අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර අද (10) සවස 5ට පැවැත්වීමට තිබූ මුහුණට මුහුණ රැස්වීම රාත්‍රී 9.00 දක්වා කල් දැමීමට අගමැතිවරයා කටයුතු කොට ඇත.
අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු අගමැතිවරයා මුණගැසී ඇති සජිත් ප්‍රේමදාස මහතා තමන් දැන් ‘ෆ්‍රී’ බවත්, හමුවී සාකච්ජා පැවැත්විය හැකි බවත් දැනුම් දී තිබේ.
නමුත් අගමැතිවරයා එහිදී සජිත්ට පවසා ඇත්තේ තමන් යොදාගෙන ඇති අත්‍යවශ්‍ය නිල රාජකාරී කිහිපයක් හේතුවෙන් ‘ෆ්‍රීී’ නැති බවත්, රාත්‍රී 9.00ට තමන් මුණ ගැසීමට පැමිණෙන ලෙසත්ය.