ගෝලීය සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා ලබාදෙන සහයෝගය තව දුරටත් වේගවත් කරමින් සම්පත් බැංකුව සිය ‘අරඹමු ශ්‍රී ලංකා’ ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර සංවර්ධනය සඳහා විශේෂ ණය සහ රන් ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇත. පොලී අනුපාතයන් තනි ඉලක්කමක පවත්වා ගනිමින් 9%ක පොලී අනුපාතයක් යටතේ මෙම ණය පහසුකම් ලබාදීමට මෙහිදී සම්පත් බැංකුව කටයුතු කර තිබීම විශේෂත්වයකි.
සම්පත් බැංකුව විසින් ලබා දෙන සම්පත් දිරිය ණය පහසුකම්ද 9%ක පොලී අනුපාතයක් මත ‘අරඹමු ශ්‍රී ලංකා’ ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර සංවර්ධන විශේෂ ණය පහසුකමක් ලෙස ලබා ගැනීමට හැකියාව ඇත. එහිදී ප්‍රාග්ධන ණය සඳහා මාස 120ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක්ද, කාරක ප්‍රාග්ධන ණය සඳහා මාස 60ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක්දහිමි වනු ඇත. ආර්ථික අවදානම් තත්ත්වයක් යටතේ මෙම කාල සීමාව ජය ගැනීමට වෙර දරන මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයන්ට කෙටි හා මධ්‍ය කාලීන ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට සහාය වීම මෙම වැඩසටහනෙහි අරමුණයි. ඉදිරි ණය පියවීම් සඳහා අය කරන ගාස්තු සහ සැකසුම් ගාස්තු මෙම ණය පහසුකම් ලබාදීමේදී බැංකුව විසින් අය නොකරන අතර ගනුදෙනුකරුවන්ට ප්‍රාග්ධන ණය සඳහා මාස 12ක ණය සහන කාලයක්ද, කාරක ප්‍රාග්ධන ණය සඳහා මාස 6ක ණය සහන කාලයක්ද ඉල්ලුම් කළ හැකිය.











