විවාහයක් සඳහා කෙරෙන පොරොන්දම් ගැළපීම් පිළිබඳව ගැඹුරින් විමසා බැලිය යුතුයි. විවාහ දෝෂ 20ක් ඇත. එයින් ප්‍රධානතම දෝෂයක් ලෙස කුජ (අඟහරුගේ) භෞම දෝෂය ගැන විමසීම අනිවාර්ය වේ. කුජ (අඟහරු) කේන්දරයේ 1, 2, 4, 7, 8, 12 තැනක සිටීමෙන් භෞම දෝෂය ඇති බැව් දැක්වේ. මේ අතර මේෂ ලග්නයට කුජ 2 වැන්නේද, මිථුනයට 4 දීද, තුලාවට 8 වැන්නේද, වෘශ්චිකයට 8 වැන්නේද, ධනුවට 7 වැන්නේද, මීනයට 4 හා 7 වැන්නේද අඟහරුගේ භෞම දෝෂය බලපෑම් තිබේ. තවද වෘෂභ, කටක, සිංහ, කන්‍යා, මකර, කුම්භ ලග්නවලට කුජගේ භෞම දෝෂය නොමැත. විවාහ දෝෂ බිඳී යන යෝග තිබේ. කේන්ද්‍ර දෙකෙහිම කුජ ඇත්නම් දෝෂය භංගවේ. බ්‍රහස්පති (ගුරු) ගෙන්ද බිඳේ. අනික් විවාහ දෝෂ 20 මෙවැනි ලිපියකින් විස්තර කිරීමට අපහසුවේ. අපි සෑම විටම කරනුයේ දෙදෙනාගේම උපන් නැකැත් හරහා පොරොන්දම් වන නැකැත ගණ යෝනි, වෘක්ෂ ලිංග නාඩි, පක්ෂ ගෝත්‍ර වර්ණ, රජ්ජු භූත වන 11 වැදෑරුම් පොරොන්දම් පරීක්ෂා කිරීමයි.
නැකැත්වල ලකුණ 3, ගණ 6, යෝනි 4, රාශි 7, රාශ්‍යාධිපති 5, චශ්‍ය 2, වර්ණ 1, නාඩි 8, සම්පූර්ණ ලකුණු 36ක් වේ.
මෙහිදී නැකැත්වලටත් වඩා නාඩි පොරොන්දමට ලකුණු 8ක් දී ඇත. ඊළඟට රාශි 7 නැකැත්වලට ලකුණු 3කි.
මෙම 11 වැදෑරුම් ක්‍රමය අනුව පුද්ගලයකුගේ චරිත ලක්ෂණ, හැදියාව හැසිරීම් රටාව, ශාරීරික, සෞඛ්‍ය, විවාහයට බලපාන ලිංගික ශක්තිය, කාම මෙවුන්දම, පුරුෂ ශුක්‍රාණු හා ස්ත්‍රි ආර්ථවානුවල තත්ත්වය, ගැබ්දරා ගැනීමේ පූර්ණ ශක්තිය, ශීතතාවය හෙවත් (ප්‍රිජටිටි) යෝනි හා ලිංගික දුර්වලකම් පොරොන්දම් 12 හරහා නිරීක්ෂණය කළ නොහැක. ඒ සඳහා පූර්ණ කේන්ද්‍රීය පරීක්ෂාවක් ගැඹුරින් පිරික්සා බැලිය යුතුවේ.
පොරොන්දම් ලකුණුවලින් පමණක් විවාහයක් වීමට හැකි වුවත් අති සාර්ථක විවාහයක් මුළු ජීවිත කාලය තුළම ගෙනයා හැකිද යන්න ගැටලුවකි. උත්තරය නොහැකිය යන්නයි.
අපේ රටේ පවතින සංස්කෘතිකමය ජීවන රටාව අනුව ලිංගික විද්‍යාව ගැන ඍජුවම කතාබහ නොකළ හැක. නමුත් එය අනිවාර්ය කරුණකි. විවාහක එක් කාන්තාවක් දැනට වයස 65 ඉක්මවා ඇත. අගේ විවාහයේ ඇතුළු පැත්තට එබී බලන විටදී මධුසමය දිනයේ සිටම අද දක්වාම කිසිදු දිනයක ඈ යුග දිවියේ කිසිම උපරිම තෘප්තියක් විඳ නොමැත්තේ ඇගේ සැමියා බෙලහීන තත්ත්වයේ සිටීම නිසාය. කොතරම් ප්‍රතිකාර කළත් සාර්ථක වී නැත.
මේ කාරණාව අදටත් නොඉඳුල්ය. දාරක සම්පත් නොමැත. (ඇගේ විවාහය මහා කාන්තාරයකි)
දෙපක්ෂයම මෙවැනි ශාරීරික ව්‍යාධිවලින් පීඩා විඳින බැව් අප කොතෙකුත් අත්දැක ඇත්තෙමු. විකෘති පුද්ගල චරිතද නැත්තේම නොවේ. පත්තර පිටුවකින් එළිදැක්වීමට අපහසු තොරතුරු මහත් රාශියක්ම ඇත්තේය.
නව යොවුන් ඔබ දෙපොළ විවාහ වීමට අදහස් කරන්නේ නම් දෙදෙනාම දැන හැඳිනගෙන රුචි අරුචිකම් වටහාගෙන ජීවිතයේ ඇතුළු පැත්තේ ජීවන හැසිරීම් රටාව සැකයෙන් තොරව දෙදෙනාම හරි හැටි ඇත්තම කරුණු කාරණා මැනවින් වටහා ගැනීම අතිශයින්ම වැදගත්ය.
පොරොන්දම් පරීක්ෂා කරන ජ්‍යොතිෂවේදීන්ද ඉහත සඳහන් කරුණු ගැන වැඩි අවධානයක් යොමුකරීම වැඩදායී වේ. විවාහ වන්නට සූදානම් වන දෙදෙනාම ඉක්මන් නොවී තම ජ්‍යොතිෂවේදියාට කාලයක් ඉඩදී නිවී සැනසිල්ලේ කේන්දර දෙකෙහිම ග්‍රහ හැසිරීම් රටාව ගැන හරි හැටි අවබෝධයක් ලබාගැනීම වැදගත්ය.
බුද්ධිමත් ජ්‍යොතිෂවේදියා මුදල් පසුපස දුවන කපුටෙකු නොවේ. බොහෝ විට ජ්‍යොතිීෂවේදීන්ටද අවශ්‍ය වනුයේ ඔවුන්ගේ අවශ්‍යතාවය පමණක්ම ඉටුකර ගැනීමටයි. අපේ උගත්, ප්‍රවීණ ජ්‍යොතිෂවේදියා යන තුන්කල් දක්නා අයකු විය යුතුය.
දැන් සිදුවන්නේ අද විවාහ වී හෙට දික්කසාදයට යෑමයි. මෙය මෝස්තර නව රැල්ලක් බවට පත්වී ඇති බැව්ද පැහැදිලිය. අවිවාහක එක් පිරිමියකුට අවිවාහක කාන්තාවන් 6කට ආසන්න ප්‍රමාණයක් සිටින අපේ රටේ අනාගතයේදී මේ විදිහට ගියොත් පිරිමි ආනනය කිරීමකට සිදුවිය හැකි දිනය ඈත නොවේ.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











