ සතුට ආත්ම තෘප්තිය අද භුක්ති විඳිනවා. ඒ වගේම නැවත බලපෑම්වලට යට නොවී නැවත මට රංගනයේ දොරටු විවර කර දුන් ‘රූම් නම්බර් 106’ චිත්‍රපටයට දායක වූ සෑම නිර්මාණ ශිල්පියෙකුටම මම ස්තුතිවන්ත වෙනවා.

මල්මි කෞෂල්‍ය

SendShareShare
Previous Post

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

Next Post

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

MORE NEWS

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.