• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ගමන් බිමන් පහසු කරන්න ශ්‍රී දේවියි, පුලතිසි රැජිනයි එනවා

September 19, 2019
in Holiday
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

අපේ රටේ කෝච්චි නියම වෙලාවට එන්නෙ නැහැනේ. ඒ වගේම අපිට ඕනෙ වෙලාවට කෝච්චි ඇත්තෙත් නැහැ. අනෙක් එක අපේ කෝච්චි ඔක්කොම පරණයි. ලංකාවේ දුම්රිය සේවය ගැන කතාකරද්දි අහන්න ලැබෙන චෝදනා ටිකක් තමයි ඒ. ඒ මොන දේ වුණත් ඉක්මනට ගමනක් යන්න නම් දුම්රිය සේවය තරම් දෙයක් නැහැ. අපේ රටේ දුම්රිය සේවය දියුණු වෙනවා නම් කොච්චර හොඳද කියලා අපේ රටේ මිනිස්සු කියන්නේ ඒකයි.

හැමදාම නරකම කියන අපේ දුම්රිය සේවය ගැන සුබාරංචියක් තමයි මේ කියන්න හදන්නේ. ලංකාවේ දුම්රිය සේවයට පහුගිය දවස් ටිකේදි අලුත් බලවේග කට්ටල කිහිපයක් එකතු වුණා. ඒ එක්කම එම බලවේග කට්ටල යොදවලා නව දුම්රිය ගමන් වාර කිහිපයක් ආරම්භ කරන්නත් දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා.

මෙච්චර දවසක් වවුනියාව දක්වා ගමන් කරපු නගරාන්තර දුම්රිය කන්කසන්තුරය දක්වා දීර්ඝ කිරීම තමයි ඒ විදියට කරපු පළමුවැනි වෙනස්කම. කන්කසන්තුරයට දීර්ඝකිරීම විතරක් නෙවෙයි, ඒ සඳහා ඉන්දියාවෙන් අලුතින්ම ආනයනය කළ ී13 පන්තියේ බලවේග කට්ටල ද්විත්වයක් යොදන්නත් දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. පසුගිය 05 වැනිදා ඇරැඹුණු එම නව දුම්රිය සඳහා යොදලා තියෙන නම තමයි “ශ්‍රීදේවී”. ඒ අනුව කොළඹ කොටුවෙන් හවස 03.55ට පිටත්වන ශ්‍රීදේවී රාත්‍රී 10.16ට කන්කසන්තුරයට ළඟාවෙන්න නියමිතයි.

ඊට අමතරව නුදුරේදීම කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා රාත්‍රී දුම්රියක් යොදවන්නත් තීරණය කරලා තියෙනවා. ඒ සඳහා යොදාගන්නෙත් ී13 බලවේග කට්ටලයක් කියලයි ආරංචි. සවස 03.10ට කොළඹ කොටුවෙන් පිටත් වන එම දුම්රිය රාත්‍රී 08ට පොළොන්නරුවට ගිහින් නැවත පාන්දර 02ට කොළඹ කොටුව බලා පිටත්වීමට නියමිත වෙලා තියෙනවා කියලයි ආරංචි. අද හෙටම ධාවනය ආරම්භ වන එම දුම්රියට පුලස්ති රැජින ලෙස නම් තබන්නටත් තීරණය වෙලා තියෙනවා.

ඒ වගේම කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් අලුත් දුම්රියක් ළඟදීම ආරම්භ වෙන්න නියමිතයි. කොළඹ කොටුවෙන් උදෑසන 07.10ට පිටත් වන එම දුම්රිය සඳහා චීනයෙන් ආනයනය කළ ී14 පන්තියේ බලවේග කට්ටලයක් යොදාගන්න නියමිතයි. උඩරට මාර්ගයේ ගමන් කරන්නේ මැණිකෙලා. ඒ හින්දා මේ අලුත් දුම්රියටත් මැණිකේ කෙනකුගේ නමක් ලැබේවි. ඒත් ඒක මොකක්ද කියන්න නම් තාම දන්නේ නැහැ.

මේ අතරේ කොළඹ කොටුවෙන් සවස 03.10ට බෙලිඅත්ත දක්වා නව නගරාන්තර දුම්රියක් ආරම්භ කරන්නත් සැලසුම් කරලා තියෙනවා.
අලුත් ගමන් වාර මේ විදියට ආරම්භ වෙද්දී හැමෝම දන්න ගාලු කුමාරී දුම්රියටත් අලුත් ද්විත්ව බලවේග කට්ටලයක් යොදවන්න පසුගිය මාසයේදී දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ හින්ද දැන් ඉස්සර වගේ හිරවෙන්නේ නැතුව සැප පහසුවට ගාලු කුමාරි එක්ක ගමන් බිමන් යන්න පුළුවන්.

SendShareShare
Previous Post

දරුපල හිමිකරවන මන්ත්‍ර දෙකක්

Next Post

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හතරවැනි වෛද්‍ය කඳවුර කුරුණෑගලට

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සතුන්ට ආදරය කරන අයකු ලෙස මෙවැනි දැවැන්ත සුරතල් සතුන්ගේ සැණකෙළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවත් සතුන්ට ආදරය කිරීම පුද්ගලයකු සතු...

Read more
Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.