රූපයට වශීවූ අයකු හා ඇතිකරගන්නා පෙම් සබඳකමක් එක දිගටම පවත්වාගෙන යෑමට අපහසුවේ. ඒ රූපය ක්‍රමයෙන් වෙනස් වන හෙයිනි.
එසේම දෙදෙනා එකකු නොව දෙදෙනකු බව සිහි තබාගත යුතුයි. සිතුම් පැතුම් සමවේ නම් වෙනත් දැන උගත්කම් හා ආර්ථික පසුබිම යහපත් නම් රූමතියක් හා කඩවසම් පුරුෂයකු සමඟ ඇතිකර ගන්නා සබඳතාවය කාලයක් පවතිනු ඇත.
රුවට වශී වන අයගේ වශියෙන් මිදීම කාලය ගෙවී යෑමත් සමඟ සිදුවන්නකි. පෙම් සබඳතාවයක් නිරන්තරයෙන්ම එකම අයුරින් බිඳී නොයනු ඇත. එකම හේතුවක් මත සැවොම වෙන්වන්නේද නැත. දෙදෙනකු එකවර වෙනස් වීමට සිතන්නේද කලාතුරකිනි. ප්‍රේම සබඳතාවය බිඳවැටීම උහුලා ගැනීමට නොහැකි වන්නේ එයට කලින් සූදානමක් නොතිබූ කෙනාටය.
ප්‍රේමය රසායනික ක්රියාදාමයකින් උපත ලබයි. සබඳතාව බිඳවැටීමෙන් පසු ඇතිවන චිත්ත පීඩාවට මූලිකම හේතුවක් තිබේ.
ආදරයෙන් මුසපත් වූ අයකුගේ මොළය තුළින් පෙනිලිතයිමින් :ඡයැබහකැරඑයහක්පසබැ* නමැති රසායනික දියරයක් ගලායයි. මෙය මානසික වශයෙන් කෙනකුට හොඳ සිහි බුද්ධියෙන් හා ශාරීරික වශයෙන් මනා ශක්තියක් වර්ධනය කර ගැනීමට දෙනු ලබන පෙති වර්ගයට සමානය.
ප්‍රේමය බිඳවැටුණ විට අයකු සිහිබුද්ධියෙන් හා ශාරීරික දුබලතාවයෙන් පෙළෙන්නේ එවිට පෙර කී පෙනිලිතයිලමින් වහනය වීම නතර වන හෙයිනි. සමහර අය ජීවිත ආසාව පවා අතහරින්නේ එබැවිනි.
ආදරය හිටි හැටියේ අහිමි වූ හෝ අනපේක්ෂිතව ප්‍රේමය බිඳවැටීම නිසා දුකට පත් සමහරු චොකලට් කෑමට කෑදර වෙති. හේතුව නම් චොකලට්වල (පෙනිලිතයිමින්) බහුලව තිබීම නිසාය.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











