• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දරුපල හිමිකරවන මන්ත්‍ර දෙකක්

September 10, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

විවාහයෙන් පසුව සියලුම දෙනා බලාපොරොත්තු වන්නේ දරු සිඟිත්තෙක් පවුලට එකතු කරගෙන සතුටෙන් ජීවත් වන්න. එය එසේ වුවත් දරුවන් නැතිව දුකින් ළතැවෙන විවාහක පිරිස කොතරම් අප රට තුළ සිටිනවාද?
එයට සහනයක් ලබාදීමේ සුපිරිසුදු අරමුණින් සැමියාගෙන්, නැන්දම්මාගෙන්, නෑදෑයන්ගෙන්, මිත්‍රයන්ගෙන්, අසල්වැසියන්ගෙන් දරුවන් නොමැති නිසාම ගැරහුම් ලබන කාන්තාවන්ට පිහිටක් වේවා යන සිතුවිල්ල පෙරදැරිව සකස්කර ඉදිරිපත් කරන ලදී.

පුවපල් නැකැත පවතින දිනයක උදේ 6ත් – 7ත් අතර කතා නොකර ගොස් හොඳින් පල හැදෙන අඹ ගසක නැඟෙනහිරත්, උතුරත් අතර ඇති අඹ මුල් ගලවාගෙන හොඳින් පිරිසුදුවට වේලා කුඩුකර රැගෙන මේස හැන්දක් වතුර නොදැමූ එළකිරි හෝ එළුකිරි කාලකට දමා සූකිරිද මේස හැන්දක් සමඟින් හොඳින් කලවම් කර උදේම හිස්බඩ බොන්න. දරුවන් ස්ථීරවම ලැබෙන්නේය. මාසික ඔසප් දිනයෙන් දින 3කට පසු සිට පානය කරන්න. සරු දින 14 තුළ අටවක රිට්ටා අමාවක අඟහාරුවාදා පසළොස්වක දිනවල දහවල් 12ට, සවස 6ට, උදේ 6ට සහ රාත්‍රී 12ට දෙදෙනාම මනස හා සිරුර ඉතාම පිරිසුදුව තබා ගනිමින් කායිකව එක්වීම යහපත් දරුවන් ලැබීමට හේතු වන්නේය.

මෙම ඉහත සඳහන් අයුරින් කායිකව එක් වන්නට පෙර දින 3ක් බෝධි පූජාවක් තැබීමට පිරිසුදුව, නොයිඳුල්ව එළකිරිවලින් සාදන ලද කිරිබත් කෑලි 9ක් කැමති අයුරින් මල්පැන්, ගිලන්පස, දැහැත්, හඳුන්කූරු රැගෙන ගොස් බෝධිය වටේ ඇමද පිරිසුදු කර උදේ 3ත් – 4ත් අතර තැබූ පූජා සියල්ල බුදුපියාණන්ට තමා දන්නා අයුරින් ගාථා කියා පූජාකොට හැකිනම් ධජග්ග පිරිතද කියා සියලු දෙවියන්ට පින් පමුණුවා මෙසේ ඇයද සිටින්න.
“මෙම බෝධි වෘක්‍ෂයට අරක්ගෙන මනුසත් කයක් ලැබීමට බලාපොරොත්තුවෙන් පැමණ සිටින යම් දේවතාවියක් හෝ දේවතාවෙක් සිටින්නේ නම් මම එම දේවතාවියට හෝ දේවතාවාට ඉතාම සතුටින් මවක් වන්නට කැමති බැවින් මාගේ කුසේ පිළිසිඳ ගන්නා මෙන් පින් දීමෙන් යුතුව ආරාධනා කරන්නෙමි” යනුවෙන් ශබ්ද නඟා බෝධිය දෙසට නෙත් යොමා 7 වරක් කියන්න. මෙසේ එක දගටම දින 3ක් කරන්න. එසේම දෙදෙනාම පූජාවට යනවා නම් ඉතාම යහපත් වෙයි. සැමියාටද පෙර සඳහන් පරිදි පියකු වන බවට දෙවියන්ට ආරාධනා කරනවා නම් ඉතාම යහපත් පල අත්වන්නේය.

එලෙසම දෙදෙනා කායිකව එක් වන්නට පෙර බෝධිය ළඟදී කළ ආරාධනාව නැවත සිහිගන්වමින් පෙර සඳහන් කළ වේලාවන් තුළ කායිකව එක්වන්න.
නිතරම මට දරුවකු ලැබෙනවාමයි කියා ධනාත්මකව සිතන්න. දරුවකුගේ රූපය සිත තුළ මවාගන්න. ලැබෙන දරුවාට තබන්න ලස්සන නමක් සිතේ ලියාගන්න. දරුවාට අන්දවන ඇඳුම් – පැලඳුම් නිර්මාණ සිතින් මවන්න. දිගින් දිගටම එසේ කරද්දී ඔබගේ අහිංසක පැතුම තිසරණ සරණින් සැම දෙවි පිහිටෙන් ඉටුවන්නේමය.

ඍග්වේදයේ මන්ත්‍ර දෙකක් බිරියට සහ සැමියාට පහත සඳහන් කරන අතර, එය ඉතාමත් භක්තියෙන් දෙදෙනාම ඉතා පිරිසුදු සිතින් යුතුව කියවුවහොත් නිසැකවම ඉතා සුපින්වත් දරුවන් ලබන්නේය.
සැමියා කියැවිය යුතු මන්ත්‍රය
ඕම් පරං බ්‍රහ්ම පරමාත් මනේ (——-)
ගර්භේ දීර්ඝ ජීවී සුතං
කුරු කුරු ස්වාහා
(හිස්තැනට බිරියගේ නම කියන්න)

දිනකට 108 වරක් වරහන් තුළට බිරියගේ නම කියා මන්ත්‍රය කියන්න. රහ මෙර හා ගව සූකර මාංසවලින් වැළකී දිනපතා රාත්‍රී කියවන්න.
බිරිය කියැවිය යුතු මන්ත්‍රය
මනෝ මහාන්ත මෘත මානො
අර් භකං මාන උක්ෂන්ත මෘත මානා උක්ෂිතං
මනෝවධිඃ පිතරං මොන මාතරං
ප්‍රියාමා නස්තනුවෝ රුද්‍ර රිරීෂඃ

දිනකට 16 වරක් ගව සූකර මාංසවලින් වැළකී දිනපතා රාත්‍රී කියවන්න.
ඉහත සඳහන් දෑ කරන කාලය තුළම ඉතා හොඳින් සුබ ගණ පිහිටුවා ශ්‍රී විෂ්ණු කතරගම දෙවියන්ට ඔබ දෙදෙනාගේ උපන් ලග්නයට හා නැකැතට අනුව නිවැරැදි ගණ පිහිටුවා සෙත්කවි දෙකක් කියැවීමද කළහොත් තවත් ඉක්මනින් දරුපල ලබන්නට වාසනාව හිමිවන්නේ ඔබත් පුදුම කරමිනි.
ආචාර්ය ජී.ජී. කේමන් කුලසිරි

SendShareShare
Previous Post

රනිල් ‘ෆ්‍රී’ නැතිලු: 5ට තිබූ රැස්වීම 9ට කල් යයි

Next Post

ගමන් බිමන් පහසු කරන්න ශ්‍රී දේවියි, පුලතිසි රැජිනයි එනවා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.