• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගෙවල් කඩ කඩා හැදිල්ල දැන්වත් නවත්වන්න

February 27, 2021
in Astrology
Reading Time: 1 min read
A A
ගෙවල් කඩ කඩා හැදිල්ල දැන්වත් නවත්වන්න
Share on WhatsAppShare on Facebook

ගෙබිමක් තෝරා ගැනීම සහ ගෘහ නිර්මාණය වාස්තු ශිල්පයේ ප්‍රධාන අංගයන්ය. ජලය, වාතය, හිරුඑළිය ජීවියකුගේ පැවැත්ම සඳහා හිතකරව අවශ්‍ය වෙයි. අතීතයේ රාජධානියක් තුළ රජ මාලිගය ජලතටාක, අන්තඃපුර, විශ්‍රාමශාලා, වන උයන් සියල්ල නිර්මාණය වූයේ සැලැසුමක් අනුවයි. වාස්තු විද්‍යාව යනු ආසියාතික රටවල්වලට පමණක් ආවේණික ශිල්පයක් නොවන බව විමසීමේදී පැහැදිලිය.

නිවෙසක් යනු මවුපිය යුවළකගේ සහ දරුවන්ගේ සාමකාමී නිදහස් වාසස්ථානයයි. ගුණගරුක හදවත් ඇත්ත වුන් පිරි නිවහන දෙව්ලොවකි. රෝගී හෝ දුර්ගුණ පිරි වාසභූමිය අපායකි. නිරෝගීකම සම්පතකි. රජෙක් වුවද ලෙඩෙක් නම් රජකමෙන් පලක් නැත යන්න පැරැණි කියමනකි.

හිරුඑළිය සහ වාතය මිනිසාගේ පැවැත්මට උපකාර කරයි. ජීවය සපයයි. ජලය දිවිය ආරක්ෂා කරවයි. මෙම පහසුකම් සපිරි බිම මිනිස් වාසයට සුදුසුය. වාසයේ සැලැසුමට භූමියේ දිසා, අනු දිසා පිළිබඳවද සැලකිලිමත් වීම අවශ්‍ය වෙයි. එයට පරිබාහිරව භූමි දෝෂ පිළිබඳවද අවධානය වැදගත්ය. සොහොන්පිටි, වගුරු බිම්, බෑවුම් සහ අනතුරුදායක ස්ථානද මිනිස් වාසයට නොගැළපෙයි. බහිරව දෝෂද නිවහනක පැවැත්මට අහිතකරයි. අග්නි පුරාණයේ සඳහන් පරිදි ශ්‍රියාකාන්තාව හෙවත් ලක්ෂ්මි දේවිය බෙලිගස, කෙසෙල් මල, කන්‍යාව, කුංජරය, තෝමරය, පටපිළිය සහ පියකරු නිවහනට වඩින්නේ යැයි මතයකි. නිවෙසක් පියකරු වන්නේ නිවැසියන්ගේ යහපත් පැවැත්ම තුළය. නිවහන යහපත් පැවැත්මටත්, යහපත් පැවැත්ම නිවහනටත් යහපතම සලසයි.

වර්තමානයේ ඉතා කුඩා බිම් කඩෙක ගොඩනැඟෙන නිවෙස තුළ විද්‍යාත්මක සහ පාරම්පරික වාස්තු රීතීන් අනුගත කළ හැකිද? එය බලවත් පැනයකි. නිවෙස වටා බැඳි තාප්පය වාතාශ්‍රය වළකාලයි. භූමියේ මුහුණත අනුව නිවෙසේ යහපත් දිශා අනුගතයට කඩුලු බඳියි. ළිඳ, වැසිකිළිය සුදුසු පරිදි ස්ථානගත කිරීම අපහසුය. තාප්පය නිවෙසේ බිත්තියක් වීමෙන් ප්‍රේත පාදය නිවෙසේ ඇතුළට පැමිණ ඇත. නිවෙසේ බ්‍රහ්මපාදය දෙපයට පෑගෙයි. උඩු මහලට ඇති පඩිපෙළ වාමාවෘතවය. සියල්ල වාස්තු විද්‍යාවට අනුව ගැටලු රැසක පෙරනිමිත්තකි. කළ යුත්තේ වෙනසය. අයහපත් දැකීම යහපතට හැරවීමය. ඒ සඳහා කැඩීම්, බිඳීම්, වෙනස් කිරීම් නිවෙස්හිමියා අසරණ කිරීමකි. රටට ණයකරුවකු වී කඩා බිඳ සැකසූ වාස්තු කටයුතු තුළින් යහපතක් නොදුටු පිරිස අපමණය.

