දශක හතරක් ලොව පුරා විශ්වාසය දිනා ගත් ලංකා වෝල්ටයිල්ස් සමූහ ව්‍යාපාරය විසින් ‘කොලෝමා’ වෙළෙඳ නාමයෙන් නවතම සනීපාරක්ෂක නිමැවුම් පෙළක් හඳුන්වා දීම පසුගියදා ලංකා ටයිල්ස් නාවල ප්‍රදර්ශනාගාරයේදී උත්කර්ෂවත්ව සිදු කෙරිණි. ආකර්ෂණීය නිමාවකින් යුතු විශිෂ්ට තත්ත්වයේ කොලෝමා සනීපාරක්ෂක භාණ්ඩ ඉතා දියුණු තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුගතව නිෂ්පාදනය වී ඇත.
මෙහිදී සුඛෝපභෝගී නානකාමර කට්ටල ඇතුළු ආකර්ෂණීය නිෂ්පාදනයන් රැසක් හඳුන්වා දීම සිදු කෙරිණි. ඒවා අතර වෝටර් ක්ලෝසෙට්ස් (Water closets) ඉහළ ප්‍රායෝගිකත්වයෙන් යුතු වොෂ් බේසින් (Ultra functional wash basins) කවුන්ටර් ටොප්ස් (Counter tops) යනාදියද විය.











