ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri Lanka Latest News
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල්වරිය ලෙස දැනට සේවය කරනු ලබන පී. කේ. එල්. එස්. පඬුවාවල ලබන අගෝස්තු 20 වන දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, පුරප්පාඩු වන සර්වේයර් ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අතිරේක සර්වේයර් ජනරාල්වරියක ලෙස සේවය කරනු ලබන, ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරි ඕ. ටී. එම්. අයි. තිලකරත්න 2026 අගෝස්තු 20 වන දින සිට පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.










