• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කේන්දර බලන සහ බලවන අය

February 4, 2020
in Astrology
Reading Time: 1 min read
A A
කේන්දර බලන සහ බලවන අය
Share on WhatsAppShare on Facebook

දරුවකු මෙලොව උපත ලබා හඬන මොහොතේදී අහස් සිතියමේ ග්‍රහ හැසිරීම් භ්‍රමණ රටා වියමනට අනුකූලව එකී කිරණ ශක්ති කැටිකොට ජන්ම පත්‍රයක් (කේන්දරයක්) සකස් කළ හැකිය. කේන්දරයේ කොටු 12 හරහා දැන ගත යුතු කරුණු අති විශාලය. එක් කොටුවකින් කරුණු 40කටත් වඩා ගැබ් වී තිබෙන බැව් ජ්‍යොතිෂ විද්‍යාවේ එක්තරා මූලාශ්‍රීය පදනමකි. මේ බව මිනිස් සිරුරේ පූර්ණ ක්‍රියාකාරීත්වය ඉතාම පහසුවෙන් නිරීක්ෂණය කිරීමේදී හෙළි වේ.

දරුවාගේ ශාරීරික වැඩීම රෝගී හෝ නිරෝගී බව, අධ්‍යාපනයට, ඉගෙනීමට දක්ෂ ද උදාසීනද, උසස් අධ්‍යාපනයක් ලබා උසස් මට්ටමේ රැකියාවක් හෝ වෙළෙඳ ව්‍යාපාර කටයුත්තක නියැළේද, විදේශ සබඳතා හෝ විදේශ ගත රැකියාවකට සබඳතා ගොඩ නැඟේද, ආර්ථිකමය මූල්‍ය සම්පත්වල දුබලතා හෝ වර්ධන වේගයක් තිබේද, පෙම් සබඳතා සාර්ථක වේද, විවාහවීම හෝ අවිවාහක ග්‍රහයෝග තිබේද යන්නත්, යුගදිවිය දිවි ඇති තෙක්ම සාර්ථකත්වයෙන් ගෙන යෑමට වාසනාව ඇද්ද, රෝගාබාධ හට ගැනීමෙන්ම නිදන්ගත හෝ ජානමය ව්‍යාධිවලට ලක්වේද, ඉඩකඩම් දේපොළ මෙන්ම භෞතිකමය සැප සම්පත් හිමිවේද, නැත්නම් දුගී බවෙන් පෙළෙන්නේද කායික හා මානසිකමය සංවර්ධිත සතුට සැනැසුම ළඟාවේද, නීතිමය ගැටලු හා රහස් සතුරු පීඩාවලට ලක්වේද, යන ජීවිතයට බලපාන සුවිශේෂී දහසක් කරුණු ගැන නිරීක්ෂණය කර ගැනීමට ඔහුගේ හෝ ඇයගේ කේන්දරයෙන් හැකිවේද? යන්න අප සැමට ඇති ගැටලුවකි. පිළිතුර නම් උගත් දක්ෂ අත්දැකීම් බහුල ජ්‍යොතිෂවේදියකුට පුද්ගලයකුගේ කේන්දරය පරීක්ෂා කර බැලීමෙන් වටහා ගැනීමට හැකි වන්නේය යන්නයි. මිනිත්තු කිහිපයකින් කේන්දරයක් පරීක්ෂා කිරීමට නොහැකිය. එයට සෑහෙන කාලයක් මිඩංගු වේ.

පරිගණකයේ දත්තවල කිසියම් සීමාවක් තිබේ. එහෙත් පළපුරුද්ද අත්දැකීම් හා තර්ක විතර්ක ඥාන සම්භාරය පොතට පමණක් සීමානොවී බොහෝ ඇසූ පිරූ තැන් පරිදි ජීවිත කතාවෙන් අනාවරණය කරගැනීම ඉතාමත්ම නිවැරැදි පිළිවෙතයි.

