• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ රාජපක්ෂලා රැකිය යුතු වෙලාවයි (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

February 27, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
මේ රාජපක්ෂලා රැකිය යුතු වෙලාවයි (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ හිටපු මහකොමසාරිස්වරුන් තිදෙනෙක් වාර්තාවක් නිකුත් කොට තිබිණ. ඉන් එක් අයෙක් වන්නේ ලුවිස් ආබර්ය. දෙවැන්නා වන්නේ නවනීදන්පිල්ලේය. තුන්වැන්නා සෙයිඩ් රාද් අල් හුසේන් කුමරුය. මේ තුන්දෙනාම සිය වාර්තාව මගින් කියා තිබුණේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම මුල්කරගෙන ශ්‍රී ලංකා රජයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු යැයි කියාය.

“මේ තුන්දෙනාම එක පාරටම මතුවෙලා මේ වෙලාවේ ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කළේ ඇයි”

“පහුගිය කාලෙ මේ තුන්දෙනා කොහෙද හිටියෙ”

ආබර්, නවනීදන්පිල්ලේ සහ අල් හුසේන් කුමරු ඉදිරිපත් කරපු ඒ වාර්තාව ගැන හොයා බලන්න කලින් හිටි හැටියේම මේ තුන්දෙනා කරළියට ඇවිත් ලංකාවට එරෙහිව චෝදනා ඉදිරිපත් කළේ ඇයි කියා සොයා බලන්න උවමනාය.
2015 ජනාධිපතිවරණයෙන් මහින්ද පරාද වෙලා මැදමුලනට ගියාට පසු මේ තුන්දෙනා ලෝකේ ඉන්නෙ කොහේ කියාදවත් සොයා ගැනීමට කාටවත් නොහැකි විය. ඒ තුන්දෙනාම තමන්ගේ ධුර කාල අවසන් කොට විශ්‍රාම සුවයෙන් නිදහසේ කල් ගත කරන ආකාරයක් දැකගත හැකි විය. ඒ කාලයේදී මේ තුන්දෙනාම ලංකාවේ මානව හිමිකම් ගැන වචනයක්වත් කතාකොට තිබුණේ නැත.

“එහෙම හිටපු තුන්දෙනාට එකපාරටම කොහොමද දැන් ලංකාවේ මානව හිමිකම් මතක් වුණේ”

ඒකට එක හේතුවක් තිබේ. මහින්ද යුද්දෙ කරන් යද්දි ඒ යුද්ධය නවත්වන්න කියා මහින්දගේ ආණ්ඩුවට එවකදී ලුවිස් ආබර් දැඩි ලෙස බලපෑම් එල්ල කළාය. ඒ වෙලාවේ ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරිය ලෙස කටයුතු කළේ ආබර්ය. ආබර් ඒ තනතුරට පත්වුණේත් මහින්ද යුද්ධය කරමින් සිටියදීය.

“යුද්ධෙ මේ විදිහට දිගටම ගියොත් ලක්ෂ ගාණක් සිවිල් වැසියො මැරෙන්න පුළුවන්. ඒක නිසා වහාම යුද්ධය නවත්වන්න”

ආබර් එදා ජාත්‍යන්තරයත් එකතුකොටගෙන යුද්ධෙ නවත්වන්න මහින්දට ඒ විදිහට දැඩි බලපෑම් එල්ල කළාය.
හැබැයි මහින්ද මේ ආබර් කියපු කතාව සත පහකට ගණන් ගත්තේ නැත. බය නැතිව යුද්ධය ඉදිරියට කරගෙන ගියේය.
මේ විදිහට මහින්ද යුද්ධය කරල දින්නාට පසු ජිනීවා මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරිය ලෙස අලුතෙන් පත්වී ආවේ නවනීදන්පිල්ලේය. මහින්ද යුද්ධය දිනලා සැනසීමෙන් සිටියත් නවනීදන්පිල්ලේ මහින්දට සැනසිල්ලේ ඉන්නට දුන්නේ නැත. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ලංකාවට එරෙහිව ජිනීවාහි යුද අපරාධ චෝදනාවක් සම්මත කර ගත්තේ මේ නවනීදන්පිල්ලේගේ කාලයේදීය.

නවනීදන්පිල්ලේට පසු ජිනීවා මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයා ලෙස පත්වුණේ සෙයිඩ් රාද් අල් හුසේන් කුමරුය. එවකදී මැදපෙරදිග මුස්ලිම් රටවල් ලංකා රජයත් සමඟ සහ මහින්ද සමඟ ඉතා සමීප සබඳතා පවත්වාගෙන යෑම නිසා බොහෝ දෙනා සිතුවේ මුස්ලිම් ජාතිකයකු මහකොමසාරිස් ලෙස පත්වීමෙන් අනතුරුව ලංකාවට සැනසිල්ලේ ඉන්න ලැබේ යැයි කියාය. හැබැයි මුස්ලිම් ජාතිකයකු වුවත් හුසේන් කුමරු ගියේත් ආබර්ලා, නවනීදන්පිල්ලේලා ගිය පාරේමය. හුසේන්ගේ කාලයේත් ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට යෝජනා ගෙනැවිත් සම්මත කරගත්තේය.

