• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කිරි දානයකින් හරි ප්‍රතිඵල ලබන්නේ කොහොමද

June 27, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
කිරි දානයකින් හරි ප්‍රතිඵල ලබන්නේ කොහොමද
Share on WhatsAppShare on Facebook

ජීවිතයට සෞභාග්‍ය උදාකරමින් සියලු වස්දොස් දුරු කරමින් සශ්‍රීකත්වය වර්ධනය කෙරෙන උතුම් වූ කිරි අම්මාවරුන්ගේ දානය පත්තිනි මෑණියන් උදෙසා පහත ආකාරයට පැවැත්වීමෙන් ඔබත් මාහැඟි අනිශංස ලබාගන්න. පුරාණයේ සිට අප හෙළ සංස්කෘතියේ සුවිශේෂ සලකුණක් ලෙසින් හැඳින්වෙන පත්තිනි දේවිය මුල්කරගනිමින් සිංහල බෞද්ධ නිවෙස්වල පැවැත්වෙන පිරිසිදු හා උතුම්ම පූජා විදියක් ලෙස කිරි අම්මාවරුන්ගේ දානය හඳුන්වනු ලබනවා. එම දානයේ ආනිශංස අතිමහත්ය.

මේ තුළින් අප සංස්කෘතියේ අභිමානය කියාපානු ලබනවා. විවිධ වූ අපල උපද්‍රවයන්, ලෙඩ රෝග, ව්‍යාධි, කරදර බාධා, රැකී රක්ෂා හා විවාහ බාධා, දරුපල ගැටලු මෙන්ම ජීවිතයේ අනේකවිධ වූ ගැටලු දුරුකර ගනු වස් බොහෝ සිංහල බෞද්ධ ජනතාව පත්තිනි දේවියට බාරහාර වීමෙන් අනතුරුව අදාළ කාලසීමාව තුළ එම පොරොන්දුව ඉටුකිරීම පිණිස පැවැත්වෙන ඉතා විශේෂ මෙන්ම අනභිභවනීය පූජා ක්‍රමයක් ලෙස කිරිඅම්මාවරුන්ගේ දානය හඳුන්වා දිය හැකිය. මෙම සත් කටයුත්ත නියමාකාරයෙන් පැවැත්වීමෙන් තම තමන් බලාපොරොත්තු වන්නා වූ ප්‍රතිඵල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීමේ හැකියාව පවතී.

කිරි අම්මාවරුන්ගේ දානයේදී එම උතුම් වූ පූජාව සඳහා කිරි අම්මාවරුන් තෝරාගැනීමේදී කරුණු රාශියක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා තෝරාගන්නා කාන්තාවන්,
• පතිදම් රකින සිල්වත් අය විය යුතුය.
• දිළිඳු බවින් යුතු බිලිඳුන් සිටින අය විය යුතුය.
• කුලහීන නොවන අය විය යුතුය.
• කණවැන්දුම් නොවූ, ආගම දහම කෙරෙහි භක්තිමත් අය විය යුතුය.

ඉහත දැක්වූ කාරණා සම්පූර්ණ වූ මව්කිරි බොන බිලිඳුන් සිටින කාන්තාවන් වැඩි දෙනකු සහිතව කණවැන්දුම් ස්ත්‍රීන් තෝරා නොගෙන (වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ගේ කණවැන්දුම් භාවය පිළිබඳ ගැටලු මතු නොවේ.) මෙම කණ්ඩායම කාන්තාවන් 7 දෙනකු වන සේ නිසි පරිදි තෝරාගැනීම තුළින් මෙම උතුම් ශාන්තිකර්මය සිදුකිරීමෙන් බලාපොරොත්තු වන යහපත අපට සර්වප්‍රකාරයෙන්ම ඉටුකර ගැනීමේ හැකියාව පවතී.

කිරි අම්මාවරුන්ගේ දානය සඳහා ආරාධනා කිරීමේදී පහත සඳහන් කාන්තාවන් තෝරා නොගත යුතුය.

• අනුන්ගේ ඕපාදූප සොයමින් කේලාම් කියමින් උනුන් කොටවමින් නිතර රණ්ඩු කරන සැර පරුෂ හික්මීමක් නොමැති අසංවර ස්ත්‍රීන්
• දරුවන් නොලැබූ වඳ ස්ත්‍රීන්
• මස් මාළු විකුණන හා ඒවා අනුභව කරන ස්ත්‍රීන්
• අභිසාරිකාවන් හා මත්පැන් පානය කරන ස්ත්‍රීන්
• සැමියා අකාලයේ මියගිය වැන්දඹු කාන්තාවන්
• ලැබූ දරුවන් සියලු දෙනා මියගිය කාන්තාවන්
• ඉතා මහලු හා දුර්වල, අසනීප සහිත හැරමිටි වාරුවෙන් ගමන් කරන අය
• සුවකළ නොහැකි කුෂ්ට රෝගයන්ගෙන් පෙළෙන අය
• අන්ධ හා බිහිරි අය
• උපතින් හෝ පසුව අත් පා බිඳීම් ආදියෙන් අංගවිකල වූ අය
• අංශභාග හෝ අපස්මාර රෝගී වූවන්

පත්තිනි දේවිය දොළොස් වාරයක් හා සත් වාරයක් මොලොව පහළ වී ඇති බව ජනප්‍රවාදයේ සඳහන්ය. ඒ අනුව සත් වාරයක් මොළොව පහළ වූ ආකාරයට අනුව සිද්ධපත්තිනි, සළඹපත්තිනි, අඹපත්තිනි, මල් පත්තිනි, ගිනිපත්තිනි, දේවපත්තිනි, සත් පත්තිනි, යන පත්තිනි මාතාවන්ගේ නම් හත වෙනුවට අම්මාවරු 7 දෙනකු මෙම දානය සඳහා සහභාගි කරගනී. කිරිබත්, කැවුම්, කිරියා හා කෙසෙල් ගෙඩි ඇතුළු තවත් රස කැවිලි වර්ග ප්‍රධාන කොට ගනිමින් සෙනසුරාදා හෝ බදාදා යන දින මූලික කොට ගනිමින් ඔබත් වසරකට වරක්වත් තම නිවෙසේදී හිමිදිරි උදෑසන මෙම දානය පැවැත්වීම තුළින් මහඟු ප්‍රතිඵල උදාකර ගන්න.

ජ්‍යොතිෂ හා වාස්තුවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

S-lon රූෆින් අපනයනය ආරම්භ කරයි

Next Post

සෙලාන් බැංකුව හා යුනිමෝ අතර නවතම සහයෝගීතාවයෙන් වාහන මිලදීගැනීමට අවශ්‍ය ලීසිං විසඳුම්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.