වෛද්‍ය අංශයෙන් පවා සොයාගත නොහැකි කරුණු කේන්දරයේ කොටුවලින් පැහැදිලි වන බැව් ඇත්තකි. අල්ප දැනුමකින් මෙය කළ නොහැකිය. ජ්‍යොතිෂවේදියෙක් යනු සෑම මොහොතකම ඉගෙන ගන්නා අයෙකි. මෙහි කෙළවරක් නැත. මහා සාගරය බඳුය.
සේවාදායකයෙක් ජ්‍යොතිෂවේදියකු වෙත පැමිණි විට ක්ෂණික පිළිතුරු සැපයීම එතරම් යෝග්‍ය නොවේ.

ගැඹුරින් පරීක්ෂා කර සේවාදායකයාගේ මානසික හැසිරීම මැනැවින් හඳුනාගෙන උපදෙස්දීම තැනට සුදුසු වන්නේය. කේන්දරය බලා මේ දරුවාට ඉගෙන ගන්න බැහැ. ඉගෙන ගත්තත් වැඩක් නැහැ. රක්ෂාවක් කරන්නවත් බැහැ. මහා ග්‍රහ අපලයක් තිබෙන්නේ යැයි මව්පියන්ට පැවැසීම යුක්තිසහගතද? මේ කේන්දරවල හැටියට විවාහය කඩා වැටෙනවා. දෙන්නා අතර ගැටුම් වගේම දික්කසාද වන බැව් පැවැසීමෙන් වන්නේ කුමක්ද?

කුජ, ශනි, රාහු 7 සිටි පළියට එහෙම වෙයිද? පොරොන්දම් ලකුණු මදි. ලකුණු 36ම තියෙන්න ඕනෑ යැයි පැවැසීමට මුළාකිරීමක් නොවේද?
විවාහ වුණත් දරුඵල නැහැ. ගබ්සාවීම් සිදුවේවි යන බියකරු ප්‍රකාශවලින් වන්නේ යුගදිවියට කණකොකා හැඬීමකි. අද වන විට එවැනි ප්‍රකාශන ඕනෑතරම් සමාජයෙහි දෝලනය වෙයි. (ප්‍රසව හා නාරිවේද වෛද්‍යමය කරුණු අතිවිශාලය.)
විවාහ වෙන්නට ඉඩනොදී අනපේක්ෂිත අන්දමට බිය ගැන්වීමත්, දරුඵල නොමැති බවත්, දෙදෙනා අතර කායික මානසික ගැටුම් ඇති වන වගත්, කල් තියා ප්‍රකාශ කිරීමෙන් වන යහපත කුමක්ද?

අඟල් 03ක දිවකින් අඩි 06ක කෙනකු මරා දැමිය හැකිය. මොළය උඩ වාඩි වී සිට කරන මේ ප්‍රකාශ අතිශයින්ම විනාශකාරී නොවන්නේද?
ජ්‍යොතිෂවේදියකුගෙන් ඉටුවිය යුතු පරම සේවය වනුයේ ඔහුට අවශ්‍ය දෙය නොව සේවා දායකයාට අවශ්‍ය වන දෙයට නිවැරැදි පිළිතුරු හා උපදෙස් සැපයීමයි.
කෙනකු කේන්දරයක් රැගෙන එන්නේ අන්ත අසරණ තත්ත්වයට වැටුණ විටයි. එවන් මොහොතක ජ්‍යොතිෂ හෝ ගුප්තවේදියා කළ යුත්තේ මනස දැන හඳුනාගෙන ජ්‍යොතිෂමය හෝ ගුප්ත විද්‍යාත්මක ප්‍රතිකාර කිරීමය.

එසේ නැතිව මොනර කොළ දඩයමේ යන්න සැරසුණහොත් සේවාදායකයා කබලෙන් ළිපට වැටෙනු නියතයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

සුන්දරත්වය කැටි වූ විශිෂ්ටතම සනීපාරක්ෂක භාණ්ඩ ‘කොලෝමා’

Next Post

වොල්ගාගේ පෙම්වතා මාධ්‍යයට කළ ප්‍රථම හෙළිදරව්ව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.