ඒ කාලයේ මේ අය පෙන්නුවේ මහින්ද දිගටම බලයේ හිටියොත් ලංකාවට සම්බාධක පනවනවා යැයි කියාය. ලංකාවේ වැසියන්ට ලෝකෙ කිසිම රටකට යන්න බැරි වෙයි කියාය. රාජපක්ෂලා ගෙදර යැව්වොත් සම්බාධක පනවන්නේ නැති බවත්, ලාංකිකයන්ට බටහිර ඇතුළු ලෝකයේ ඕනෑම රටකට නිදහසේ ගමන් බිමන් යා හැකි බවත්, ඔවුහු එදා චිත්‍රයක් මවා පෙන්වූවා. ඔවුන්ගේ මේ කතාව එකල සුළුතර සිංහල ජනතාවක් විශාවාස කළහ. ඒ සුළුතරයත් සමඟ උතුරේ ජනතාවගේ ඡන්දයෙන් මහින්දව ගෙදර යැවීමට ඔවුහු කටයුතු කළහ.

2015 මහින්දගේ පරාජයත් සමඟ මහින්දව ගෙදර යවන්න පැය 24ම වැඩ කළ ආබර්ලා, නවනීදන්පිල්ලෙලා, හුසේන්ලා කකුල් උඩ තියාගෙන ෂැම්පේන් බිව්වාට කිසිදු සැකයක් නැත. ඒ අය හිතුවේ දැන් රාජපක්ෂලා ඉවරෙටම ඉවරයි කියාය. ඒ නිසා තමන්ගේද ජොබ් එක ඉවර බව ඔවුහු සිතූහ.

හැබැයි රාජපක්ෂලා ඉවර කරන්න ආබර්ලාට, නවනීදන්පිල්ලෙලාට, හුසේන්ලාට නොහැකි විය. අවුරුදු පහක් ඇතුළත මේ අය කරපු බොරුව රටේ ජනතාව වටහාගත්හ. රටේ ජනතාව දෝලාවේ තියන් යළිත් වතාවක් රාජක්ෂලා 2019යේදී එළියට අරන් ආවේ 2015 තමන්ගේ අතින් වෙච්ච අත්වැරැද්ද හරිගස්සගෙනය. එහිදී ගෝඨාභය ජනාධිපති කළා පමණක් නොව තුනෙන් දෙකේ අති බහුතර බලයකින් මහින්දව යළි අගමැති කරවීමටද ජනතාව පියවර ගත්හ.

2015 තමන්ගේ ජොබ් එක ඉවර යැයි සිතා කකුල් උඩ තියාගෙන සිටි ආබර්ලා, නවනීදන්පිල්ලෙලා, හුසේන්ලා දැන් ආයෙමත් නින්දෙන් ඇහැරිලාක් මෙන් කතා කරන්නේ ඒ නිසාය. වාර්තා නිකුත් කරන්නේ ඒ නිසාය. රාජපක්ෂලා දඬුකඳේ ගහන්න ඕනෑ යැයි කියන්නේ ඒ නිසාය.

මේ වනවිට ජිනීවා මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ ඉටු කරන්නේද මේ තුන්දෙනා කරගෙන ගිය කොන්ත්‍රාත්තුවේම ඉතිරි ටිකය.

මේ අය මේ කරන්නේ රාජපක්ෂලා ඉවර කරන කුමන්ත්‍රණයක් මිස වෙන කිසිවක් නොවේ. මොවුන්ට මානව හිමිකම්වලින් වැඩක් නැත. පසුගිය 2015 – 2019 අවුරුදු පහේත්, මෛත්‍රි – රනිල් ආණ්ඩුවෙනුත් මානව හිමිකම්වලට කළ දෙයක් නැත. ඒ අවුරුදු පහේ ගොරොද්ද ඇද ඇද නිදාගෙන හිටි මේ තුන්දෙනා දැන් ආයෙමත් රඟන්න අරන් තියෙන්නේ රාජපක්ෂලා බලයට පැමිණීමේ කේන්තියෙන්ය.

ඒ නිසා දැන් මේ රටේ සිටින ජාතික බලවේග යැයි කියාගන්නා පිරිස්වලටද විශාල කාර්යභාරයක් තිබේ. ඒ ආණ්ඩුව ඇතුළේ පොඩි පොඩි දේවල්වලට ප්‍රශ්න හදාගෙන ඒවා පස්සේ පන්නනවා වෙනුවට රාජපක්ෂවරුන්ට එරෙහිව ජිනීවාවලින් එන පිල්ලිවලින් රාජපක්ෂලා ආරක්ෂා කර ගැනීමට පවුරක් වශයෙන් පෙනී සිටීමය. එහෙම කළොත් මේ පිල්ලි පරද්දන්නට පුළුවන. එහෙම නොකොළොත් වෙන්නේ 2015 කරපු වැරැද්දම 2024දීත් කරගැනීමය.

විජයසිරි ගම්ලත්

SendShareShare
Previous Post

ගෙවල් කඩ කඩා හැදිල්ල දැන්වත් නවත්වන්න

Next Post

එන්න එන්න තරුණ වෙන කොරින්ගේ රහස

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.