මේ අයුරින් නිවැසියා තමන් නැවත සකස් කළ නිවෙස වාස්තුවේදීන් දසදෙනකුට පෙන්වුවද ඔවුන් පවසන්නේ පෙර සැකසූ යහපතෙහි අයහපතය. අඩුපාඩුය. මෙලෙස කඩාබිඳ සැකසීම තුළ නිවෙස සම්පූර්ණයෙන්ම කඩා නව නිවෙසක් සාදා ගැනීමට හැකිය. නිවැසියා කායික, මානසික පිරිහීමට පත්කරවන එවැනි අල්ප වූ වාස්තුවේදීන්ද යහපත් වාස්තුවේදීන් අතර ඇත. අයහපත් වෙනස් කිරීමෙන් ගැටලු උග්‍ර වෙයි.

නිවෙසකටද පොරොන්දම් පරීක්ෂාවක් ඇත. එය නිවෙසේ වර්ගඵලය අනුව සැකසෙයි. නිවෙස නොගැළපෙන්නේ ගෘහ මූලිකයාට විය හැකිය. නිවෙසේ නැකැත සොයා එම නැකැත අනුව බිරිය හෝ දරුවකුගේ නැකැත් සීහුමකට නැවත වර්ගීකරණය කොට එම ගෘහ මූලිකත්වය නිවෙසට යහපත් කළ හැකිය.

බහිරව පූජා ආදියද ඉතා සරලව, සුළු මුදලක් වැය කිරීමෙන් කළ හැකිය. දුටු සැණින් කඩාබිඳ දැමීම් නිර්දේශ කිරීම යහපත් වාස්තු ශිල්පියකුගේ පැවැත්ම නොවේ. කඩා බිඳ දැමීමෙන් තොරව දෝෂභංග කළ හැකි පාරම්පරික ක්‍රමවේදයන් රැසකි.

දකුණ, ගිනිකොන, වයඹ, නිරිත දිසා ළිඳ සඳහා අයහපත් වුවද ළිඳ ප්‍රධාන ද්වාරයට නොපෙනේ නම් එම දෝෂය පහවී යයි.

පඩිපෙළ දෝෂයට කොහොඹ ලී පඩිපෙළට එක් කිරීමෙන් දෝෂ භංග වෙයි. නිවෙසෙහි ඉදිරිපස අන්නාසි, අරලිය, රත්මල්, කෙසෙල් නිවෙසට කරදර, බාධක ගෙනදෙයි.

නිවෙස ඉදිරිපස සුදු මල් බහුල වීමද කළු වර්ණය නිවෙස තුළ බලවත් වීමද නිවැසියනට අහිතකරය.

නිවහන දෝෂසහගත වීම, කඩාබිඳ දැමීම, විකිණීම, හැරයෑම වැනි විකල්පයනට හේතුවක් නොවේ.

කඩාබිඳ දැමීම්වලට යොමුකරවන්නා වාස්තු ශිල්පියකු නොවේ. නිතරම වාස්තු දෝෂ දකින පෙන්වන හිතවතාද, ඥාතියාද නිවැරැදි වාස්තු ශිල්පියකු නොවේ. සේවාදායකයාගේ වියදමත්, කාලයත්, රහසේ විනාශ කරන්නාගේ ශිල්පය කුමක්ද?
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

මම තවම බීජයක් විතරයි

Next Post

මේ රාජපක්ෂලා රැකිය යුතු වෙලාවයි (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.