සෙලාන් බැංකුව හා යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමූහයේ සාමාජිකයකු වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් (යුනිමෝ), අතර ගොඩනංවා ගත් නවතම සහයෝගීතාව මගින් පාරිභෝගිකයන්ට වාහන මිලදීගැනීම සඳහා අවශ්‍ය ලීසිං විසඳුම් ඉතා පහසුවෙන් ලබාගැනීමේ වටිනා අවස්ථාවක් නිර්මාණයකර තිබේ. යුනිමෝ සමාගම ගෙන්වා බෙදාහරින DFSK ආසන 7 SUV රථ, Glory 330 MPV රථ හා Z100 කාර් රථ තොග සීමිත ප්‍රමාණයක් සඳහා මෙම සුවිශේෂ ලීසිං පහසුකම් ලබාගැනීමට හැකියාව තිබේ. මෙම වාහන මිලදීගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරන පාරිභෝගිකයන්ට ලීසිං පහසුකම් සඳහා ලියාපදිංචිය නොමිලේ හිමිවන අතර, විශේෂ පොලී අනුපාත යටතේ නම්‍යශීලී නැවත ගෙවීමේ යෝජනාක්‍රමද ලබාදීමට සෙලාන් බැංකුව කටයුතු කරයි. එසේම ලීසිං පහසුකම් ලබාගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාදීමටද සෙලාන් බැංකුව කටයුතු කරන අතර, තමන් කැමැති රක්ෂණ සමාගමක් වෙතින් වට්ටම් සහිත රක්ෂණ වාරික ගෙවීමේ අවස්ථාවන්ද හිමිකරගැනීමේ හැකියාව ලබාදී තිබේ. එසේම යුනිමෝ සමාගම නොමිලේ වාහන ලියාපදිංචි කරගැනීමේ හැකියාව පාරිභෝගිකයන් වෙත ලබාදී තිබෙන අතර, මෙම සහයෝගීතාව යටතේ DFSK 580 හා Glory 330 රථ මිලදී ගන්නා සෙලාන් ලීසිං පාරිභෝගිකයන්ට වටිනා වට්ටම් හා නොමිලේ සේවා අවස්ථා ලබාදීමටද කටයුතු කරයි.
වාණිජ හා ප්‍රවාහන ක්ෂේත්‍රයන්ට සම්බන්ධ ආයතනවලට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත පහසු නැවත ගෙවීමේ වාරික සැලසුම් යටතේ වාහන මිලදීගැනීමට අගනා අවස්ථාවක් නිර්මාණයවී තිබේ.